බලය අතට ගනී..
ෆීල්ඞ් මාෂල් ධුරයත්
ළඟදීම...

බිරිඳටත් තනතුරක්..!!!
හමුදාපති ධුරයටත් හිතවතෙක්..
හමුදාවේ තීරණාත්මක තනතුරුත් හිතවතුන්ට..
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ලබන සතිය වනවිට ෆීල්ඞ් මාෂල් ධුරය හිමිවනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තනතුර හිමි වුවහොත් හමුදා සේවයේ ඉහළම තනතුර වන ෆීල්ඞ් මාෂල් ධුරය හිමිවන පළමු ශ‍්‍රී ලාංකිකයා වනු ඇත්තේ සරත් ෆොන්සේකා මහතාය.
ත‍්‍රස්තවාදීන් පරදා ශ‍්‍රී ලංකා හමුදාව ලැබූ ජයග‍්‍රහණයේ ඉහළම සේවය ඉටු කළ ජෙනරාල් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයේ දී හමුදා සෙබළුන් රාජපක්ෂික භාවයෙන් මුදා ගැනීම යන චෝදනා හේතු කොට ගෙන සියලූ එතෙක් දැරූ සියලූ තනතුරුවලින් පහ කෙරුණි.
එහෙත් මෙවර ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දුවක් මත පසුගියදා ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලැබුණු අතර සියලූ තනතුරු සහ වරප‍්‍රසාද හිමි විය.
මේ අතර ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය වශයෙන් පත් කළ බව 18* නිවේදනය කෙරුණි. එසේම ඇගේ සොහොයුරෙකු වන ජෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් මුණසිංහ මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමටද කටයුතු සූදානම් බවද වාර්තාවෙයි.
නව ආණ්ඩුව බලයට පැමි”මෙන් පසුව යුද හමුදා යන්ත‍්‍රනයේ ප‍්‍රධාන වෙනස් කම් කිහිපයක් පසුගිය දා සිදුකල අතර, මේ අනුව හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා සමග සමීප ගනුදෙනුවක් පැවැත්වීම නිසා පලිගැනීමට ලක්ව සිට, පසුගියදා යලි සේවයේ පිහිටැවූ මේජර් ජෙනරාල්වරුන් සහ බ‍්‍රිගේඩියර්වරුන් හමුදාවේ තීරණාත්මක ස්ථාන වලට පත් කරනු ලැබිය.
මේ අතර රජයේ ආරංචි මාර්ග හා යුද හමුදා ආරංචි මාර්ගවලට අනුව මීළ`ග යුද හමුදාපතිවරයා වීම සඳහා මේජර් ජෙනරාල්වරුන් වන ක‍්‍රිෂාන්ත සිල්වා, ප‍්‍රසාද් සමරසිංහ, ජේ.සී. රඹුක්පොත, එල්.ඩබ්.සී.බී.බී. රාජගුරු, මිලින්ද පීරිස්, එස්.ඩබ්.එල්. දවුලූගල, ආර්.එම්.ෙ–.ඒ. රත්නායක, ජගත් ඩයස් යන නිලධාරීන්ගේ නම් යෝජනා වී තිබේ.
කෙසේවුවද නව යුධ හමුදාපතිවරයා ලෙස තමාගේ හිතවතකු පත්කර ගැනීමට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බලවත් උත්සහයක් දරමින් සිටියි.
Post a Comment