
‘සිරා මරු බඩුවක්. ඇදුම ඉන්දියාවෙ, ප‍්‍රතිපත්තිය සිංගප්පූරුවේ. හෙට අනිද්දා වෙනකොට ඔබාමාගේ කලිසමත් ගහගෙන ඒ කෑල්ල ඇමෙරිකාවෙ කියලා කියාවි. මේ වගේ රූකඩ නායකයො මේ රටේ ජනාධිපතිකම් කරන්න හදනව.
පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා බුදුන්ට දේවදත්තයා ,ජේසුට ජුදාස් , මහින්දට සිරිසේන වී ඇතැයි ඇමති රෝහිත අබේගුණවර්ධන පවසයි.
මේක කවදාවත් සිද්ධ වෙන්නේ නෑ. කුමන්ත‍්‍රණය සිදුවුණේ අද-ඊයේ විතරක් නෙවෙයි. බුදුන් වහන්සේට දේව දත්ත හිටියා. ජේසුස් වහන්සේට ජුදාස් හිටියා. ගුත්තිලට-මූසල,මහින්ද රාජපක්ෂට සිරිසේන. දේවදත්තගේ නම කියනකොටත් බෞද්ධයා කම්පා වෙනවා. රොටිය කාලා පාවා දුන්න ජුදාස්ගේ නම කියනකොටත් මිනිස්සු සාප කරනවා. මෙහෙ ආප්පෙ කාලයි පාවා දුන්නේ’ යයිද ඇමතිවරයා කියයි.
Post a Comment