BREAKING NEWS

රටතොට

Monday, February 9, 2015

ජෝන් පැරදී පාර්ලිමේන්තුව විසිරෙව්වොත් විශ්‍රාම වැටුප් අහිමිවන මන්ත්‍රීවරු රොත්ත මෙන්න....!!!

මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංගට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් වහාම පාර්ලිමේන්තුව විසුරවාහරින බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා පවසා තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරවා හැරීමට යෝජනා වී ඇති අප්‍රේල් 23ට පෙර එය සිදු වුවහොත් අවුරුදු 05 සම්පූර්ණ වීමට ඉතා කෙටි කාලයක් පමණක් අඩු වන වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 69ක් සිටී. ඔවුනට යළි පාර්ලිමේන්තුව නියෝජනයට ඉඩක් නොලැබුණහොත් ඔවුනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමිවන විශ්‍රාම වැටුප අහිමිවනු ඇත.
 2010 මැතිවරණයේ ප්‍රතිඵල අනුව නවක මහජන නියෝජිතයින් 82ක් පාර්ලිමේන්මේන්තුව නියෝජනය කළද අප්‍රේල් 22ට වසර 05සම්පූර්ණ වන්නේ නියෝජිතයින් 69ට පමණි. අනෙක් නියෝජිතයින් පසුව ඇතිවූ පුරප්පාඩු හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අයවේ.
මෙසේ විශ්‍රාම වැටුප අහිමි වන්නේ 2010 වසරේදී පළමු වරට පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන්ටය. නමුත් යම් මන්ත්‍රීවරයෙක් නැවත පාර්ලිමේන්තුවට තේරීපත්ව, වසර 05ක කාලය සම්පූර්ණ කළහොත් ඔවුනට යලි විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ.

 විශ්‍රාම වැටුප අහිමිවීමේ අවදානමට මුහුණ දී සිටින නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකි මේ.

 දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තෙ, නාමල් රාජපක්ෂ, වී.කේ ඉන්දික, සනත් ජයසූරිය, මාලිනී ෆොන්සේකා, මනූෂ නානයක්කාර, සජින් වාස් ගුණවර්ධන, රමේෂ් පතිරණ, නිශාන්ත මුතුහෙට්ටිගම, තිලංග සුමතිපාල, උපේක්ෂා ස්වර්ණමාලි, මොහාන් ලාල් ග්‍රේරෝ, සුජීව සේනසිංහ, දුමින්ද සිල්වා, රෝසි සේනානායක, අජිත් පී පෙරේරා, පාලිත තෙවරප්පෙරුම, ජානක වක්කුඹුර, රන්ජන් රාමනායක, කනක හේරත්, එරාන් වික්‍රමරත්න, රජීව විජේසිංහ, ජේ.ආර්.පී සුරියප්පෙරුම, අනෝමා ගමගේ, ටිරාන් අලස්, හර්ෂ ද සිල්වා, ජානක බණ්ඩාර, ශාන්ත බණ්ඩාර, රංජිත් ද සොයිසා, සනී රෝහන කොඩිතුවක්කු, රුවන් රණතුංග, බුද්ධික පතිරණ, රුවන් විජේවර්ධන, විදුර වික්‍රමනායක, තේනුක විදානගම, සරත් වීරසේකර, අශෝක් අබේසිංහ, වසන්ත අලුවිහාරේ, අරුන්දික ප්‍රනාන්දු, වසන්ත සේනානායක,.....


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger