BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, January 5, 2015

සුමිත්‍රා පීරිස්ට ප්‍රංශයෙන් ඉහළම සම්මානයක්...!!!

ප්‍රංශ රජය මඟින් පිරිනමන ‘චෙවලියර්’  (Cherealier) සම්මානය විශිෂ්ට සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් වෙත පිරිනමා තිබේ. එම සම්මානය ප්‍රංශ රජය වෙනුවෙන් ඇයට පිරිනමන ලද්දේ මාලදිවයින් හා ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති ෂෝන් පෝල් මොන්ෂු විසිනි.

ප්‍රංශයේ සාහිත්‍යය හා සංස්කෘතික කලා උරුමයන් පෝෂණය කළ හා ව්‍යාප්ත කළ උසස් කලාකරුවන්, ලේඛකයන් හා විද්වතුන්ගේ ප්‍රයත්නයන් වෙනුවෙන් පිරිනැමෙන මෙම ගෞරව බුහුමන 1957 වසරේ මැයි 02 වැනිදා එවකට ප්‍රංශ සංස්කෘතික අමාත්‍යවරයා විසින් මුල්වරට පිරිනමා තිබේ.

ලේඛිකාවන් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරියක් ලෙසින් සිය සෞන්දර්යාත්මක භාවයන් හා හැකියාවන් නිර්මාණාත්මකවත් සංවේදීවත් ඉදිරිපත් කිරීම මෙන්ම ආදරය පිළිබඳ දැක් වූ නිදහස් ආකල්පය ද ප්‍රංශ සංස්කෘතිය ලංකාව තුළ ව්‍යාප්ත කිරිමට දුන් දායකත්වය ද මෙම ගෞරව නාමය ඈ වෙත පුද කරන්නට ඉවහල් වී ඇත.




ඇගේ මුල්ම චිත්‍රපටය වූ ‘ගැහැනු ළමයි’ සිට ‘යහළුවෝ’ දක්වා වූ සිනමා නිර්මාණ ප්‍රංශයේ තිරගත වූ අතර ඒවා උසස් ඇගයීමට ද ලක්ව ඇත. ප්‍රංශ සිනමා ආයතනයේ සුදුසුකම් ලත් ප්‍රථම ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරිය ද ඇයයි. අන්තර් ජාතික කීර්තියට පත් අධ්‍යක්ෂවරියවීමටත්, දශක ගණනාවක් පුරා ඊට දායකත්වය ලබා දීමටත් මුල් පදනම දමන ලද්දේ ප්‍රංශය විසිනි.


මීට පෙර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් යුවළට ‘සිනමැත්කේ ෆ්‍රාර්න්කේ (cinematheque Francaise)  ගෞරව බුහුමන ප්‍රංශ රජයෙන් පිරිනමන ලද්දේ 1988 වසෙර්ය. එය ලෝක මට්ටමෙන් සිනමාවේදීන් ඇගයුමට ලක් කළ ප්‍රථම අවස්ථාව සේ ඉතිහාසයට එක්ව තිැබ්.
එමෙන්ම ආසියානු සිනමාව පිළිබඳ තුන්වැනි උළෙලේදී ‘ලෝටස් ඩෝ’  (Lotus d’or) සම්මානයෙන් ද එම දෙපළ පිදුම් ලැබුවේ ජාත්‍යන්තර සිනමාව වෙනුවෙන් පුද කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙනි.
කලක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස සේවය කළ සුමිත්‍රා පීරිස් කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් සිය වෘත්තීමය වගකීම් ඉටු කරන්නට ද වෙහෙස වූවාය.

 




Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger