“2010 ජනාධිපත් මැතිවරණයේ යුධ ජයග්‍රහණයෙන් පස්සේ එදා රනිල් වික්‍රමසිංහ නෙවෙයි මේ ලෝකේ කවුරු ඇවිල්ල ඉල්ලුවත් මහින්ද රාජපක්ෂ දිනනව. ඒක අපි නොදැන හිටිය නෙවෙයි. ඒ බව දැනගෙනම තමයි අපි සරත් ෆොන්සේකා දැම්මේ.අපට කිසිම විස්වාශයක් තිබුනේ නෑ ඔහු දිනාවි කියල.අපි මැතිවරණ ව්‍යාපාරය උපරිමයෙන් කළ.ඒ කලේ පරාද වන බව දැනගෙන. ”
2010 මැතිවරණයට කලින්ම සරත් ෆොන්සේකා ජනාධුපතිවරණයට ඉදිරිපත් කලේම ඔහු එහිදී පරාජය වන බව දැනගෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. දෙරණ 360 වැඩසටහනට සහභාගී වෙමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මේ බව මේ බව අනාවරණය කළේය.
එහිදී ඔහු මෙලෙස අදහස් පල කළේය.
“2010 ජනාධිපත් මැතිවරණයේ යුධ ජයග්‍රහණයෙන් පස්සේ එදා රනිල් වික්‍රමසිංහ නෙවෙයි මේ ලෝකේ කවුරු ඇවිල්ල ඉල්ලුවත් මහින්ද රාජපක්ෂ දිනනව. ඒක අපි නොදැන හිටිය නෙවෙයි. ඒ බව දැනගෙනම තමයි අපි සරත් ෆොන්සේකා දැම්මේ.අපට කිසිම විස්වාශයක් තිබුනේ නෑ ඔහු දිනාවි කියල.අපි මැතිවරණ ව්‍යාපාරය උපරිමයෙන් කළ.ඒ කලේ පරාද වන බව දැනගෙන. ”
මෙවරද පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නියත ලෙසම ජයග්‍රහණය කරන නිසාදැයි ඇසූ පැනයට විජේදාස රාජපක්ෂ පැහැදිළි පිළිතුරක් නොදුන්නේය.
මේ වසර මුල ජනතා විමුක්ති පෙරමුණද ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරාජය වන කලින්ම දැන සිටි බව ප්‍රථම වතාවට හෙළි කළේය.
නමුත් 2010 ජනාධිපතිවරණය අවසන් වනවාත් සමගම එජාපය ,ජවිපෙ ඇතුළු කණ්ඩායම් සමග සරත් ෆොන්සේකා මහතා තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කලා යැයි පදනමේ සිට සිනමන් ලේක් සයිඩ් හෝටලයේ සිට ක්‍රියාත්මක කරන්නට සැරසුණු වැඩපිළිවෙලක් පිළිබඳ එකල ඉමහත් කතා බහට ලක්විය. එමෙන්ම මැතිවරණ ප්‍රතිඵල ‘කොම්පුටර් ජිල්මාට්’ එකක් ලෙස එකල ජවිපෙ නායකයා මෙන්ම බොහෝ එජාප නායකයි විසින් හඳුන්වාදුන් අතර ඒ මත පදනම් වෙමින් මැතිවරණ පරාජයට හේතුව එය බව පුන පුනා ප්‍රකාශ කලහ.
නමුත් එදා එලෙස ප්‍රාශ කල පාර්ශව මේ පවසන්නේ තමන් එදා ප්‍රබලව ප්‍රචාරය කල ඉතාමත් තීරණාත්මක මතය ව්‍යාජයක් බවයි.එමෙන්ම මෙවරද ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු සොයන අතරතුර මේ ප්‍රකාශය කිරීම විශේෂත්වයක් වෙයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment