Monday, January 26, 2015
සැබෑ 'මෛත්‍රී පාලනයකට' පෙර 'යහ පාලනයක්'
අහිංසක දුගී දුප්පතුන් ගේ බඩට ගසා රටේ ධනය සොරා කා සතුටින් පැනගිය සාටක සුනඛයා.....ළමුන් පවා රැවටූ සැටි...!!!!
නිසැකයෙන්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව හිටපු ජනාධිපතිවරයා විශ්වාස කරන ලද්දේ තම ඡන්ද ව්‍යාපාරයේදී දුටු දහස් සංඛ්‍යාත ජනකාය සැලකිල්ලට ගනිමිනි. මේ බහුතරය පැමිණ සිටියේ රාජ්‍ය බලය, උපරිමව යොදාගනිමින්, ඔහු වටා සිටි දූෂණයට, භීෂණයට, අල්ලසට, ජාවාරමට, කුඩුවලට, එතනෝල්වලට සුප්‍රකට දේශපාලකයන්ගේ ආයාසකර බලපෑමෙන් බව ඔහු නොදැන සිටියේ වී නම් එය කමාවට හේතුවකි. තමාගේ සෑම රැස්වීමකටම සෙනඟ එකතු කරන ලද්දේ 150 කින් පමණ සමන්විත ශ්‍රී ලංගම බස්රථ බලඇණියකින් බව ඔහු නොදැන සිටියේ නම් වුව ඔහුට ඊට ද කමා කළ යුතු වේ. මන්ද, ඒ තරමටම ඔහු වටා සිටි බලගතු 'කාඩරයක්' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව යස අගේට 'ඇන්දවූහ'. එසේ අන්දන අතරතුර, රාජපක්ෂගේ 'අනුකම්පාව' ද 'යටි හිත' ද දිනාගත් මේ පිරිස නීති විරෝධී ක්‍රියා මගින් ධන උල්පත් සාදා ගනිමින් පාලන තන්ත්රයම කා දැමූහ.
පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන උදෘතය වූයේ රට තුළ 'යහපාලනයක්' ඇති කිරීමය. ඔහුට ඡන්ද සලකුණ දුන්, පැරණි ජනාධිපති අපේක්ෂකයකු වූ ජනරාල් සරත් ෆොන්සේකා ද මෙවර මෙන්ම, ඔහුගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදීත් 'යහපාලනයක් ගොඩනැගීම' ගැන කතා කළා අපට මතකය. මෙවර මැතිවරණයේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමේලා ප්රමුඛ කාර්යභාරයක් ඉටුකළ එජාපයේ නායක, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ, එම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, පොදු අපේක්ෂක සංකල්පයේ නිර්මාතෘ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, හෙළ උරුමයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමි මෙන්ම වත්මන් අමාත්‍ය පාඨලී චම්පික රණවක වැන්නවුන් කතා කළේම 'යහපාලනයක් රට තුළ ඇති කිරීම' ගැනය. එයින් අදහස් වන්නේ රට තුළ යහපාලනයක් නොතිබූ බවය. හිටපු ඉඩම් ඇමැතිවරයා, ජනක බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු සභා ගර්භයේදී තමා නියෝජනය කළ (මහින්ද රාජපක්ෂ) ආණ්ඩුවම විවේචනය කළේ කුඩුකාරයන්, හොරුන්, දූෂකයන්, එතනෝල්කරුවන් පාර්ලිමේන්තුවට පැමිණීම රටේ විනාශයට හේතු වූ බව කියමිනි. ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ මෙම ප්‍රකාශය පාර්ලිමේන්තු සභා ගර්භය පමණක් නොව, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ද එම විධායකය ද හෙල්ලුම් කෑ ප්‍රකාශයක් බවට පත්වූවා නිසැකය.
ඔහු ඒ කළේ ජ්‍යෙෂ්ඨ ශ්‍රීලනිප සාමාජිකයකු වුවත් ඔහුට පක්ෂය තුළින්ම විඳින්නට සිදු වූ 'බරපතළ අසාධාරණයකට' එරෙහි හඬ අවදි කිරීමකි. මේ අවදි කිරීම 'තටු කපා' සිටි ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මැති - ඇමැත්තන්ට මෙන්ම, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ 'යහපාලනයක් බලාපොරොත්තුව' සිටි බොහෝ දෙනකුට අස්වැසිල්ලක් වූවා නිසැකය. හිටපු විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු හෙළ උරුමයේ රතන හාමුදුරුවන් විසින් ප්‍රකාශයට පත්කළ 'පිවිතුරු හෙටක්' වැඩසටහන 'යහපාලනයක' 'තවත් වෙඩි මුරයක්ම' විය නොහොත් හෙළ උරුමයේ වෙන්ව යැම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පැවැත්මට 'කණ කොකා' හැඬවීමක් බවට පත්විය.
අල්ලස, දූෂණය, භීෂණය, ජාවාරම ඉහ වහා ගිය ද යුද්ධය දිනූ 'එඩිතර' නායකයා ඒවා එතෙක් තඹේකටවත් මායිම් කළේ නැත. සියල්ල පාර්ලිමේන්තුවේ 'බහුතර බලය' මගින් යටපත් කළ හැකි බව විශ්වාස කළ හේ, දූෂකයන්, භීෂකයන්, ජාවාරම්කරුවන් ආරක්ෂා කළා පමණක් නොව, තවත් වසර අටකට බලය තමාට ලබාගත හැකි බව ද මහත් සේ විශ්වාස කළේය. එනමුත් අතුරලියේ රතන හිමි ප්රමුඛ හෙළ උරුමය මගින් සොලවා තිබුණු 'මුදුන් මුලේ' 'කඳ ගලවා බිම දමන්නට' ශ්‍රීලනිප මහ ලේකම්, අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ නික්ම යැම නිතැතින්ම හේතු සාධක විය. එනමුත් තමා නිසැකයෙන්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව හිටපු ජනාධිපතිවරයා විශ්වාස කරන ලද්දේ තම ඡන්ද ව්‍යාපාරයේදී දුටු දහස් සංඛ්‍යාත ජනකාය සැලකිල්ලට ගනිමිනි. මේ බහුතරය පැමිණ සිටියේ රාජ්‍ය බලය, උපරිමව යොදාගනිමින්, ඔහු වටා සිටි දූෂණයට, භීෂණයට, අල්ලසට, ජාවාරමට, කුඩුවලට, එතනෝල්වලට සුප්‍රකට දේශපාලකයන්ගේ ආයාසකර බලපෑමෙන් බව ඔහු නොදැන සිටියේ වී නම් එය කමාවට හේතුවකි. තමාගේ සෑම රැස්වීමකටම සෙනඟ එකතු කරන ලද්දේ 150 කින් පමණ සමන්විත ශ්‍රී ලංගම බස්රථ බලඇණියකින් බව ඔහු නොදැන සිටියේ නම් වුව ඔහුට ඊට ද කමා කළ යුතු වේ. මන්ද, ඒ තරමටම ඔහු වටා සිටි බලගතු 'කාඩරයක්' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව යස අගේට 'ඇන්දවූහ'. එසේ අන්දන අතරතුර, රාජපක්ෂගේ 'අනුකම්පාව' ද 'යටි හිත' ද දිනාගත් මේ පිරිස නීති විරෝධී ක්‍රියා මගින් ධන උල්පත් සාදා ගනිමින් පාලන තන්ත්රයම කා දැමූහ. පාර්ලිමේන්තුව එකම විකට මඬුවක් බවට පත්කරගත්හ. පාර්ලිමේන්තුව (පාසල්) දරුවන්ට නොගැලපෙන, නුසුදුසු තැනක් බවට පත්කරන ලද්දේම එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය මගිනි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන වැනි රටක් පිළිගත් චතුර කථිකයන් කෘතහස්ථ දේශපාලනඥයන් පවා සන්ධාන රජයේදී හැසිරුණේ ආණ්ඩුවේ 'කුණු සෝදන' විරුද්ධ පාක්ෂිකයන් හෑල්ලුවට ලක්කරන 'යන්නේ කොහේදැයි අහනකොට මල්ලේ පොල්' වැනි උත්තර දෙන තුට්ටු දෙකේ දේශපාලකයන් ගානටය. ඔවුන් කළේ වැල යන අතට මැස්ස ගැසීමේ ආණ්ඩු පක්ෂයේ බහුතරය විපක්ෂයෙන් නගන ප්‍රශ්න පත්රවලට හෝ චෝදනාවලට අවංක, සෘජු, නිහතමානී සහ සත්‍යවාදී පිළිතුරු දෙනු වෙනුවට කතා කළේ 'කෝමෝක්' කතාන්දරය එවිට 'අනේ මෙහෙමත් රටක්' යෑයි ජනතාව කියූ කතා ජනාධිපති මහින්ද රාජපක්ෂට ඇසුණේ නැත. එක්සත් ජනතා නිදහස් සන්ධාන, ජනපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තරම් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කළ තවත් පාර්ලිමේන්තුවක් මේ රටේ නැති තරම්ය. ජනතා පරමාධිපත්‍ය හෑල්ලුවට ලක්කළ තුනෙන් දෙකක බලය ඊට හේතු විය. ජනක බණ්ඩාර තෙන්නකෝන් කියූ පරිදි කුඩුකාරයන්, දූෂකයන්, භීෂකයන් හා එතනෝල්කාරයන් හරි අපූරුවට පාර්ලිමේන්තුව තුට්ටු දෙකට ඇද දැමුවා පමණක් නොව 'බා ගෙන කන්නට' තිබූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව හා රටේ සම්පත් ඉහගෙන ද කෑවෝ' ය. සංවර්ධන කඩතුරාවෙන් වසා දමා තිබූ 'ධනෝපායන පිsටියේ' කරණම් ගැසූ කපටි, වංචනික දේශපාලකයෝ යථා, අයථා ක්‍රමවලින් මිලියන බිලියන ගණනින් මුදල් උපයා ගනිද්දී ඊට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහකර දැමීමට ජනතාව ගත් තීන්දුවට මූලික හේතු විය.
පුද්ගලයකු වශයෙන් මහින්ද රාජපක්ෂයන් බහුතර ජනතාව අතර අදත් ගරු බුහුමන් ලබන තැනැත්තෙකි. යුද්ධය පරදා රටට සාමය ගෙනා නායකයා ඔහුය. එහෙත්, එසේ වූ පමණින් ඔහුගේ පවුල් පාලනය, අල්ලසට, දූෂණයට, වංචාවට, හොර, මැර, තක්කඩිකම්වලට ඉඩ දී නිහඬ - නියාලු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ජනතාව වසර දහයකට වඩා ඉවසුවේ නැත. 'මෛත්‍රී පාලනයකට' ත් වඩා ජනතාව 'යහපාලනයකට' කැමැත්ත පළකරන ලද්දේ එහෙයිනි. ජීවන වියදම සමනය කරගැනීම ද ජනතාව බලාපොරොත්තු වූ ප්‍රධාන කාරණයකි. එහෙත් කා තුළත් 'යටි හිතේ' කැකෑරෙමින් තිබූ ප්‍රධානතම බලාපොරොත්තුව රටේ යහපාලනයක් ඇතිවනු දැක්මය. පෙරකී පරිදි කුඩුකාරයන්ට, දූෂකයන්ට, භීෂකයන්ට, එතනෝල්කරුවන්ට, එහාට මෙහාට පනින 'ගස් ගෙම්බන්ට' 'ගෙබ්බන්පිලලාට' පාඩමක් උගන්වනු පිණිසය.
මැතිවරණ ව්‍යාපාරයේදී එහාට මෙහාට පනිනවුන් රටේ ඡන්ද පදනම කාදමන, ජනතා පරමාධිපත්‍ය කෙළසන සදාචාර විරෝධීන් පිරිසක් වුවද මහින්ද රාජපක්ෂ රජය තමන් වෙත ආ විරුද්ධ පාක්ෂිකයන් පිළිගත්තේම එය 'ඉහළ සංස්කෘතික වටිනා අංගයක්' ලෙසය. තමන් වෙත පැමිණෙන්නන්ට පඬුරු, පාක්කුඩුම් ලබාදුන් හෙතෙම, පක්ෂ, පාට, පිල් මාරු කිරීම විලාසිතාවක් මෙන්ම රටේ සම්ප්රදායක් සහ අවශ්‍යතාවක් ලෙස සැලකුවේය. එහෙත් මෙම සදාචාර විරෝධී ක්‍රියාව අල්ලස් දීමක්, රටේ යහපාලනය බිඳ දැමීමක් බව හේ කිසි ලෙසකින්වත් නොසැලකීම ෙ€දනීයය. බෞද්ධ නායකයකුට තරම් නොවටී. "මහ ලේකම්වරයාට.... මහ ලේකම්වරයකු..." නොහොත් 'ලෙයට - ලෙය' ඔහුගේ සංකල්පය වූ බව අපි දුටිමු. බෞද්ධ ඉගැන්වීම්වල එන යහපාලනයේ සප්ත 'අපරාහානීය ධර්මය' වෙනුවට අවසන් මැතිවරණ ව්‍යාපාරයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සිදුකරන ලද්දේම විරුද්ධ පාක්ෂිකයන් බිලී බාගන්නා 'ඩීල් දැමීමේ' සම්ප්රදායකි. මහින්ද රාජපක්ෂ 'හොඳ ප්‍රතිරූපයක්' වුවත් ඔහු ගෙදර යවන්නට ජනතාව තීන්දු කළේ මේ 'ඩීල්'(ජාවාරම්) දැමීමේ' සංස්කෘතිය තවදුරටත් ඉවසාගෙන සිටිය නොහැකි නිසාය. තවත් වසර අටකට එවන් සංස්කෘතියකට රට භාර නොදෙනු පිණිසය. බිඳවැටෙන මේ සංස්කෘතියේ උදෘතය ග්‍රහණය කරගන්නට එවක පොදු අපේක්ෂක වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දක්ෂයකු විය.
ඔහුගේ ප්රචාරක ව්‍යාපාරය සැලසුම් වූයේම බිඳවැටී ඇති 'යහපාලනය' රට තුළ යළි ස්ථාපිත කිරීම සඳහාය. මෛත්‍රීපාලයන් ජයග්‍රහණය කළේම ඒ 'යහපාලන සංකල්පය' නිසාමය. කවුරුත් ඉල්ලූ 'වෙනස් වෙනසක් නොව, හොරකම, දූෂණය, භීෂණය, මැරකම, ජාවාරම පිටුදැකීම මගින් ඇතිකරනු ලබන ආර්ථික අගහිඟකම් අවම, යහපත් ජීවන වටපිටාවකි. ඒ නැතිව 'විධායක ජනාධිපතිකම' අහෝසි කිරීමේ පොරොන්දුව මෙවර මැතිවරණ ජයග්‍රහණයට හේතු වූයේ නැත. මෙවන් යහපත් ජීවන වටපිටාවක් නිර්මාණය කිරීම අද 'මෛත්‍රී පාලනයක' ඇති මීළඟ අභියෝගයයි. රට මෙතෙක් ගමන් කළ 'පීල්ල මාරු' කිරීම පහසු දෙයක් නොවන අතර, එය අපහසු දෙයක් ද නොවේ. 'විධායකයට' එය ඉතා හොඳින් කළ හැකි අතර, වර්තමානයේදී ජනාධිපතිවරයා සහ 'ජාතික ආණ්ඩුව' එය බොහෝ දුරට ඉටුකරමින් සිටී. එහෙත්, ගැටලුව වී ඇත්තේ එදා මහින්ද රාජපක්ෂ වටා සිටි දූෂිත දේශපාලකයන් අද මෛත්‍රී පාලනයක් සඳහා අත්වැල් බැඳගැනීමට පැමිණීමය.
මහින්ද රාජපක්ෂයන් නැති කළ, ජනතාවට අපුල දේ වපුල, පාර්ලිමේන්තුව ද, ආණ්ඩුව ද අප්‍රිය කළ 'මයික් කටාලා' අද මෛත්‍රී පාලනයකට ආවැඩීමය. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත හෙළීම මෙන්ම හොරකං කළ වුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම ද මෛත්‍රී පාලනයේදී ජනතාව බලාපොරොත්තු වන කාරණයකි. ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ සංවිධාන රැසක් ඒ සඳහා දැනටමත් කටයුතු කරමින් පවතී. ඔවුන් කියන පරිදි 'සෙටප්a' කරන ලද පාර්ලිමේන්තුවක් යහපාලනයේ බලාපොරොත්තුව නොවේ. මන්ත්‍රී ආසන 225 ක් ඇති පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් පෙන්වීම යහපාලනය නොවේ.
එක්සත්ව, එක්සිත්ව බහුතරය රැස්කරමින්, සැබෑ විරුද්ධ පක්ෂයකට ද ඉඩ තබා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම කළ යුතු වුවද දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබේ. එය තෝරා බේරා ගෙන සිදුකිරීම මෛත්‍රී පාලනයක දැඩි අභියෝගයකි. සදාචාරවත් දේශපාලන සංස්කෘතියක් රට තුළ ඇතිකිරීම මෛත්‍රී පාලනයක අභියෝගයකි. දේශපාලකයන්ට තමන්ට ඕනෑ ඕනෑ ආකාරයට හැසිරෙමින් මුදල් උපයමින් ප්‍රාදේශීය සභාවේ, පළාත් සභාවේ සිට පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරයටත්, කතා කරන ආකාරයටත්, මාධ්‍යයට අදහස් දක්වන ආකාරයටත් එරෙහි චර්යාධර්ම පද්ධතියක් ඇතිකිරීම මෛත්‍රී පාලනයක මූලික අවශ්‍යතාවකි. විජයමුණි සොයිසා, මර්වින් සිල්වා වැන්නවුන් තම පිල පරාජයෙන් පසු හිටපු ජනාධිපතිවරයාට කතා කළ ආකාරයත්, තිස්ස අත්තනායක, උදය ගම්මන්පිල වැන්නවුන් තම මව් පක්ෂය හැරදා වෙනත් පිලකට ගොස් කරන අශිෂ්ඨ, ලඡ්ජාශීලී ප්‍රකාශ මෙන්ම විමල් වීරවංශ වැන්නවුන් තමන්ට වාසි රජය ආරක්ෂා කරගන්නට දක්වන මාධ්‍ය සංදර්ශන යනාදියත් එස්. බී. ලාගේ කාන්තාවන් නිරුවත් කරන කතා ද ජනතාවට මහත් අවුල දනවන, දේශපාලන සදාචාරයක් නැති දැ උදාහරණ ලෙස ගත හැකිය. මෙවන් තත්ත්වයන් තවදුරටත් රට තුළ සිදුවිය යුතුව නැත. දේශපාලකයන්ට කාන්තාවක් දූෂණයට, මිනී මැරුමට ඉඩ දිය යුතු නැත. වහ වහා දේශපාලනඥයන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් ක්‍රියාවට නැංවිය යුතුමය.
අල්ලසට, දූෂණයට, ජාවාරමට, භීෂණයට, නාස්තියට වැට බැඳිය යුතු අතර, ජනතාව ඉතා ඉහළින් බලාපොරොත්තුව සිටින රාජ්‍ය සේවය, සංඝ සමාජය, සංවර්ධනය සහ කොන්ත්‍රාත් (ඉදිකිරීම් ක්ෂේත්රය), කලාකරුවන් හා ක්‍රීඩකයන්, විශේෂයෙන්ම ආණ්ඩුවේ රූපවාහිනී, ගුවන් විදුලිය හා පුවත්පත් ඇතුළු මාධ්‍ය භාවිතය දේශපාලනීකරණයෙන් මුදාලීම 'යහපාලනයේ අත්‍යාවශ්‍යම ක්‍රියාමාර්ගය' වන අතර වේ. මේවා තවදුරටත් දේශපාලනීකරණය වී තිබීමෙන් යහපත් රටක් නිර්මාණය නොවන අතර, ජනතාවගේ යහපාලන අපේක්ෂාවන් ද බිඳවැටේ. හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හාමුදුරුවන් පැවසූ පරිදි ජනාධිපතිවරයා 'ඇන්දුම්කරුවන්ගෙන්' ප්‍රවේශම් විය යුතු අතර, ඇඳගැනීමේ විපාකද උගත යුතුය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එසේ නොව රජයේ යහපාලනයේ වඡ්ජීන්ගේ සප්ත අපරිහානී ධර්මය ගැන සිහිපත් කිරීම වටී. එය ක්‍රියාත්මක කිරීමය අභියෝගයක්ව ඇත්තේ.
එදා බුදුරදුන් ආනන්ද හිමියන්ට දේශනා කළ වඡ්ජීන්ගේ සප්ත අපරිහානි ධර්මය මෙවැනිය.
* වඡ්ජීහු නිතර රැස්වෙති.
* සමගිව එක්වෙති. සමගිව නැගී සිටිති. සමගිව කටයුතු කරති.
* නොපැණවූ නීති නොපණවති. පැනවූ නීති නොසිඳති. පැණවූ ධර්ම පිළිපදිති.
* වැඩිහිටියන්ට පුද සත්කාර, බුහුමන් කරති. ඔවුන්ගේ වචනය පිළිපැදීම සිතති.
* කුල ස්ත්රීන්ට හා කුල කුමරියන්ට තර්ජන හා බලපෑම් නොකරති.
* නගරය ඇතුළත හා පිටත වූ ඔවුන්ගේ චෛත්‍යවලට පුද සත්කාර බුහුමන් කරති. පෙර පැවත එන පිළියම් නොපිරිහෙලා කරති.
* ඔවුන්ගේ රටට පැමිණි රහතුන්ට සුවසේ විසීමටද, නොපැමිණි රහතුන්ගේ පැමිණීම සඳහා ද දැහැමි රැකවරණ යොදති.
බලන්න· මෙවන් දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනැඟීම කළ නොහැක්කක් නොවේ. අභියෝගය වී ඇත්තේ දූෂිත පාලනයක් රට තුළ ඇති නිසාය. එබැවින් සැබෑ 'මෛත්‍රී පාලනයකට' පෙර 'යහ පාලනයක්' අනිවාර්යයෙන්ම රට තුළ ඇති කළ යුතුය. දූෂිතයන්ට දඬුවම් දී 'යහපාලනය' ඇති කළ පසු, හැබෑ 'මෛත්‍රී පාලනය' නිතැතින්ම රට තුළ ස්ථාපිත වනු ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment