BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, January 6, 2015

හැමටම හොරෙන් නැවත LTTE වැඩ...

පරමාණු බෝම්බ නිෂ්පාදනය කිරීමේ මෙහෙයුමක නිරතව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයන් තිදෙනකු ඉන්දියාවේ බැංගලෝර් ‍පොලිසිය මගින්  (01) අත්අඩංගුවට ගෙන ඇත.රුපියල් කෝටි 150ක මුදලකට ව්‍යාජ මැණික් ගල් තොගයක් විකිණීමට යාමේදී මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී එවකට එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන් පරමාණු බෝම්බයක් සෑදීමට අවශ්‍ය බව කියමින් විදෙස් රටකින් ඊට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ කිහිපයක් ගෙන්වා තිබූ බව සඳහන් කර ඇත.
2009 වසරේ ප්‍රභාකරන් හමුදා ප්‍රහාරයෙන් මරුමුවට පත්වීමත් සමග අදාළ උපකරණ හා ද්‍රව්‍ය ගෙන මොවුන් තිදෙනා ඉන්දියාවට පලා ගොස් තිබේ.
මෙම කොටි සාමාජිකයන් තිදෙනා ව්‍යාජව සාදා නිම කළ මැණික් ගල්, සිලින්ඩරයක් සහ ලැප්ටොප් යන්ත්‍රයක්ද ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බැංගලෝර් ‍පොලිසිය ඉන්දීය ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රහස් ‍පොලිසිය පරීක්ෂණ සිදුකරන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 මේ පරමාණු බෝම්බ නිෂ්පාදනය ගැන තමිල්නාඩු පුද්ගලයෙකු පවත්වාගෙන යන බ්ලොග් අඩවියක්...
 http://parrimalammtwu.blogspot.fr/2011/01/atom-bomb.html

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger