අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පෙරවරුවේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර පරිශ්‍රයේදී පැවැති උත්සවයකදිය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ තමන් පෙරටත් වඩා දේශපාලනයෙන් ජනතාව වෙනුවෙන් කැප වීමෙන් කටයුතු කරන බවයි. එසේම තමන්ගේ දේශපාලන ජිවිතය ඉදිරියට ගෙන යන බවද අමාත්‍යවරයා පැවසිය.
‘සෞඛ්‍ය ඇමතිවරයා විදිහට අවුරුදු 5කට ආසන්න කාලයක් වැඩකරපු මම ඉතාමත්මසතුටු වෙනවා ඔබත් සමග මේ අවස්ථාවේ එක්වන්නට ලැබීම පිළිබඳව. ඒක නිසාවිශේෂයෙන්ම ඔබ සමග එක්වූ මේ කාල සීමාව තුළ ඔබ සමග සතුටට පත් වෙලාවිශේෂයෙන්ම ඔබේ අනාගතය වෙනුවෙන් විශේෂයෙන්ම ඔබේත් මගේත් රට වෙනුවෙන් ඔබවෙනුවෙන් මම හැමවිටම අද දවසේ වගේම ඉදිරියට අනාගතයේදීත් මීටත් වඩා ඔබට සේවයකිරීමට කැපවෙන බව පවසනවා’ යැයිද අමාත්‍යවරයා එහිදී කීය. බොහෝ පාර්ශවන් මේවන විට මෛත්‍රීපාල සිරිසේන මහතා දෙස බලා සිටින අතර ඔහුගේ නමද පසුගිය දිනවල පොදු අපේක්‍ෂකයා හා ඈදාගෙන ප්‍රකාශ විය. නමුත් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා අද දිනයේ ද කියා සිටියේ ජනතාවට සහ රටට තවදුරටත් සේවය කිරීම වෙනුවෙන් කැප වන බවයි.
එසේම අමාත්‍යවරයා පසුගියදා 13 වනදා පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේ දී කියා සිටියේ තමාට අගමැති වීමේ සිහිනයක් නොමැති බවයි.
තමන් සිටි තැන සහ වර්ථමානයේ දී සිටිනස්ථානය පිළිබඳව සෑහීමකට පත්වන බවත් විවිධ පුද්ගලයින්ට විවිධ ප්‍රකාශ කිරීමටහැකියාව තිබෙන බව ඇමතිවරයා කියා සිටියේය.
එසේමඉදිරි ජනාධිපතිවරණයේදී අපේ පොදු අපේක්‍ෂකයා වෙන කවුරුත් නොව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බවත් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා සඳහන් කළේය.
Post a Comment