ජනතාව බලා සිටින්නේ විමර්ශන නෙවෙයි. ඒවායේ ප්‍රතිඵල මොනවද කියලයි. විමර්ශන කීවම ඔවුන් බලාපොරොත්තු වන්නේ වෙන දේ මොනවද දැන ගැනීමටයි. ඒ විමර්ශනවලින් ඇතිවෙන කරුණු උපයෝගි කරගෙන සැකකරුවන් විත්තිකරුවන් නීතියේ රැහැනට අල්ලගන්නේ නැත්තේ ඇයිද කියා මහජනයා අහනවා. ඒ ගැන දැනගන්න මහජනයාට ඉවසිල්ලක් නැහැ. මහජනයා තැන් තැන්වල මට බනිනවා පොලිස්පතිට බනිනවා මොකුත් වෙන්නෙ නැහැ කියලා.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග එසේ සඳහන් කෙළේ මහාපරිමාණ මූල්‍ය වංචා විමර්ශන පොලිස් කොට්ඨාසයේ පැරැණි
ජේයෂ්ඨ අමාත්‍ය කාර්යාලයේ පිහිටුවීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවකදීය.
පසුගිය කාලයේ වගේ ආවට ගියාට හරියට සාක්ෂි කරුණු කාරණා නැතිව අපි කැමැති නැහැ පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරන්න. හොඳටම විමර්ශනය කරල තමයි ඒ අය අත්අඩංගුවට ගන්නෙ. මේ තත්ත්වය යටතේ දෙතුන් දෙනකු පමණයි තවම අත්අඩංගුවට පත්වුණේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment