විමල් වීරවංස, උදය ගම්මන්පිල මේ වනවිටද ප්රසිද්ධියේ බැසිල් රාජපක්ෂට දෝශාරෝපනය කරමින් සිටින අතර ඉදිරියේදී බෞද්ධ භික්ෂුවක් ප්රමුඛ කොට ගත් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම චෝදනාව බැසිල් රාජපක්ෂ ට එල්ල කිරීමට සැලසුම් කර ඇති බව හෙළි විය.
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයවීමේ සම්පූර්ණ වගකීම බැසිල් රාජපක්ෂට පවරා නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා කරලියට ගෙනඒමේ සැලැස්මක ක්රියාත්මක වෙමින් තිබෙන බව අනාවරණය වේ.
රාජපක්ෂ පවුලේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේ ක්රියාකාරී වැඩකොටසක් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් බැසිල් රාජපක්ෂ සිදු කරමින් සිටියදී නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා එයට එරෙහිව ක්රියාත්මක වෙමින් ජාතික මැතිවරණ මෙහෙයුම ඔහුයටතට ගැනීමට උත්සාහ කළ බවය. මේ සම්බන්ධයෙන් බැසිල් සහ නාමල් අතර ඇතිබූ ගැටීමෙන් පසු බැසිල් රාජපක්ෂ එම කටයුතුවලින් ඉවත්වී සිටි බව වාර්තා වේ.
පරාජයෙන් පසුව මහින්ද නාමල් දෙදෙනා පරාජයේ වගකීමෙන් සම්පූර්ණයෙන් ඉවත් කර සියලු වගකීම බැසිල් රාජපක්ෂ මහතා වෙත පවරා නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාගේ අනාගත දේශපාලන ගමන්මග ස්ථාවර කරමින් මහින්ද රාජපක්ෂ තවදුරටත් ක්රියාකාරී දේශපාලනයේ යෙදීමට උත්සාහකරමින් සිටින බව වාර්තා වේ.
ලංකා ටෲත් අඩවියට අපගේ ස්තූතිය
Post a Comment