කොර මල් කොරව ගියාවේ
පර මල් පරව ගියා වේ
පර මල් පරව ගියා වේ
හොඳ මල් බුදුන්ට පූජාවේවා යනු අපේ පැතුමයි.
මල් වට්ටියක් වෙන්දේසියක් වැනි රමණීය ගීත ඇසෙන විට ඒවාට විවේචන ද එල්ල වුණි. කුසල් හාමි මාළු වළේ මාළු බාන සැටි කියැවෙන විට බෞද්ධයෝ නොරොක් වූහ. මල් කෙල්ලක් වැනි ගීත, සොර බොර වැවේ මල් නෙළූ දැරියගේ මරණය ගැන ගී කවි නිර්මාණ අපට අසන්ට ලැබුණි.
මල් වට්ටියක් වෙන්දේසියක් වැනි රමණීය ගීත ඇසෙන විට ඒවාට විවේචන ද එල්ල වුණි. කුසල් හාමි මාළු වළේ මාළු බාන සැටි කියැවෙන විට බෞද්ධයෝ නොරොක් වූහ. මල් කෙල්ලක් වැනි ගීත, සොර බොර වැවේ මල් නෙළූ දැරියගේ මරණය ගැන ගී කවි නිර්මාණ අපට අසන්ට ලැබුණි.
ප්‍රේමකීර්ති ද අල්විස් ගී පද රචකයා විසින් එදවස පුවත්පතකට ලබාදුන් සාකච්ඡාවක එක්තරා ගී පද පෙළක් අරබයා කර තිබූ විවේචනයක් හීනෙන් මෙන් සිහිපත් වෙයි. අපේ උරුමයේ අපේ සංස්කෘතියේ අංගයන්ට පහර එල්ලකරන්න එපා යනුවෙන් එහි කියැවිණි. ප්‍රේමකීර්ති එම ප්‍රකාශය කළ වසරට වඩා ලාංකික සමාජය හා සංස්කෘතිය අතින් සපුරා වෙනස් වී තිබේ. සංස්කෘතිය යන්න නිර්මල හෝ පවිත්‍ර හෝ නොවේ. එය එක තැනක පල්වන්නක් ද නොවේ. කවර හෝ සංස්කෘතියක භෞතික අංශයක් ද අදහස් ධර්මතා සහ වටිනාකම් යනු විසින් හැඳින්වෙන ද්‍රව්‍යාත්මක නොවන පාර්ශ්වයක් ද ඇත. මේවා සම්මිශ්‍රිතය. නිතර වෙනස් වේ.
බුදුන් පුදන මල් යන්න අපේ උරුමයේ භෞතික අංගයකි. මේ සංස්කෘතික චර්යාවෙහි පිටුපස ඇති හර දහම වර්ණයෙන් සුගන්ධයෙන් බුදුන් වහන්සේ පිදීමත් ගෞරව දැක්වීමත් එමෙන් ම එමල පරවන්නාක් මෙන් ජීවිතය ද ක්ෂණ භංගුර භාවය හඟවන අනිත්‍ය ධර්මය සිහි කිරීමකි. නියඟලා මල්, කිඩාරම් මල්, බාඳුරා මල්, ඇතැම් කනේරු මල් අමා මෑණියන් කෙරෙහි පුදනු නොලැබේ.
කොර මල් කොරව ගියාවේ
පර මල් පරව ගියා වේ
පර මල් පරව ගියා වේ
හොඳ මල් බුදුන්ට පූජාවේවා යනු අපේ පැතුමයි.
මල් වට්ටියක් වෙන්දේසියක් වැනි රමණීය ගීත ඇසෙන විට ඒවාට විවේචන ද එල්ල වුණි. කුසල් හාමි මාළු වළේ මාළු බාන සැටි කියැවෙන විට බෞද්ධයෝ නොරොක් වූහ. මල් කෙල්ලක් වැනි ගීත, සොර බොර වැවේ මල් නෙළූ දැරියගේ මරණය ගැන ගී කවි නිර්මාණ අපට අසන්ට ලැබුණි. ලෝකයේ කවර රටකට ගිය ද පුෂ්ප පොකුරු, කුසුම් දාම මල් පැස විකිණීමට ඇති බව පෙනේ. එහෙත් කාලෙකට පෙර මුදලට මල්ගෙන බුදුන් පිදීමක අපට අමුත්තක් විය. කෘෂි කර්මාන්තයේ වූ අත්තම් ක්‍රමය, සාමූහිකත්වය ගැන කියැවෙන විට කුරුලු පාළුව ගැන සිහි කරනවිට අපේ උරුමය, අපේ සැකැසිය ගැන පින් සිත් කුසල් දන්වැට අප කෙරෙහි පහළ වන්නේ ය.
පසුකලක මේ මල් විකුණන උප සංස්කෘතික ජීවන වත ගොත ගැන මානව දයාවෙන් යුතුව පරිකල්පනය කළ කවි සිතක ප්‍රතිඵල අස් ටී මස් මී කායේ කේසා කවි පොතේ කවියක දුටිමු. ගැමි දිවි පෙවෙත, ගහ කොළ, සතා සීපාව, මල්පල, දියවර ගැන කදිම කෙටිකතා පබැඳුම් සහ කවි නිමැයූ සනත් පියසේන කිවියාවෙහි මේ කවි සවිය අත්දුටුවෙමු.
“බණ මඩුවේ දී සතිපට්ඨානය තුළින් සිරුරේ අස්ථිර බව දකින උවසු උවැසියෝ බෝ මළුවට පැමිණි විට ඔවුන්ට දක්නට ලැබෙන විසූක දස්සනයන් තවත් අනිත්‍ය භාවනාවක් වූ ආකාරය සනත් සිය කවියෙන් පවසන්නේ උන්මත්තක සමාජය උපහාසයට ලක් කරමිනි. ඒ සඳහා ඔහු උපයෝගී කර ගෙන ඇත්තේ අපූරු වදන් සමූහයකි. මෙහි එන මුතු මැණික් රත්තරන් ආපෝ - තේජෝ - වායෝ - පඨවි මත ලොව රඳා පවතී යන මතය මානව ස්ඵුට කරයි. පරිසරයට ආදරය කරන්නන් දිගාසිරි ලබන බව සනත් මනාව සනාථ කරයි.” ගාල්ලේ බර්ලින් කවියා අප කවියාගේ පොතෙහි පසු වදනින් සිය අදහස් එසේ සඳහන් කර ඇත.
බුදුන් පුදන මල් මෙන් ම සුරන් නමදින කුසුම් ද පවතී. මල නාරි දේහයේ නෙක විසිතුරු උදෙසා අලංකාර හැටියට ද උපමා රූපක වශයෙන් යෙදෙයි. එමෙන් ම අද ඇතැම් ගීතයන්හි මල් යන්න අපයෝජනයකට ලක්වූ පදයක් ලෙස ද ගිණිය හැකි ය. එහි සංකේතවත් වන්නේ මතට ලොල් වීමයි. මෙහි සඳහන් කවිය ඇසුරෙහි පවතින්නේ දාළිද්දය කරණ කොට මලට මිලක් නියම කොට සැදැහැවතුන් අත් පත් කරන්නට උත්සුකවන්නන්ගේ ජීවන ප්‍රවෘත්තියයි.
සුදු වැලි අතුළ මග පා යුගළ පිරිමදී
ඇත සිතපස් පවෙහි මායිමෙන් අත මිදී
ඈතින් සුදෝ සුදු කිරි වෙහෙර නෙත අදී
මල් ලොව අඳෙීනාවක් මසිත ලුහුබඳී
ඇත සිතපස් පවෙහි මායිමෙන් අත මිදී
ඈතින් සුදෝ සුදු කිරි වෙහෙර නෙත අදී
මල් ලොව අඳෙීනාවක් මසිත ලුහුබඳී
එක කටහඬක් වෙන්කර ගැනුම රිසිවෙලා
පොර පිටියක කිඳේ නෙත සවත කැලඹිලා
දුක් ගී නදිය මතුපිට නෙළුම් පිබිදිලා
කුස ගිනි නිවන හැටි දෙති අපට පහදලා
පොර පිටියක කිඳේ නෙත සවත කැලඹිලා
දුක් ගී නදිය මතුපිට නෙළුම් පිබිදිලා
කුස ගිනි නිවන හැටි දෙති අපට පහදලා
මල් බර වසන්තය මල් අතර ගැවසුණත්
සියපත් ඇසුරු කොට ඒ අනුව හිනැහුණත්
නොතකා පිපෙන මල කට නියත අණ පණත්
පෙන්වන්නීය කටු මැටි පිලක අගු කොනත්
සියපත් ඇසුරු කොට ඒ අනුව හිනැහුණත්
නොතකා පිපෙන මල කට නියත අණ පණත්
පෙන්වන්නීය කටු මැටි පිලක අගු කොනත්
මල් විකුණන විටදි මොර දී මිනිපිරිය
මව විකසිත කරන්නී නෙළුමත සිරිය
මිත්තනි කියන්නී අත පා බැරි බැරිය
මේක ද මල් කැකුළු දිවියක වපසරිය
මව විකසිත කරන්නී නෙළුමත සිරිය
මිත්තනි කියන්නී අත පා බැරි බැරිය
මේක ද මල් කැකුළු දිවියක වපසරිය
මඩ වගුරක එරී වද වී නෙළුමකට
සත ගණනට බෙදන රතැඟිලි තඹුරු කොට
ඇය අප හැමට පෙර පිංපල බලය පිට
නිවනට යා යුතුය දහමත් සිතුණි මට
සත ගණනට බෙදන රතැඟිලි තඹුරු කොට
ඇය අප හැමට පෙර පිංපල බලය පිට
නිවනට යා යුතුය දහමත් සිතුණි මට
දශක ගණනකට පෙර අපි සෑම දෙයකට ම මිලක් නියම නොකෙරුවෙමු. විවිධ හේතූන් නිසා අප බැහැර කරන කැළි කසළවලට පවා මිලක් දැන් නියම කැරේ. දරිද්‍රතාවයෙන් ගොඩවීම අපේ ප්‍රධාන ප්‍රශ්නයකි. සෞභාග්‍යය සශ්‍රීකත්වය කරා යන විට මිනිස්කම් අමතක වේ. එහි සදිසි සමාජ ආචරණය දේශපාලනික ආර්ථික ක්‍රියාදාමය කවියා විසින් හෙළිදරව් කරන ලද්දේ යටි පෙළකිනි.
මේ දිළිඳු කමේ දුෂ්ට සංස්කෘතික චක්‍රය පරම්පරා ගණනක් මූර්තිමත් කරයි. එය උනුනුන්ට ජීවිකාවකි. කවියාට නිමිත්තකි. සුළවතාව ජීවන අනුභූතියකි. කවියකු බොහෝ විට වාස්තවික අයුරින් මධ්‍යස්ථව අපක්ෂපාතීව සිය කලා කෘතිය නිම කිරීමට යත්න දරයි. එහෙත් නිතැතින් මනුෂ්‍ය ධර්මය අනුව කවියා දයානුකම්පාවෙන් තම කවි ඇස යොමු කරන්නේ පීඩාවට පත්වූ තැන් සුවපත් කිරීම පිණිස ය.
අයුක්තියට එරෙහිව යුක්තියත් අසාධාරණයට විරුද්ධව සාධාරණයත්, අධර්මය ධර්මයෙන් නගා සිටුවීම පිණිසත් කවියා කැපවෙයි. ඊට අනේක කාව්‍ය ආකෘති, ජන හෝ සම්භාව්‍ය භාෂාවේ වදන්, නොයෙකුත් උපක්‍රම භාවිත කරනු ඇත. ඒ කවි කියවන රස විඳින පාඨකයා නැතිනම් කවි අසා සිටින ශ්‍රාවකයාගේ චරිත සොබාව ගති පැවතුම් ඇතැම් විට මිනිසත් කමින් පිරී තිරී යයි. සනත් පියසේන නමැති කවියා සතුව එම ප්‍රතිභා ලක්ෂණය පවතී. භාෂාවේ අක්ෂර, පද, ඒවා සංකලනය කොට රසමුසු කිරීමේ හැකියාවත් එම රස අතරින් අරුත් නැංවීමේ නිපුණතාවත් ය. කවිය ඇසුරු කිරීමෙන් අපේ වියැකෙන සවිය මනාව පිහිටුවා ගත හැකි ය. එනම් සිත හා ගත පුබුදුවා ගෙන හිත් පපුකම් ඇති කර ගැනීමයි.
Post a Comment