හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක එම පක්‍ෂයෙන් ඉවත්වීම එජාපයට දැරිය නොහැකි පාඩුවක් බවත් එනිසා එජාපයට යළි නැගිටීමක් ඇතැයි සිතිය නොහැකි බවත් රාමඤ්ඤ නිකායේ මහා නායක නාපාන පේමසිරි නාහිමියෝ පවසති.
උන් වහන්සේ මෙසේ පැවසුවේ නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් තිස්ස අත්තනායක මහනුවර හිරිකඩුව විද්‍යාසාගර පිරිවෙනට ගොස් උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය.
‘ඔබතුමා පක්ෂයට හොදින් සේවය කළා. හිතට එකගව මෙන්ම හිතට එකග නොමැති දේවල් පවා කරමින් පක්ෂය ආරක්ෂා කිරීමට කටයුතු කළා. මේ මොහොතේ ඔබතුමා ගත් තීරණය හොදයි.පක්ෂයෙන් ඉවත් වූ පිළිවෙළත් අගේ කරනවා. යම් තැනක ඉන්න බැරි නම් එතැනින් ඉවත් වීමේ වරක් නැහැ. අපි ත‍්‍රස්තවාදයෙන් බැට කෑ ජාතියක්. ඒ නිසා රටේ යළි ත‍්‍රස්තවාදයක් ඇති වෙන්න දෙන්න බැහැ. ඇතැමුන් ජාත්‍යන්තරය සමග එකතු වී මේ රටේ ත‍්‍රස්තවාදය යළි ඇති කරන්න උත්සාහ දරන බව අපි දන්නවා’ යයිද උන් වහන්සේ කීහ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment