රාජපක්ෂ පවුලෙන් වැටෙන්න ඔන්න මෙන්න...වැටුනොත් කුඩු ෆයිල් ජනතාවට ඵළිවෙනු ඇත....
ආණ්ඩුවේ කොලොන්නාව සංවිධායක ආර්.දුමින්ද සිල්වා මේ වන විට රාජපක්ෂවරු අතර උදහසට ලක්වී ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.
පසුගිය දා කොලොන්නාවේ පැවති ජනාධිපතිවරයා සහභාගි වූ රැස්වීමකට දුමින්ද සහභාගි නොවීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා ඔහු කැඳවා බැණ වැදී තිබේ. දුමින්දගේ ක්‍රියා කළාප මේ වන විට ජනාධිපතිවරයාගේ පවා දෝෂදර්ශනයට ලක්වී ඇත. ආරක්ෂක ලේකම්වරයා බැණ වැදීමෙන් පසු දුමින්ද සිල්වා කිසිවෙකුටත් නොදන්වා විදේශ ගතවී ඇත. එසේ විදේශ ගතවූ බව ආරංචි වී ඇති රාජපක්ෂ වරුන් ඔහුට වහාම දිවයිනට පැමිණෙන ලෙස නියෝග කර තිබේ.
ඒ අනුව දුමින්ද සිල්වා පසුගිය 08 වන දා නැවත ලංකාවට පැමිණ ඇත. දුමින්ද සහ ඔහුගේ සොහොයුරා වන හිරු නාලිකාව අයත් රේන සිල්වා මේ වන විට රාජපක්ෂවරුන් පිළිබඳව අන්තයටම කලකිරී එජාපයට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව දැනගත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වහාම ක්‍රියාත්මක වී ඔවුන් දෙදෙනා එජාපයට එක්වීමට ප්‍රථම හිරුණිකා පොදු අපේක්ෂක මෛත්‍රී පාල සිරිසේනට සහාය දැක්වීම සඳහා එක්කර ගෙන ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)





Post a Comment