දැනට වසර 30ක පමණ කාලයක් තිස්සේ දේශපාලනයේ යෙදෙන පාඨලී චම්පික රණවක ගේ මෙතෙක් ආ ගමන් මග, වචන 4-5කින් කෙටි කර දැක්වීම අමාරු නැත.
විප්ලවය-ජාතික චින්තනය-ධර්ම රාජ්‍යය-යහ පාලනය
මුලින් ම චම්පික අවතීර්ණ වන්නේ ජ.වි.පෙ. විප්ලවය වෙනුවෙනි. එය අසාර්ථක වූ පසු, මහාචාර්ය නලීන් ද සිල්වා ගේ ජාතික චින්තනය ය. එතැනින්, හෙළ උරුමය ඔස්සේ ධර්ම රාජ්‍යය ය. දැන් එක්සත් ජාතික පක්ෂයේ යහපාලනය ය.
මේ අනුව ඔහු අද සිටින ස්ථාවරය යනු, එදා සිටි ස්ථාවරයෙන් අංශක 180ක පර්වර්තනයකි. එයින් පෙනී යන්නේ චම්පික කෙසේ හෝ ගේමක් ගසා, අගමැති පුටුවට ඉව අල්ලන දිගුකාලීන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටින බව ය.
මෙතෙක් කලක්, බෞද්ධකම විකුණූ චම්පික දැන් එය අත්හැර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ නිසා බව පැහැදිලි ය. මෛත්‍රි පාලනයේ ප්රචාරක කටයුතු සිදු කළ සුභාෂ් පින්නපොළ පවසා ඇත්තේ, ඔවුන්ට බෞද්ධ ඡන්ද බහුතරය ලබා ගැනීම අභියෝගයක් වී තිබුණු බව ය. දැන් චම්පිකලාට ධර්ම රාජ්‍යය මාකට් කිරීම අපහසු ය.
මා මුලින්ම චම්පික දුටුවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා අවධියේ, ඔහු මොරටු විශ්වවිද්‍යාලයේ සිට, දේශපාලන කටයුතුවලට සම්බන්ධ වන්නට පැමිණුණු කාලයේ ය.
1988-89 භිෂණ සමයේදී, ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ වධකාගාරයෙන් මිදී පැන ගොස් ජිවිතය බේරා ගෙන තිබිණි. එකල ප්‍රසිද්ධ වූයේ ඔහු 'මුත්‍ර කිරීමට එළියට ගිය විටක', කොළඹ විශ්වවිද්‍යාලය බව දැන, එතැනින් පැන ගිය බව ය.
ඒ කාලයේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, මහාචාර්ය ජී.එල්.පීරිස්, ශිරාල් ලක්තිලක වැන්නන් නීති පීඨයට සම්බන්ධ ව සිටිය ද, ඔවුන් ගෙන් කිසිවකු, ජ.වි.පෙ. ක්රියාකාරිකයන් ඝාතනය කෙරුණු නීති පීඨයේ මිනීමරු වධකාගාරය පිළිබද ව හඩක් නැගුවේ ද නැත.
කෙසේ වෙතත්, එකල තිබුණු වධකාගාරවලින් 'මුත්‍ර කිරීමට' කියා එළියට යෑමට අවසර නො ලැබුණු බව අපට වැටහුණේ බොහෝ කාලයක් ගත වූ පසුව ය.
පසුගිය දිනයක රාජිත සේනාරත්න පැවසුවේ, ඔහු ගේ පුතාට කුඩා කාලයේ දී ගණන් කියා දුන්නේ චම්පික බව ය. එයින් පෙනී යන්නේ ඉතා දිගු කාලයක සිට චම්පික, රාජිත සමග සම්බන්ධතා පවත්වා තිබෙන බවකි. එකල රාජිත සේනාරත්න මහතා, ජ.වි.පෙ.ට විරුද්ධ දැඩි ස්ථාවරයක පිහිටා සිටි බව ද ප්‍රකට ය. දැන් අපට සිතෙන්නේ, රාජිත සේනාරත්න මහතා ගේ මැදිහත් වීමකින් චමිපික බේරෙන්නට ඇති බව ය. මේ අනුමානය නිවැරැදි නො වන්නට ද ඉඩක් ඇතත්, එවැනි මැදිහත්වීම්වලින් එකල තරුණයන් සිය ගණනක් වධකාගාරවලින් බේරුණු බව ද ප්‍රසිද්ධ රහසකි.
මේ අනුව පෙනී යන්නේ, රටේ සමාජ රැල්ල ප්‍රධාන වශයෙන් ඉස්මතු වන ධාරාව සමග සැමවිට චම්පික ද සිට ඇති බව ය. එය කවර අරමුණකින් සිදු කළ දෙයක්දැයි අපි නො දනිමු. ඇතැම් විට ඔහු ගේ දේශපාලනය වන්නට ඇත්තේ සමාජය ගලා යන අතට පීනා යෑම ය.
කෙසේ වෙතත් දැන් ඔහු ආ ගමන් මග අපට ඉතා පැහැදිලි ය.
ඊයේ ITN ටෙලිවිෂන් නාළිකාවට ආ චම්පික කියා සිටියේ, තෙල් සම්පත නිසා නයිජීරියාව ත්රස්තවාදයට නතු වී විනාශ වූ බවත්, නෝර්වේ රාජ්‍යය 'සුමට, සුපිරි බලවතෙක්' වූ බවත් ය. ඒ අනුව මන්නාරම් ද්‍රෝණියේ තිබෙන තෙල් සහ ගෑස් නිධි සදහා නෝර්වේ ආදර්ශය ගත යුතු බව ය. ඒ සදහා ඔවුන් ගේ මැදිහත්වීම අවශ්‍ය වන බව ය.
නෝර්වේ රාජ්‍යය ලෝකයේ බලවත් වූයේ එවැන්ජලික මූලධර්මවාදය නිසා ය. එයින් ලෝකයේ තෙල් සම්පත් කොල්ල කෑමේ අවස්ථා ද උදාකර ගැනිණී. ඒ අනුව, නෝර්වේ යනු, 'සුමට සුපිරි බලවතෙකි' යන්න, චම්පික ගේ අතේ රෝලක් බව සදහන් කළ යුතු ය. නෝර්වේ රාජ්‍යයේ දෑත්වල ලේ තැවරී තිබේ. ඒවා සිංහල-දෙමල ද විය හැකි ය.
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්නයට නෝර්වේ රාජ්‍යය මැදිහත් වූයේ 'නිකම් අත ලෙව කන්නට නො වන බව' අපි දනිමු. කොටි සංවිධානය සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ එරික් සෝල්හයිම්, රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආරාධනයෙන් සාමය සදහා මැදිහත්කරුවකු වූයේ, මේ තෙල් සම්පත නිසා බව අප, පසුගිය දෙසැම්බර් මාසයේ පළ කළ, 'රට වටලෑම හෙවත් නව ලිබරල් අධිරාජ්‍යවාදය' නමැති කෘතියේ සදහන් කර ඇත.
එසේම, නෝර්වේ රාජ්‍යය සාමයේ මුවාවෙන් කොටින්ට මූල්‍යාධාර සහ ගුවන් විදුලි උපකරණ, එකල ලබා දී තිබිණි. එය ඔවුන් අනුගමනය කළ දෙබිඩි පිළිවෙතට කදිම නිදර්ශනයකි.
අතීතයේදී, මේ ත්‍රස්තවාදී අධිරාජ්‍යවාදයට එරෙහි ව 'සිංහනාද' නැගූ චම්පික, අද 'බලු කෙදිරිලි' නගන්නකු බවට පත් වූයේ කෙසේද....?
-කුමාර ලියනගේ
'රට වටලෑම හෙවත් නව ලිබරල් අධිරාජ්‍යවාදය' කෘතියේ 81-82 පිටු/2014-දෙසැම්බර්
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment