‘පම්පෝරි ගහන්න ගත්තා මගේ ආණ්ඩුව සැලුන් දොරක් කියා. එන්නත් පුළුවන් යන්නත් පුළුවන් කිව්වා. ඒ වුණාට සැලොන් දොරෙන් එළියට එනකොට ආරක්ෂාව නැහැ. එළියට එනකොට ෆයිල් අතට එනවා. මඩ ප්‍රහාර එනවා. ඒත් සැලුන් දොරෙන් ඇතුළට යනකොට කොමිස් එනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ කැතම දේශපාලනයකට අද අපේ රට ඇදගෙන ගිහින් තිබෙනවා. උදේ නැගිට බලන්නේ කවුරුන් පැනලද කියලයි. මුදලට ගිජු නොවන ජනතාව වෙනුවෙන් වැඩ කරන දේශපාලනයක් කළ යුතු නැද්ද? එවන් දේශපාලනයක් ගොඩනැගීමට පුල් පියවර තියන්න ඕනෑ. ඒ මුල් පියවර ජනවාරි අට වැනි දා මේ පාලනය පලවා හැරීමෙන් ආරම්භ කරන්න ඕනෑ.‘
අනුර කුමාර දිසානායක නිට්ටඹුවේ ජන හමුවක දී....
‘රාජපක්ෂලාට බණ්ඩාරනායකවරුන් පෙන්නන්න බැරි නිසා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තියෙද්දි හම්බන්තොට රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. රටේ ජනතාව උකස් කර හැදූ ඒ සම්මන්ත්‍රණ ශාලාවට අද මන්ත්‍රීවරයකුගේ ශාඛා සමිති කැඳවනවා. ‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නිට්ටඹුවේ ජන හමුවක දී පැවසීය.
Post a Comment