
අද ද යහපාලනේ යැයි දෙකොණ විළක්කු දල්වමින් ප්‍රෝඩාව වගුරද්දී....මහා පරිමාණ දේශපාළුවන් ඒ මේ අතට පනිමින් බලය නැවත අතට ගනිද්දී....රට පුරා ජනතාව රැවටීමට වංචා සොයද්දී ....මෙසේ රවටාලන ,රැවටෙන දුගී දුප්පතුන් රට පුරාය.බොරුවට කොත්තමල්ලි ඇට මිළ අඩු කරමින් බොරුවෙන් අහිංසක ජනතාව රවටනු වෙනුවට පුළුවන්නම් රටපුරා සිටින දුගී දුප්පතුන් නගා සිටුවීමේ අවංක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමු.
බඩේ බත් ඇටයක් නොමැතිව කුස ගිණි ඉවසාලිය නොහැකිව සියදිවි හානි කරගත් පිරිස කෙතරම්ද...!!! වංචාවෙන් රට රවටන ,ගසාකන දේශපාළුවන් හට දඬුවම් කළ යුතුවු ක්‍රමයක් නොමැත.
ඵහෙයින් හැමදාම උන් බලයේය.බලයේ සිටින විට උන්ගේ වටා ආරක්‍ෂාවද ඇත.
ජනතාව රැවටීමට මුන් යොදාගන්නේ විවිධ ක්‍රමය ,රවීන්ඳ්‍රන් කරුණානායගම් ඵයට උදාහරණයකී...කෝටි ගණනක විදේශ විනිමය නඩු ,සතොස වැනි ජාතික දේපළ විකුණා දැමූ මේ වංකයා අද සිය නම පමණක් නොව ඇඳුමද මාරු කොට ඇත.
සාටක සුණඛයන්ගේ කථා වස්තුවද ඵසේය...




Post a Comment