ඉස්ලාම් ආගමිකයන්ගේ ආහාර ප්‍රමිතිකරණ ක්‍රමවේදයක් වන ‘හලාල්’ ක්‍රමය නීතිගත කිරීමට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන එකඟ වී ඇත.
මෙම එකඟතාවය පලව ඇත්තේ පොදු විපක්ෂයේ කණ්ඩායමක් හා ජමිතුල් උලමා නියෝජිතයන් අතර පැවති සාකච්චාවකදීය.
එහිදී භාණ්ඩ වර්ග 614ක් සඳහා මූලික ලෙස හලාල් සහතිකය නිකුත් කිරීම පිළිගැනීමට පොදු විපක්ෂය එකඟ වී තිබේ.
ජමිතුල් උලමා සංවිධානය සමඟ පැවති සාකච්චා සඳහා රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් යන අය සහභාගී වී තිබේ.
2009 නොවැම්බර් 6 දා මෙරට ඇමරිකානු තානාපතිනි පැට්‍රිෂියා බුටේනිස් රහසිගතයි යනුවෙන් දක්වමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත සංදේශයක් යවමින් මුස්ලිම් කොන්ග්‍රසයේ ක්‍රමෝපාය රාජපක්ෂ පාලනය පරාජය කිරීම යයි කියාසිටියාය.
මුස්ලිම් කොන්ග්‍රසයේ සභාපති බෂිර් සේගු ඩාවුඩ් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත් ජනාධිපතිගේ යුද ජයග්‍රහණය නැමැති ප්රචාරක මෙහෙයුම කෙරෙහි ජනතාව දුෂ්කරතාවයකට පත්වී ඇති අතර වත්මන් රජය මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව අතර අප්‍රසාදයට පත්ව ඇති බව ඩාවුඩ් පැවසූ බවද ඇය එම රහස් සංදේශයේ තවදුරටත් සඳහන් කළාය.
එසේම මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව ඒකාබද්ධව ඡන්ද මිලියන 1.5 ක් තිබෙන අතර එකී ඡන්ද මත විපක්ෂ සන්ධානය සාර්ථකවන බවද බෂිර් සේගු වාඩුඩ් ප්‍රකාශ කර ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ඡන්ද 11676 ක් ලබාගෙන මන්ත්‍රීවරයකු ලෙස පත්වූ බෂිර් සේගු ඩාවුඩ් සමඟ රහස් සාකච්ඡාවක් පැවැත්වීම සඳහා එවකට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි වැලරි පවුලර්ද සහභාගිවී ඇත. එහෙත් රජයට ඩාවුඩ් සහ ඇමරිකානු තානාපති නිලධාරිනියන් අතර වූ රහස් සාකච්ඡාවේ තොරතුරු හෙළිවූයේ නැත.
එහෙත් 2013 මාර්තු 12 දා විකිලික්ස් වෙබ් අඩවිය එකී රහස් සාකච්ඡාව ආනාවරණය කළේය.
මේ සාකච්ඡාවට අදාල සංදේශයේ මෙලෙස සඳහන් කර ඇත. “ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු නිලධාරිනී වැලරි පවුලර් සමඟ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රස් සභාපති බෂිර් සේගු ඩාවුඩ් සාකච්ඡාවට ලක්කළේ ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රාජපක්ෂ පරාජය කිරීමේ පක්ෂයේ ක්රමවේදයයි. මේ ජයග්‍රහණය සඳහා ද්‍රවිඩ ඩයස්පෝරා නියෝජිතයන්ගේ සහයද අවශ්‍ය වේ. ද්‍රවිඩයන් සමඟ කටයුතු කරන දේශීය ඩයස්පෝරා නියෝජිතයන් මෙන්ම විදෙස්ගත ද්‍රවිඩ ඩයස්පෝරා ප්‍රජාව සමග කටයුතු කරන පාර්ශවවලද සහය අවශ්‍යයි.
නොවැම්බර් 12 සහ 13 යන දිනවල ද්‍රවිඩ ඩයස්පෝරාව ලන්ඩනයේදී සමුළුවක් පවත්වන අතර ඊට මුස්ලිම් කොන්ග්රස් නායක රවුෆ් හකීම් ආර්. සම්බන්දන් සහ මනෝ ගනේෂන්ද සහභාගි වී ඇත.
මැතිවරණ දිනීමට නම් ද්‍රවිඩ ඩයස්පෝරාවේ සහය අවශ්‍ය වනු නියතය.”
මුස්ලිම් කොන්ග්රසය ඇමරිකානු තානාපති නිලධාරිනියත් සමඟ රහස් සාකච්ඡා පවත්වමින් එදා සිදුකල ද්රෝහික්රියාව රජය අවබෝධකර ගත්තේ නැත.
මේ පසුබිම මැද පසුගිය නොවැම්බර් මස මුස්ලිම් කොන්ග්‍රසයේ පත්කල මන්ත්‍රී හසන් අලි නැමැත්තා පැවසුවේ දිගාමඩුල්ල ප්‍රදේශයේ ආසන තුනක් ඒකාබද්ධ කර වෙනම මුස්ලිම් පරිපාලන ඒකකයක් ස්ථාපිත කළ යුතු බවයි. එහෙත් රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය. එසේ වුවත් ජනාධිපතිවරණය සමීපව තිබියදී මුස්ලිම් කොන්ග්රස් නායක රවුෆ් හකීම් එකී ඉල්ලීම යළි ඉදිරිපත් කරමින් එකී වෙනම පරිපාලන දිස්ත්‍රික්කයට මුස්ලිම් දිසාපතිවරයකුද අවශ්‍ය බව කියාසිටියේය.
ඉන් ඔහු කියන්නේ වර්ග කිලෝමීටර් 46436 කින් යුත් ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටර් 9996 ප්‍රදේශය මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කළ යුතු බවයි.
මෙම මුස්ලිම් පරිපාලන ඒකකය නැමැති යෝජනාවට සමගාමීව පසුගියදා මුස්ලිම් කොන්ග්රස් මන්ත්‍රීවරයක් “ෂරියා” නීතිය ඉගැන්වීමට පාසල් පිහිටුවිය යුතු බව දක්වමින් පුද්ගලික යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබුණි.
එසේම ජිනීවා මානව හිමිකම් කමිටුව වෙත ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක් යෑවීමට ක්රියාකළේද මුස්ලිම් කොන්ග්රසයයි. එම වාර්තාව යවනු ලැබුවේ රවුෆ් හකීම් අධිකරණ ඇමැතිලෙස කටයුතු කරමින් සිටි සමයේයි.
2002 වසරේ තායිලන්තයේ පැවැති සාම සාකච්ඡාවලට සහභාගිවූ රවුෆ් හකීම් පැවැසුවේ තමා මේ අවස්ථාවේ නැගෙනහිර ප්‍රදේශය සඳහා වෙනම පරිපාලන ඒකකයක් ඉල්ලන්නේ නැතිබවයි. හකීම්ගේ මේ ප්‍රකාශය ගැන ශ්‍රී ලංකා මුස්ලිම් අයිතීන් සඳහා වූ සංවිධානයේ සභාපති එච්.අයි.එම්. මොහිදීන් නැමැත්තා ප්‍රතිචාර දක්වමින් ස්වයංපාලනය සඳහා අපට හිමිකමක් ඇති බවත් නැගෙනහිර යනු මුස්ලිම් පාරම්පරික නිජබිම බවත් සඳහන් කරනු ලැබීය.
මේ අයුරින්ම මුස්ලිම් කොංග්‍රසය පසුගිය ජනාධිපතිවරණයේදී මුස්ලිම් රූපවාහිනී සහ ගුවන් විදුලි සේවාවන් ආරම්භ කිරීම සඳහා කළ ඉල්ලීමද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය. කොටි ධජය මත ප්රභාකරන් සමඟ ගිවිසුමක් අත්සන් කළ රවුප් පසුගිය නොවැම්බර් 3 දා වෙනම පරිපාලන ඒකකයක් ඉල්ලීමේ යෝජනාව ප්‍රකාශයට පත්කළත් රජයේ බලධාරීහු මේ අවස්ථාවාදීන්ගේ සැබෑ අරමුණ තේරුම් ගත්තේ නැත.
2009 නොවැම්බර් 06 දා ඇමරිකානු තානාපතිනි පැට්‍රිෂියා බ්රටේනිස් සහ දේශපාලන නිලධාරිනි වැලරි පවුලර් හමුවේ මුස්ලිම් කොංග්රස් සභාපති බෂිර් සේගු වාවුඩ් රාජපක්ෂ පාලනය පරාජය කිරීමේ ක්‍රමවේදය හෙළිකරද්දී එම වසරේම නොවැම්බර් 19 සිට 22 දක්වා කාලය තුළ දෙමළ හා මුස්ලිම් පක්ෂ අතර ස්විට්සර්ලන්තයේ සුරිච් නුවරදී සාකච්ඡාවක් පැවැත්වුණි. මෙම සාකච්ඡාවට මුස්ලිම් කොන්ග්රස් නායක රවුෆ් හකීම්ද සහභාගි විය. මෙහිදී ජනාධිපතිවරයා මීළඟ මැතිවරණයෙන් පරාජය කිරීම ගැන සාකච්ඡාවට ලක්වූ බව ඉරිදා දිවයින ආරක්ෂක විශේෂාංගයෙන් හෙලිකළවිට කලබලයට පත්වූ මුස්ලිම් මාධ්‍ය පාර්ශවයන් එවැන්නක් සාකච්ඡා නොවූ බව කියමින් සිද්ධිය යටපත් කිරීමට උත්සාහ කළේය.
මේ පසුබිම යටතේ තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවයි සේනාධිරාජා සතුරා යයි අනියම් ලෙස හඳුන්වන්නේ කොටි පැරදවූ රජය හා ජනාධිපතිවරයායි.
මාවයි සේනාධිරාජාගේ සහයට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක පී. ආනන්ද සංගරීද එක්වී ඇත. කොටි ත්රස්තවාදීන්ගෙන් ආනන්ද සංගරීගේ දිවි බේරාගත්තේද මෙරට හමුදාව ආරක්ෂක ලේකම් සහ ජනාධිපතිවරයායි.
මෙලෙස සතුරා පැරදවීමට ඡන්දය පාවිච්චි කරන්නැයි උතුරේ නිවසක් පාසා යැමට සැලසුම් කර ඇති මාවයි සේනාධිරාජා ප්රමුඛ ද්‍රවිඩ සන්ධානයේ ඉලක්කය කුමක්ද?
ඒ කිලෝමීටර් 8884 ක්වූ උතුරු ප්‍රදේශයේ වෙනම රටක් ලබාගැනීමයි. මෙහිදී ද්‍රවිඩ සන්ධාන නායක ආර්සම්බන්ධන් පවසා ඇත්තේ උතුරේ අර්බුදයට දේශපාලනමය විසදුමක් ලබාගැනීමට හැකිවන බවයි. මේ නිසා මෙවර ජනාධිපතිවරණය බෙදුම්වාදින්ගේ ඉලක්කයන් බවට පත්වී ඇත.
මාවයි සේනාධිරාජාට කිලෝමීර් 6884 ක්ද රවුෆ් හකීම්ට කිලෝමීටර් 9996 ක් දුන්නොත් ශ්‍රී ලංකාවෙන් කිලෝමීටර 17174 ක භූමි ප්‍රදේශය අහිමිවනු නියතය.
මේ භයානක තත්ත්වය මෙරට ජනතාව අවබෝධකරගෙන තිබේද? මුස්ලිම් කොන්ග්රස් නායක රවුෆ් හකීම් රජයට ඉදිරිපත් කළ සන්දේශයේ තවදුරටත් දක්වා ඇත්තේ තමාට විදේශ බලපෑම් එල්ලවී ඇති බවයි.
එසේ නම් ජාත්‍යන්තර බලපෑම් ඉලක්කය සර්බියාවෙන් කොසවෝ ප්‍රාන්තය වෙන්කළ අයුරින් උතුරු නැගෙනහිර වෙන්කිරීමටද?
මෙම තත්ත්වය මැද කොටි හිතවාදී ලන්ඩනයේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් දේවගැතියා කළ ප්‍රකාශයක් යුරෝපා කොටි වෙබ් අඩවියේ සඳහන් වී ඇත.
එහි මෙසේ දක්වා තිබේ.
අවස්ථාව උදාවී ඇත. උතුරේ ද්‍රවිඩ ජනතාව පරීක්ෂාකාරී ලෙස ඡන්දය පාවිච්චි කළ යුතුයි. මේ අවස්ථාව දැනට පැමිණ තිබෙනවා. දැනට පවතින මාර්ගය මත යන්නේද නැත්නම් වෙනසක් සිදුවිය යුතුද යන්න තේරුම් ගතයුතු කරුණක් වනු ඇත.
මේ අතර ප්රභාකරන්ගේ සමීපතම ඥතියකුවූ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් ද්‍රවිඩ ස්වයංපාලනය ලබාදෙන ජනාධිපති අපේක්ෂයකුට උතුරේ ජනතාව ඡන්දය දියයුතු බව දක්වා තිබේ.
මෙකී වාතාවරණය මැද නැගෙනහිර ද්‍රවිඩ දේශපාලකයකු වූ ශාන් රාස මානික්කම් මුස්ලිම් කොන්ග්‍රසයේ වෙනම මුස්ලිම් පරිපාලන ඒකකය ඉදිරි බෙදුම්වාදී ආකල්පය වර්ධනය කිරීමේ භයානක අනතුරක් යයි කියා සිටියේය. 2003 ඔලුවිල් ප්රකාශනය අපි අමතක නොකල යුතුයි. ඉන් නැගෙනහිර මුස්ලිම් ජනතාවට වෙනම ප්‍රාන්තයක් ඉල්ලා සිටියා. එසේම ඔලුවිල්හි නාවික කඳවුරක් ස්ථාපිත කිරීමටද මුස්ලිම් කොන්ග්රසය එරෙහිවුණා. යයි ඔහු තවදුරටත් කියා සිටියේය.
රවුෆ් හකීම් ප්රමුඛ මුස්ලිම් කොංග්‍රසයේ මෙම බෙදුම්වාදී ඉල්ලීම බියකරු පූර්වාදර්ශයක්? මේ අන්දමට කොළඹ මාලිගාවත්ත, සැලමුල්ල, ගොතටුව දර්ගානගරය, තිහාරිය, බේරුවල, ගාල්ල, මුතුර් සහ පුත්තලම නගරවලට මුස්ලිම් කලාප ඉල්ලුවොත් ඇතිවන තත්ත්වය කුමක්ද? මෙරට ජනතාවට පොදු නීතිය තිබියදි ෂරියා නීතිය ඉගැන්වීමට මොවුන් යෝජනා ගෙනඑන්නේ කුමකටද යයි ශාන් රාසමානික්කම් පලකළේය. මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකරන එස් සිවදාසන් නැමැත්තා මෙවර ජනාධිපතිවරණය රාවණා සහ රාමා අතර යුද්ධයට සමකර ඇත. ඔහු පවසන්නේ රාවණාගේ පාර්ශවයේ සිටි විභීෂණ එකවරම රාමාට එකතුවීම නිසා යුද්ධය පරාජය වූ බවයි.
මෙවන් පසුබිමක් මැද මන්නාරම රදගුරු රායප්පු ජෝශප් නත්තල් දේව මෙහෙය අමතමින් බරපතල ප්‍රකාශයක් කළේය.
“ද්‍රවිඩයන්ගේ අරමුණු කෙරේ” සානුකම්පිත සහයක් දක්වන ජනාධිපතිවරයකු රටට අවශ්‍යයි. මේ අවස්ථාවේ ද්‍රවිඩයන් ද්‍රවිඩ අරමුණු ලබාගැනීම සඳහා තෝරාගැනීමක් කළයුතුයි එක්සත්ව කටයුතු කර ද්‍රවිඩ අරමුණු ඉටුකරන බවට ලිතව ප්රතිඥදෙන පක්ෂයට ඡන්දය දෙන්න.
මන්නාරම රදගුරු රායප්පු ජෝශප් මෙලෙස පවසද්දී ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් බවට ජර්මනියේ මහජන විනිශ්චය සභාව නැමැති රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ලවා ක්‍රියාකල අයර්ලන්තයේ සිටින ජුඩ්ලාල් ප්‍රනාන්දු නැමැති හිටපු දේවගැතිවරයාද ජනාධිපති පැරදවීමට ක්‍රියාකළ යුතුයයි ප්‍රකාශ කර ඇත.
මෙයට සමගාමීව ඉන්දියාවේ බැංගලෝරයේ සිටින කොටි හිතවාදී මහාචාර්ය පෝල් නිව්මන් ප්‍රකාශයක් කරමින් කොටි පැරදවූ රාජපක්ෂ පාලනය අතුගා දැමීමේ අවස්ථාව පැමිණ ඇති බවට දක්වා ඇත. මේ තත්තවය මත කොළඹ කින්සිපාරේ පිහිටි වාර්ගික අධ්‍යයන ආයතනයේ පැවැති සමුළුවක් අමතා හිටිහැටියේ රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්රයට පැමිණි උදාන් ප්‍රනාන්දු නැමැත්තා මෙලෙස පවසා තිබේ.
“රෙජීමය වෙනස් කිරීම සඳහා දැඩිලෙස කටයුතු කිරීමට සිවිල් සංවිධානවලට දැන් අවස්ථාව උදාවී ඇත.
මොහු මේ ප්‍රකාශයෙන් කියන්නේ බටහිර රටවල අරමුදල් මත යෑපෙන එන්.ජී.ඕ. ප්‍රධානීන් ඉතා කාර්යක්ෂම ලෙස කටයුතු කර රජය පෙරළා දැමිය යුතු බවයි.
එම ප්‍රකාශයට සමගාමීව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලානාදන් පවසා ඇත්තේ ද්‍රවිඩයන්ගේ ඉල්ලීම් ගැන වසර 10 ක් තිස්සේ රජයෙන් කළ ඉල්ලීම් නොලැබුණු නිසා ජනතාවට දැන් වෙනසක් අවශ්‍යවී ඇති බවයි.
අඩෙයිකලානාදන් ඉල්ලීම් යයි පවසන්නේ උතුරු නැගෙනහිරට ස්වයං පාලනය ලබා ගැනීමයි. මේ නිසා ද්‍රවිඩ සන්ධානය පොදු අපේක්ෂකයාට සහය දක්වන්නේ කුමකටදැයි සනාථ නොවන්නේද?
මේ අතර බ්‍රිතාන්‍යයේ සුපිරි මූල්‍ය ජාලය මෙහෙයවන ෆිනෑන්සියල් ටයිම්ස් පුවත්පත දෙසැම්බර් 22 දා පුවතක් ප්‍රකාශයට පත් කරමින් බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ජනාධිපතිවරණය ගැන දැඩි අවධානයෙන් සිටින බව හෙළිකළේය.
ෆිනෑන්සියල් ටයිම්ස් පුවත්පත තවදුරටත් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ පාලනය වෙනස් කිරීමේ ඇමරිකානු ක්‍රියාදාමයක් ඇති බවයි.
මෙය සනාථ වූයේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පසුගිය කාලය මුළුල්ලේ දියත් කල මෙහෙයුම්ය.
මේ ඊට නිදසුන්ය.
1. යාපනයේ ඇමරිකන් කෝනර් නමින් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
2. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සමාජ වෙබ් අඩවි ක්‍රියාත්මක කිරීම පිණිස මෙරට විවිධ පාර්ශව වලට පුහුණුවක් ලබාදීම
එදා අපි මේ ඇමරිකානු අබිරහස් මෙහෙයුම් ගැන හෙළිකරද්දී රජයේ බලධාරීහු නිහඬ විය. අද එහි ප්‍රතිඵල දැකගැනීමට හැකිවී ඇත.
මේ අතර ප්‍රංශ කොටි ජාලය කොටින්ව පැරදවූ ජනාධිපති පරදවන බවට වහසිබස් දොඩන බව හෙළිවිය. .
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment