Wednesday, December 10, 2014
එළියේ ඡන්ද ප්‍රචාරේ...!!! පාසලේ විභාගේ...!!!
අපොස සාමන්‍ය පෙළ විභාග පැවැත්වෙන පාසලක් ආසන්නයේ ‘ස්පීකර්‘ දෙකක් කැබ් රථයක බැඳ මහා ශබ්දය ඇතිව ප්‍රචාරක කටයුත්තක් කර පසුව එම ස්ථානයට ඩිජිටල් තිර සහිතව වාහනයක් පැමිණ යුද ජයග්‍රහණය පිළිබඳ වීඩියෝවක් පෙන්වීම නිසා විභාගය ලියන දරුවන්ට හිරිහැර වන බව දුටු ගැමියෝ එය පිරිස පළවා හළහ.
නාවුල අබන හංදියේ කුබියන්ගහ ඇළ පාසල ආසන්නයේ අද (10) පස්වරු 12.10 මෙය සිදුවිය. මෙම කැබ් රථය නාවුල ප්‍රාදේශිය සභාවට අයත් බවත් නිල ඇඳුමින් සැරසුණ පොලිස් නිලධරයන් හතර දෙනෙකු හා නාවුල ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී වරයකුද එහි සිටි බව ජනතාව කියති.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment