රට ගැන හිතන සංවේදී කලාකරුවන් ලෙස, මෙවර ජනපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ විජයග්‍රහණය වෙනුවෙන් එක සිතින් සහයෝගය ලබ දීමට තමන් දැනටමත් තීරණය කර අවසන් බවත්, ඒ වෙනුවෙන් නළාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් රට පුරා පැවැත්වීමට නියමිත ‘‘මහින්දට ඉඩදෙන්න‘‘ සංදර්ශන මාලාවවේ පළමුවැන්න දෙසැම්බර් 19වැනිදා පස්වරුවේදී පානදුරේදී පැවැත්වීමට නියමිත බවත් හෙළබල කලා සංසදයේ සභාපති නළාකරු අර්ජුන් කමලනාත් ප්‍රකාශ කලේය.
කලාවේ හා නළාකරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් හෙළ බල නළා සංසදය ඉදිරිපත්කල යෝජනා මාලාව වසර 4ක් තුල ඉටුකර දීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා එම සංසදයේ උපදේශක ආචාර්ය අනූෂ ප්‍රනාන්දු, ප්‍රධාන සංවිධායක රජිත හිරාන් ,මාධ්‍ය ලේකම් සමන් චන්ද්‍රරත්න යන මහත්හොරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
වැඩිදුරටත් අදහස් දන්වමින් අර්ජුන් කමලනාත් නළාකරු මෙසේද ප්‍රකාශකර සිටියේ ‘‘ 83 දී කළුජූලිය වෙලාවෙදි විජය චිත්‍රාගාරය ගිනි තිබ්බා. 88/89 කාලෙදි අවුරුදු දෙකක් 6.30, 9.30 දර්ශන පෙන්නන්න බැරි යුගයක් තිබුණා. 96 දී බලයට ආපු චන්ද්‍රිකා චිත්‍රපට සංස්ථාව සතු වූ බෙදාහැරීම් පෞද්ගලික අංශයට පැවරුවා. කලාව විනාශ කරපු මේ තුන්ගොල්ලගෙන්ම යහපාළනයක් බලාපොරොත්තු වෙන්න බෑ. 2009න් පස්සෙ තමයි ලාංකේය චිත්‍රපට කර්මාන්තය ඔළුව උස්සගෙන එන්නෙ. මේ ගමන ආපසු හරවන්න බැරි බවය.
කලාව හඳුනන කලාවට අතහිත දෙන නායකයෙක් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ විජයග්‍රහණය වෙනුවෙන් රට පුරා ප්‍රසංග මාලාවක් පැවැත්වීමටත් වීදි නාට්‍ය හා අත්පත්‍රිකා බෙදා හරිමින් ජනතාව දැනුවත් කිරීමටත් තම සංසදය කටයුතු කරන බව කර සභාපති අර්ජුන කමලනාත් අවධාරණය කළේය.
මෑතදී මෛත්‍රීපාල සිරිසේන ට සහය පලකල චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක පිළිබදව මාධවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, ඔහුගේ හැරයාම තුලින් සිදුවුයේ ජනාධිපති වටා තවත් විශාල පිරිසක් එකතු වීම බවත් කලාව තුල අමුතුම මාදිලියේ සිවිල් බලයක් ගොඩනගා ගනිමින් සෝමරත්න රජය ගොනාට ඇන්දූ බවය. මෙහිදී අදහස් දක්වමින් ප්‍රධාන සංවිධායක රජිත හිරාන් පෙන්වා දුන්නේ තම ස්වාමියාගේ මරණයට සාධාරණයක් ඉටුකරගත නොහැකි වූ නායිකාවක් වන චන්ද්‍රිකා කලාකරුවන්ගේ ගැටළු විසදනුයේ කෙසේද යන්නයි
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment