පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරු ඩඩලි සිරිසේන ආරක්‍සක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ අමතා හඬා වැටී ඇතැයි වාර්තා වෙයි.
පරාක්‍රම සමුද්‍රයේ වැවු රක්‍ෂිතයේ ඉදි කර ඇති අරලිය හෝටලය වැවේ සොරොව් විවෘත කර බේරා දෙන ලෙස ඔහු ආරක්‍ෂක ලෙකම්වරයාගෙන් ඉල්ලා ඇත.
රජරට ප‍්‍රදේශයට ඇද හැලෙන අධික වාර්ෂාව හේතුවෙන් පරාක‍්‍රම සමුද්‍රය වාන් මට්ටමට ආසන්න වෙමින් ඇති අතර එම මට්ටමට යටින් වැවු රක්‍ෂිතයේ බලහත්කාරයෙන් ඉදිකර ඇති ඩඞ්ලි සිරිසේනගේ අරලිය හෝටලය ට වැවු ජලය පිරෙන්නට පටන් ගෙන තිබේ.
මෙම තත්වය ආරක්‍ෂක ලේකම්වරයාට පැහැදිලි කර ඇති ඩඩල් සිරිසේ තම සොයුරු මෛත‍්‍රිපාල සිරිසේන කරන ලද මෙම ද්‍රෝහී ක්‍රියාව තමාගේත් තම සහෝදරයින්ගේත් ව්‍යාපාර කටයුතු වලට ඍජුව බලපා ඇති බවත් සිරිසේන පරාජය වීම සක්‍රයාටවත් වැළැක්විය නොහැකි යයිද පවසා ඇත.
වියලි කාලයට ප‍්‍රයෝජනයට ගැනීම සඳහා වැව උපරිම ධාරිතාවයෙන් පිරවීමට කටයුතු කරමින් සිටියදී ඩඞ්ලිගේ හෝටලය යටවී ඇති අතර වෙනදා නම් සහෝදරයාගේ දේශපාලන බලය භාවිතා කරමින් හෝටලයට ජලය ආසන්න වන විට වාන් ඇර දමයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment