රනිල් වික්‍රමසිංහ පසුගිය දා කියා තිබුණේ තමාට අගමැති වීම සඳහා ජනතාව ඡන්ද හැට දෙලක්‍ෂයක් දී ඇති බව ය. ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ 2005 පැවැත්වූ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ දිනුවේ කොටි සංවිධානය එහි දී ඡන්දය දීම වර්ජනය කළ නිසා බව ය. ඉන්පසු ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කර ඇත්තේ හැකි නම් මහා මැතිවරණයට ඉදිරිපත් වී තමා පරාජය කර අගමැති වීමට ය.
රනිල් වික්‍රමසිංහ අද වියරුවෙන් මෙන් කතා කරන්නේ , හැසිරෙන්නේ තමන් නීත්‍යානුකූල ව අගමැති නොවන බව දන්නා නිසා ය. ඔහු සිංහල ජාතිකත්වයට මූලික වශයෙන් විරුද්ධ ය. එබැවින් සිංහල ජාතිකත්වයට යම් ආකාරයකින්වත් පක්‍ෂව කටයුතු කරන රිවිර හා දිවයින පුවත්පත් මර්දනය කිරීමට ඔහුට අවශ්‍ය වෙයි. පාර්ලිමේන්තු මැතිවරණයක දී ඔහුගේ සිංහල ජාතිකත්ව විරෝධයට ජනතාව එරෙහි වන බව ඔහු දනියි. ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කරන්නේ මෛත්‍රිපාල සිරිසේන පික් පොකට් ගැසූ ශ්‍රී ල නි පක්‍ෂයෙන් මහින්දට නාම යෝජනා දීමට ඇති ඉඩ ඉතාමත් අඩු නිසා ය.
රනිල්ට මහින්ද පැරදවිය හැකි නම් ඔහුට 2010 දී හා 2015 දී ජනාධිපතිවරණවලට ඉදිරිපත් වීමට තිබිණි. එහෙත් ඔහුට එය කළ නොහැකි බව දන්නා බැවින් ඔහු වෙනත් අයට ඒ අවස්ථාව ලබා දුන්නේ ය. සිංහලයන්ගේ ඡන්ද ඔහුට ලැබෙන්නේ අඩු ප්‍රමාණයකිනි. ඔහු පවසන පරිදි 2005 දී ඔහු පැරදුණේ කොටි සංවිධානය ඡන්දය වර්ජනය කළ බැවිනි. එයින් කියැවෙන්නේ සිංහලයන් ඔහුට ඡන්දය අඩුවෙන් දෙන බව හා කොටි සංවිධානය ඡන්දය වර්ජනය නොකළේ නම් දෙමළ ඡන්ද ඔහුට ලැබීමට තිබුණු බව ය. ඔහුට සිංහල ඡන්ද ප්‍රතිශතයට වඩා දෙමළ ඡන්ද ප්‍රතිශතයක් ලැබෙයි. එසේ වන්නේ කුමක් හෙයින් දැයි රනිල් තේරුම් කරන්නේ ද...?
ඔහුට නොව පොළොන්නරුවේ ගොවියකුගේ පුතකු යැයි කියන මෛත්‍රිපාලටවත් සිංහල ඡන්ද වැඩි ප්‍රමාණයක් ලැබී නැත. මෛත්‍රිපාලට සිංහල ඡන්දවලින් ලැබී ඇත්තේ 42%ක් පමණ ය. අද මහින්ද සිංහල ජාතිකත්වයේ ඉහළ ම නියෝජිතයා වෙයි. ඔහු සමග අද සිංහල ඡන්ද සඳහා තරග කිරීමට වෙනත් කිසිම දේශපාලනඥයකුට නො හැකි ය. අප මෙයින් අදහස් කරන්නේ දෙමළ හා මුස්ලිම් ඡන්ද ප්‍රතික්‍ෂෙප කළ යුතු බව නො වේ. එහෙත් ඒ ඡන්ද ලබාගැනීමට බටහිරයන් හා ඉන්දියාව පසුපස ගොස් සිංහල ජාතිකත්වය පාවා නොදිය යුතු ය. අද මෙරට ජාතිවාදය නමින් රනිල් ඇතුළු එ ජා ප, පඬියන් හා අන් අය විසින් හැඳින්වෙන්නේ සිංහල ජාතිකත්වය පාවාදීමට විරුද්ධ වීූම ය. ඒ කෙසේ වෙතත් ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නො වේ. එහි දී දි මු ජයරත්න වෙනුවට රනිල් අගමැති කළ යුතු ය යන්න යම් කිසිවකුගේ සිතේ තිබුණි නම් ඒ රනිල්ගේ විය යුතු ය. ජනවාරි 8 වැනි දා රනිල් අගමැති කළ යුතු බවට කිසිම වේදිකාවක හඬක් නො නැඟිනි. යම්කිසි අයුරකින් කිසිවකු එවැනි අදහසක් ප්‍රකාශ කළේ නම් නිසැකව ම මෛත්‍රිපාල පැරදීමට තිබිණි.
තමා නීත්‍යානුකූල අගමැති නොවන බව රනිල් හොඳාකාරවම දනියි. මෛත්‍රිපාල සිරිසසේන දිවුරුම් දුන් විගස ඔහු අගමැති ලෙස දිවුරුම් දුන්නේ දි මු ජයරත්නගේ අගමැතිකම පික්පොකට් ගැසීමට ය . තවමත් මේ රටේ අගමැති දි මු ජයරත්න ය. අද රනිල් අගමැති වී සිටින්නේ විධායක ජනාධිපති බලතලවලට හා ශ්‍රී ල නි ප ඉහළ නායකයන්ගේ නිවටකමට පින්සිිදුවන්නට ය. රනිල්ට අගමැති වීමට ජනතාව ඡන්දය දී නැත.
නලින් ද සිල්වා
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment