උපේක්‍ෂා වැන්නියක් තම අමාත‍්‍යාංශ අධීක්‍ෂණයට දැමීම ගැනන උරණව සිටින ඩිලාන් සහ රජය ගැන මහත්සේ කළකිරී සිටින ජනක බණ්ඩාරද නුදුරුවේදීම පනිනු ඇතැයි අපට ලැබෙන පුවත් තුළින් සනාථ වේ...
හිතේ අමාරුවෙන් ඉන්නා බව ඇමැති ජනක කියයි....
ලග්ගල මන්ත්‍රීවරයකු ඉඩම් බෙදා දෙන බව ඇත්ත.මේ ගැන ජනපතිට පැමිණිලි කළා.තද තීන්දුවක් ගන්නා බව ජනපති මට කිව්වා.ඒත් අද වන තුරු ගත් තීන්දුවක් නෑ.ඒ ගැන මගේ හිතේ අමාරුවක් තියෙනවා.‘ ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්කොන් මහතා පාර්ලිමේන්තු ඉඩම් අමාත්‍යංශ වැය ශිර්ෂයේදී කීවේය.
ඇමැතිට කලින් කතා කළ එජාපයේ පී හැරිසන් මහතා කීවේ ජනක බණ්ඩාර තෙන්කෝන් ඇමැති වුණාට මතලේ ඉඩම් බෙදා දෙන්නේ නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් පෙරේරා බවයි.
‘ජනක ඇමැතිතුමා ළඟ ඇත්තේ බෝඩ් එකක් විතරයි. හිස් ටින් එකක් විතරයි ,හිස් බෝඩ් ලෑල්ලක් විතරයි.ඉඩම් බෙදන්නේ වෙනත් අය.‘මේ පැත්තට එනවාදැයි හැරිසන් මහතා ඇමැතිගෙන් ඇසුවේය. කෑකෝ ගැසීම් නිසා ඇමැතිගේ පිළිතුර හරියට අසාගත නොහැකි විය.
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment