පොංසේකාට අන්තිමට වෙන්නේ පන්දම අරගෙන අනෝමා වටේ දුවන්නයි වෙන්නේ’ යයිද අසල සිටි එජාප නව මහ ලේකම් කබීර් හෂීම් සමඟ පවසා ඇත.
ෆොන්සේනා දැන් නිකමෙක් බවත් ඔහු දැන් පොංසේකා කෙනෙකු වී ඇති බවත් තමන් ජනාධිපති වූ පසු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති ධුරය ඔහුට දෙන්නේ නැති බවත් පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ ෆොන්සේකාගේ නියෝජිතයා වන සෝලීස් හෝටලයේ හිමිකරු වෙතයි.
ඒ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහද තමාට දැනුම්දුන් බවද පවසා ඇති සිරිසේන මහතා ‘ෆොන්සේකා දැන් පොංසේකා වෙලා. ජයන්ත කැටගොඩත් දැන් ගිහිල්ලා. රනිල් කිව්වා කලින් පොරොන්දු වුණ විදිහට ආරක්ෂක නියෝජ්‍ය ඇමතිකම දෙන්න බැහැ කියලා’ යයිද සෝලිස් මුදලාලිට පවසා තිබේ.
කෙසේ වෙතත් ෆොන්සේකාගේ පක්‍ෂය සමඟ අත්සන් කල ගිවිසුම අනුව එය හිමිවිය යුතු බව සෝලිස් හිමිකරු දන්වා තිබුනද ‘ජනරාල් දැන් නොකවුට්. මිනිහාගෙන් මට වැඩක් නෑ. පොංසේකාට අන්තිමට වෙන්නේ පන්දම අරගෙන අනෝමා වටේ දුවන්නයි වෙන්නේ’ යයිද අසල සිටි එජාප නව මහ ලේකම් කබීර් හෂීම් සමඟ පවසා ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment