ප්‍රශ්න කිරීමේදී අජිත් රෝහණ කුමාර ඝාතනයට තිබු සම්බන්ධය හෙළිදරවු කළේය.රෝහණ කුමාර ඝාතන චෝදනාවෙන් ආණ්ඩුව බේරා ගැනීම පිණිස අපරාධ පරීක්ෂණ බියුරෝවේ ප්‍රධානියා (ෂෝ වික්‍රමසිංහ )කළේ ආණ්ඩුවට හානියක් නොවන පරිදි ගෙතු කථාවක් කීමට තාර අජිත් එකඟ කරවා ගැනීමය.
කිසියම් දිනෙක තමා මොරටුව සමන් සමඟ කඩුවෙල අජිත් සමඟ මත්පැන් බොමින් සිටින අවස්ථාවක තමන් වෙත පැමිණි පුද්ගලයෙකු රෝහණ කුමාර නමැති පුද්ගලයෙකු තමන්ගේ බිරිඳගේ නිරුවත් ජායාරූප ඇති බව කියමින් තමුන්ගෙන් දිගින් දිගට කප්පම් ඉල්ලන බවත් , ඔහුට වෙඩි තබා මරා දැමිය හැකිනම් ඒ වෙනුවට මිලක් ගෙවීමට තමා එකඟ බව දන්වා සිටි බවත් , ඒ අනුව ඔහුගේ වුවමනාව මත තමන් දෙදෙනා රෝහණ කුමාර ඝාතනය කළ බවත් ඔහු කියා සිටියේය.

Post a Comment