BREAKING NEWS

රටතොට

Wednesday, February 25, 2015

ඇත්තටම හමුදාවේ විනය කියන්නේ මොකක්ද...? සරත් චන්ද‍්‍රලාල් ෆොන්සේකා...!!!

ජනරාල් සරත් ෆොන්සේකා  සමග ස්වාධීන රූපවාහිනිය පැවැත්වූ ‘සත්‍යාගාරය’  වැඩසටහන. උපුල් ශාන්ත සන්නස්ගල  වැඩසටහන මෙහෙයවීය.
 වීඩියෝ පටය  ඇතුළත්ය....

ඔබතුමාට ආයුබෝවන්

ආයුබෝවන්

ඔබේ සම්පූර්ණ නම...?

ගාර්දිහේවා සරත් චන්ද‍්‍රලාල් ෆොන්සේකා

ජනරාල්ගේ ගම...?

අම්බලන්ගොඩ

දැනට ජනරාල්ගේ වයස?

64 යි

ජනරාල් ඉගෙන ගත්ත පාසල

මම පළමුවෙන්ම අම්පාර පළාතේ මඩවාලන්ද කියන ගමේ ඉස්කෝලයකට ගියා තුනේ පන්තිය විතර වෙනකම්. ඊට පස්සේ ගාල්ල හිනිදුම තවලම පාසලකට ගියා අවුරුදු 2ක් විතර. ඊළගට මගේ උපන් ගමේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ආවා. ඉඳලා අපොස උසස් පෙළ හදාරන්න කොළඹ ආනන්ද විද්‍යාලයට ආවා.

ජනරාල්ගේ මව?

මවගේ නම ඊ.පියවතී ෆොන්සේකා ගුරුවරියක් හිටපු.

ජනරාල්ගේ පියා?

පියා ජී.එච්.පීටර් ෆොන්සේකා එයා හිටපු විදුහල්පතිවරයෙක්.

ජනරාල්ගේ බිරිඳ?

බිරිඳ අනෝමා ෆොන්සේකා. ඇය ගෘහණියක්. ඇය කාලයක් අවුරුදු 10 ක් පමණ පෙර පාසල් ගුරුවරියක් හැටියට වැඩ කළා. ඊට පස්සේ ගෘහණියක් තමයි.

ජනරාල්ගේ දරුවන්?

මට දියණියන් දෙන්නෙක් ඉන්නවා. වැඩඩිමහල් දියණිය අප්සරා ෆොන්සේකා. දෙවැනි දියයණිය අපර්ණා ෆොන්සේකා. දෙන්නම මේ දවස්වල පිටරට ඉන්නේ.

දෙන්නම විවාහකයිද?

ඔව්.

පුතෙක් නැති එක ගැන ජනරාල්ට දුකයිද....?

ඔව්. මුලදි නම් එහෙම තිබුණා. මුලදිම බලාපොරොත්තුවන්නේ පළවැනි දරුවා පුතෙක් කියලා. නමුත් දියණියන් එක්ක ජීවත් වෙනකොට ඒගොල්ලො හැදිල වැඩිලා එනකොට ඒ ප‍්‍රශ්නෙ එහෙම්ම අමතක වෙලා යනවා.

ජනරාල් ඇත්තටම යුද හමුදාවට බැඳුණේ කොයි කාලෙද? ඇත්තටම යුද හමුදා සෙබළෙක් වෙන්න බලපාපු එහෙම නැත්නම් යුද හමුදාවට බැෙක්‍ෂන්න බලපාපු මූලික තර්කනය කුමක්ද?

මම යුද හමුදාවට බැඳුනේ 1970 එතකොට මට වයස අවුරුදු 19යි. මම කුඩා කාලේ ඉඳලා පාසල්වල ධර්මාශෝක විද්‍යාලයේ ආනන්ද විද්‍යාලයේ දෙකේම ශිෂ්‍ය භට කණ්ඩායම්වල හිටියා. කණිෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම් වලට බැෙක්‍ෂන්න පුළුවන් අවුරුදු 12දී. මම අවුරුදු 10 විතර ඉඳන් ශිෂ්‍ය භට කණ්ඩායම්වලට පුහුණුවීමට යනවා. ආසාවට ඉතින් ශිෂ්‍යභට කණ්ඩායම් දෙකේම කණිෂ්ඨ ධර්මාශෝකේ, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම ආනන්දේ දෙකේම සැරයන් තනතුරු ලැබුවා. ඉතින් ඒ ලැබුණු පසුබිමත් එක්ක රටේ නීතිය රකින්න ජනතාව ආරක්ෂා කරන්න රට ආරක්ෂා කරන්න වගකීමක් ලැබෙනවනම් හොඳයි කියන අදහස මගෙ හිතේ තිබුණා ඉස්කෝලේ යන කාලෙ ඉඳලම. ඒ අනුව යුද හමුදාවට බැෙක්‍ෂන්න තීරණය කළා.

පටන්ගත්ත ?න්ක් එක?

යුද හමුදාවට අපි බැෙක්‍ෂන්නේ කෙඩෙට් නිලධාරී කියල තමයි. බන්දවා ගන්නේ. ඒ පුහුණුවීම්වල ඉන්න කාලේ කෙඩෙට් නිලධාරී කියල කියන්නේ.

දැන් මේ වැඩසටහනේදී අපි ඍජු ප‍්‍රශ්න විශාල ප‍්‍රමාණයක් ජනරාල්ගෙන් අහනවා. ඒ අහන්න කලින් මම ජනරාල්ගෙන් ප‍්‍රශ්නයක් අහනවා. ඇත්තටම ජනරාල් වැඩිපුරම කිපෙන්නේ

කේන්ති ගන්නේ මොනවාගෙ දේවල් වලටද?

මට කේන්ති යන්නේ, වරද දැක්ක පළියට කේන්ති යන්නේ නෑ. වරද දැක්කම මම පුරුද්දක් වශයෙන් ඒක නිවැරදි කරන්න ඉදිරිපත් වෙනවා.

ප‍්‍රශ්න කළාම කේන්ති ගන්නේ නැහැ?

නැහැ නැහැ. එහෙම නිවැරදි කරන්නත් හදලා පළවැනිපාර, දෙවැනිපාර, තුන්වැනිපාර කිව්වත් කවුරුහරි අහන්නෑ වගේ වුනොත් තමයි කේන්ති යන්නේ.

යුද හමුදාව තුළ ජනරාල් තවත් ආණ්ඩුවක් හදන්න උත්සාහ දරන බවට සමහර හමුදා නිලධාරීන් චෝදනා කරනවා. ජනරාල්ට පුළුවන් ඒකට උත්තර දෙන්න?

ඒ කියන්නේ දැන් හදන්න හදනවා කියලද?

එහෙම කියනවා. පුවත්පත්වල වෙබ්සයිට්ස්වල, ෆෙස්බුක් එකේ මේ සම්බන්ධයෙන් විවිධ තොරතුරු පළවෙනවා. ඒ සමාජ මාධ්‍ය තමයි මිනිස්සු කියවන්නේ. එතකොට ඒ මධ්‍යවලින් කියනදේට ජනරාල් දෙන උත්තරය රටවැසියන්ටත් ලෝකවාසීන්ටත් වැදගත්වෙනවා.

යුද හමුදාව තුළ ආණ්ඩුවක් හදන්න හදනවා වැනි චෝදනා ඇත්ත වශයෙන්ම අපි දකින්නේ ප‍්‍රථමයෙන්ම මඩ ගැසීමේ චේතනාව ඇතුව කරන දේවල් හැටියටයි මං දකින්නේ. නමුත් මම යුද හමුදාපති කාලෙත් මම හැමවෙලේම උත්සාහ කළා ගෞරවය රැුකෙන ජනතාව ආදරය කරන විනය රකින ඉතා උසස් මට්ටමකින් රාජකාරී කිරීමේ හැකියාව ඇති හමුදාවක් තියෙනවා දකින්න. ඒකම තමයි මම දිවා ? වෙහෙසිලා මම අණ දුන්න හමුදාව මම ඒ තත්ත්වයට ගෙනාවා. එහෙම හමුදාවක් තියෙනකොට තමයි රටේ ජනතාවට ඇත්තටම ආරක්ෂාව සහ හමුදාවක් ගැන ගෞරවයක් ඇතිවෙන්නේ. සමහර අවස්ථාවල හමුදාව ජනතාවට හිසරදයක් වෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නේ අර මං කියපු ගෞරවය හමුදාව ලබාගත්තේ නැත්නම්. දැනුත් මම කැමතියි අපි ජීවත්වුණු හමුදාව අපේ ජීවිතයෙන් අවුරුදු 40 ක් ගත කරපු හමුදාව ජීවිතෙන් 2/3 ක් ඒ හමුදාව මම අණදීපු කාලෙ තිබුණ කීර්තිය ගෞරවය ඔබතුමා දන්නවා. රටේ ජනතාව ඒ කාලෙ හමුදාවට හරි ආදරෙයි. ඒ හමුදාවට උතුරෙ ජනතාවත් ආදරේ කළා කියල මම හිතනවා. ඒකයි මම ජනාධිපතිවරණයට ගියාමත් උතුරේ ජනතාව මට ඡුන්දය දුන්නා දෙමළ සන්ධානයටත් වඩා ඡුන්ද. ඉතින් ඒ ගෞරවය ලබාදෙන්න හමුදාවේ දුර්වල තැන් තියෙනවා නම් පෙන්වන්න හමුදාව දක්ෂ විනය ගරුක අය අතින් පාලනය වෙනවා දකින්න එවැනි අයට හමුදාවේ ලැබිය යුතු තැන් ලැබෙනවා දකින්න මං කැමතියි. ඉතින් මගෙන් කවුරුහරි අවවාද ඉල්ලූවොත් අදහස් ඉල්ලූවොත් මම හිතට එකගව සද්භාවයෙන් ඒ අවවාද අදහස් දෙනවා.

මේ ප‍්‍රශ්නය ඒකෙම දිගුවක්. ජනරාල්ගෙ උත්තරේ ඇතුළේ මේකේ යම් උත්තරයක් තිබුණා. නමුත් මම මේ ප‍්‍රශ්නය දානවා මේකෙ දිගුවක් හැටියට. හමුදාව තුළ පසුගිය සමයේ කළ වෙනස්කම් ඔබේ යෝජනා නිසා කළ ඒවාද?

නැහැ එහෙම නෙවෙයි. දැන් මම අනිවාර්යයෙන්ම ගරු අගමැතිතුමාට, ගරු ජනාධිපතිතුමාට ඒ දෙන්නටම ඉල්ලීමක් කළා පසුගිය කාලෙ ඇතුළත හමුදාවෙ නිලධාරීන්ගෙන් පළිගත්තා. පසුගිය කාලයේදී මේ පාලකයා ඒ ආරක්ෂක ලේකම් ඔවුන්ට අවශ්‍ය දේශපාලන ක‍්‍රියාදාමවලට සහයෝගය නොදෙන සම්බන්ධ නොවන අපි හමුදාවෙ ඉගෙනගෙන තියෙන්නේ දේශපාලනය කරන්නේ නැහැ. දේශපාලනය තහනම්. දැන් මම අණදෙනකොට හමුදාවට දේශපාලනඥයෝ ඇගිල්ල ගැහුවේ නැහැ.

ජනරාල් සමාවෙන්න. ඔබතුමා මේ පදවිවලින් කථා කළේ, නාම ග‍්‍රාමවලින් කියන්නට තිගැස්මක් තියනවාද?

නැහැ. ගරු ජනාධිපතිතුමයි,ගරු අගමැතිතුමයි ගැනද?

නැහැ. ගිය ආණ්ඩුව කාලෙ අණ දුන්නා කිව්ව හමුදාවට මෙහෙම දෙන්නෙක්.

නැහැ මම එතැනට ආවේ නැහැ තාම. ඔබතුමාගෙ හිතේ තියෙන බලාපොරොත්තුවෙන උත්තරයක්. මම කිව්වේ නැහැ ඒක ඇත්තටම. මම කිව්වේ ඒ රාජකාරිය හරියට කරපු අයට අසාධාරණයක් වුණා. ඒ දෙන්නා ගැන මම කිව්වේ රටේ හිටපු පාලකයයි... ආ ඒ දෙන්නා... ඒ දෙන්නා රාජපක්ෂ සහෝදරයෝ දෙන්නා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ. ඒගොල්ලෝ කැමතිවුණේ ඒ ගොල්ලෝ ඇළුම් කළේ ඒගොල්ලෝ උසස්වීම් දුන්නේ ඒගොල්ලෝ වරප‍්‍රසාද දුන්නේ ඒගොල්ලෝ විදේශවල වගකීම්වලට ඇරියේ , ඉඩම් බෙදලා දුන්නේ, ගෙවල් හදලා දුන්නේ ඔක්කොම දේශපාලන ගැතිකම් කරන අයට. ඉතින් කෙලින් වැඩකරපු අයට මම යුද්ධ කරනකොට ඉතාම කැපවීමෙන් වැඩකරපු කොටසක් හිටියා. ජනතාව සමහරවෙලාවට දන්නේ අර සේනාංක අණ දුන්න හතර පස්දෙනාගෙ නම් විතරයි. ඒවානෙ මාධ්‍යයේ දකින්නේ. මාධ්‍යයේ දකින්නේ එච්චරයි. නමුත් විශාල සැලැස්මක් අපි පැය 24 ක් අවුරුදු දෙකකුත් මාස 9 ක් නොකඩවා ගෙනියපු ක‍්‍රියාදාමයේදී විශාල පිරිසක් හිටියා ඒකේ. හැමදේටම යුද පිටියේ කක්කුස්සියක් ශුද්ධ කරත් ඒක පිටිපස්සෙත් යම්කිසි පිරිසක් ඉන්නවා. මියගිය කෙනෙක් මල්ශාලාවට ගෙනැල්ලා ගෙදරට මිනිය ගෙනියනකන් කට්ටියක් ඒක පිටිපස්සේ ඉන්නවා. මගේ සැලසුම් මගේ උපදෙස් අකුරටම ගෙනියන්න ඉදිරියට ගෙනිහිල්ලා වෙනවද කියල මට සනාථ කරන්න කට්ටියක් ඉන්නවා. මම කිව්වොත් අහවල් තැන පතරොම් තියෙන්න  ඕන ලක්ෂයක්, අහවල් දවසේ අහවල් වෙලාවට කියලා ඒක කරන්න කට්ටියක් ඉන්නවා. ඒක විශාල වගකීමක්. ඉතින් එවැනි කට්ටිය හිටියා රටේ වැදගත් වගකිව යුතු ස්ථානවල. ඒ කට්ටියගෙන් පළිගත්තා. මම නම් කියපු ඒ පාලකයයි ආරක්ෂක ලේකම්වරයයි හිතුවේ ඒ ගොල්ලෝ මගේ පන්දම්කාරයෝ කියලා. ඒගොල්ලෝ මට පන්දම් ඇල්ලූවේ නැහැ. මම එක්ක එකට ඉඳල තේ එකක්වත් බීලා නැහැ. අඩුගානේ මගේ ගෙදර මිදුලේ පස් පාගලවත් නෑ ඒ නිලධාරීන් ජීවිතේට. මගේ බිරිඳ හම්බෙලවත් නැහැ ඒ නිලධාරියෙක්ගෙ බිරිඳවත්. සමහර අය මම මූණ දැකලත් නැහැ. නම් බලල නම් ලයිස්තුවෙන් මම ඒගොල්ලෝ ගැන සොයල බලල තනතුරුවලට පත් කළා. සමහර බ‍්‍රිගේඩියර්ලා හිටියා මම දැකලා නැහැ ජීවිතේටවත්. දැන් මේ ළගදී ඇවිල්ලා ආපහු මාව මුණ ගැහිලා අපට වෙච්ච විපත්තිය ගැන උදව් කරන්න කියල කියනකොට තමයි දැක්කෙ සමහරු. ඉතින් එවැනි අයට උදව්කරන්න කියල මම ඉල්ලීමක් කරල ගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා ඒගොල්ලෝ නැවත පළමුවෙන්ම ගියපු 10දෙනෙක් හිටියා. පළවැනි දවසෙම ජනාධිපතිවරණය ඉවරවෙලා දවස් 4 ක් ඇතුළත ඒගොල්ලෝ ඇරියා 2010. ඒ ලයිස්තුවෙව අය තමයි ඉස්සෙල්ලම ගෙනාවේ. ඉතින් ගේනකොට මේගොල්ලන්ට යම් යම් වගකීම් දිය යුතුයි. ඉතින් වගකීම් දෙනකොට ඒ ගොල්ලෝ හැංගිල ඉන්න නෙමෙයි, මම යෝජනා කළා සමහර තැන් මේ ගොල්ලන්ට තියෙන හැකියාව අනුව නම්, මගෙනුත් අදහස් විමසුවා. ආරක්ෂක ලේකම් මට කථා කළා. ගරු ජනාධිපතිතුමාගේ ලේකම් කථා කළා. මොනවගේ ස්ථානද මේ කට්ටියට ගැලපෙන්නේ කියලා. ඒගොල්ලෝ අනිවාර්යයෙන් මගෙන් අහන්නැතුව ගෝඨාභය රාජපක්ෂගෙන් අහන්න බෑනේ. ඉතින් එහෙම ඇහුවම මම සද්භාවයෙන් කියනවා. එතකොට ඒ අනුව සමහරු ඒ තැන්වලට ගියා. ඉතින් 10දෙනෙක් ගත්තම 10 දෙනාම පත් කළේ නැහැනේ මම. දහදෙනාගෙන් 6 දෙනෙක් විතරයි ඒගොල්ලන්ගේ හැකියාවන් අනුව මම කිව්වා. මේ වගේ රැුකියා ඒගොල්ලන්ට පුළුවන් කියලා. එතකොට ක‍්‍රියාන්විත ප‍්‍රදේශවලට 4 දෙනෙක් ගියා. මම කිව්වේ නැහැ එක්කෙනෙක් මඩකලපුවට, එක්කෙනෙක් යාපනේට. මම කිව්වේ මේ අයට ඒ අයගේ ජ්‍යෙෂ්ඨතාවයත් සලකලා මේ වගේ තනතුරුවල ඉන්න පුළුවන්. මේ අය මාණ්ඩලික ක‍්‍රියාකාරකම් සඳහා දක්ෂයි. හමුදා මූලස්ථානය වගේ තැන්වල වැඩකරන්න දක්ෂයි. ඉතින් ඒක නිසා යෝජනා කළා. සමහර යෝජනා පිළිගත්තා. සමහර යෝජනා පිළිගත්තේ නැහැ.

දැන් මීළග යුද හමුදාපතිතුමා පත්වීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය පසුගිය සතිවල වාර්තා කළා. ඉන්න යුද හමුදාපතිවරයා විශ‍්‍රාම ගන්වනවාය. තවත් නමක් යෝජනා වෙලා තිබුණා. දැනට සිටින අයගෙන් සුදුස්සා කවුද? ඇත්තටම ජ්‍යෙෂ්ඨයාටද නිම තැන ලැබෙන්න  ඕන. නැත්නම් විශ්වාසවන්තයාටද ඊළග යුද හමුදාපති පත්වීම සම්බන්ධව ජනරාල් සරත් ෆොන්සේකාගේ යෝජනාව කුමක්ද?

ඒක මෙහෙමයි උපුල්, සිටින යුද හමුදාපති සහ ඉන්න ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී. ඒ කියන්නේ තරු හතරෙ ජනරල, ත‍්‍රිවිධ හමුදාපතියි යුද හමුදාපතියි අනිවාර්යයෙන්ම ඒ තනතුරුවලින් ඉවත් කළ යුතුයි කියල මමත් යෝජනා කළා. අපේ අදහස් විමසන අවස්ථාවලදී ගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා. ඒගොල්ලෝ පහුගිය දවස්වල ක‍්‍රියාකරපු ආකාරයට. කෙළින්ම දේශපාලනය කළා. සෙබළුන්ට ගිහිල්ලා ආමන්ත‍්‍රණය කරල සෙබළු හාර පන්සීය දාහ දෙදාහ රැුස්කරලා කඳවුරෙන් කඳවුරට යමින් කිව්වා සෙබළුන්ට පරාජය වෙලා ගියපු ජනාධිපතිට ඡුන්දෙ දෙන්න කියලා. ඒ තත්ත්වයට ඒගොල්ලො වැටුණා. කවදාවත් හමුදාවල ඒවා සිද්ධ වෙලා නැහැ. ඒක හන්දා ඊට අමතරව කුමන්ත‍්‍රණ කටයුත්තක් ඒගොල්ලෝ ක‍්‍රියාවට යොදවන්න සැලසුම් කළා. ඒවට අවශ්‍ය සෙබළු ස්ථානගත කළා. ඒගොල්ලන්ට අවශ්‍ය නියෝග දීල තිබුණා. අවසාන මොහොතේ පොලිස්පතිතුමා, නීතිපතිතුමා පසුබැස්ස නිසා ඒකට විරුද්ධවුණ නිසා ඒක නැවතුනා. රටේ වාසනාවකට. තමුන්නාන්සේලා සියලූ දෙනාගෙම පෙර පිනකට. ඒක හන්දා මං කිව්වා ඒ නිලධාරීන් අනිවාර්යයෙන්ම යායුතුයි ඒගොල්ලෝ ඉන්න තැනකට මම එන්නෙවත් නෑ කියලා මම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා. ඒගොල්ලෝ සහභාගීවන රාජකාරිමය කටයුත්තකටවත් මම සහභාගිවෙන්නේ නැහැ කියලා. ඒ වගේ විනය රහිත හමුදාවේ ගෞරවය කෙලසපු. හමුදාවේ කණිෂ්ඨ නිලධාරීන්ට වැරදි පූරවාදර්ශ දීපු නිලධාරීන් ඉන්න තැන මට ඉන්න බෑ කියලා. අලූතින් හමුදාපති පත්කරන එක මං හිතන්නේ ජනාධිපතිතුමා ඇත්තටම අද වෙනතුරුත් කාටවත් කියලා නැහැ. ඉන්න එක්කෙනා අරිනවා අලූත් එක්කෙනෙක් එනවා කියන එකත්. නමුත් මම හිතනවා රට වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා රටේ ආරක්ෂාව හමුදාවේ ගෞරවය ගැන හිතල ඒක කරයි කියලා. එහෙම කළොත් මම හිතනවා එතුමා රට වෙනුවෙන් යුතුකමක් ඉෂ්ට කළා කියලා. නමුත් ඒ හමුදාවේ ජ්‍යෙෂ්ඨතා ලයිස්තුවක් තියෙනවා. ඒ පළවැනි පිටේ ඉන්න නම් දැක්කම මට මතක් වුණා මම ඒක කියලා තියෙනවා ජනාධිපතිතුමාටත් එතැන ඉන්නේ දක්ෂයෝම නෙමෙයි. මොකද හමුදාවේ නිලධාරීන් තිහ හතළිහ ගෙදර ඇරලා තෝරලා බේරලා ගත්තු කට්ටියක් එතැන ඉතුරුවෙලා ඉන්නේ. වරප‍්‍රසාද දීපු, පිටරට ඇරලා අවුරුදු දෙක තුන හුරතල් කරපු, කොළඹ ඉඩම් දීලා වැඩිපුර වරප‍්‍රසාද දීපු, සමහරු හෝටල් හදන්න අවශ්‍ය ඉඩම් ශක්තිය පවා ලබාගෙන තියෙනවා. එවැනි කට්ටියක් ඉන්නවා ඒකේ. ඔක්කොම කට්ටිය නෙමෙයි. හතර පස් දෙනෙක් ඇරුණම අනික් ඔක්කොම ඒ වගේ වරප‍්‍රසාද ලබපු ¥ෂිත වැඩවලට සම්බන්ධ අය ඉන්නේ. ඒක හින්දා මම අවවාදයක් හැටියට ජනාධිපතිතුමාටත් කියල තියෙනවා. මෙතැන ජ්‍යෙෂ්ඨතාවය බලන්න බැහැ. ජ්‍යෙෂ්ඨතාවය බැලූවොත් හමුදාවටත් යහපතක් වෙන්නේ නැහැ. ඔබතුමාට යහපතක් වෙන්නෙත් නැහැ. කවදාවත් මොනම රටකවත් හමුදාපති පත්කරනකොට ජ්‍යෙෂ්ඨත්වය බලල නෙමෙයි දෙන්නේ. අන්තිම කොනේ ඉන්න හමුදාවේ ඉන්න ලෙෆ්ටිනන් කෙනෙක් පත් කරන්න බැහැ. හැබැයි හමුදා පනතෙම කියල තියෙනවා ඔබතුමා වුණත් හමුදාපති හැටියට පත් කරන්න පුළුවන්. හමුදා පනතේ කියලා තියෙනවා හමුදාපති වෙන්න එකම සුදුසුකම තමයිිෆිට් ඇන්ඞ් ප්‍රොපර් පර්සන්‘ ඒ කියන්නේ සුදුසු හැකියාව ඇති පුද්ගලයෙක්. ඒක ජනාධිපතිතුමාට තීරණය කරන්න පුළුවන්. ජ්‍යෙෂ්ඨතාවය අනුව පත් කරන්න  ඕන කියල කොහෙවත් නැහැ. ඉතින් ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම මෙවැනි අවස්ථාවක රජයක් මාරු වෙලා හිටපු ජනාධිපති හිටපු ආරක්ෂක ලේකම් වැරදි මානසිකත්වයකින් හමුදාව මෙහෙයවලා හමුදාව වැරදිදේට යොදවලා හමුදාව දේශපාලනීකරණය කරල තියෙන වෙලාවක දුර්වල මිනිස්සු උඩට අරගෙන දක්ෂයෝ ගෙදර ඇරලා එහෙම තියෙන වෙලාවක හමුදාපති කෙනෙක් තෝරනකොට අනිවාර්යයෙන්ම සුදුසුම පුද්ගලයා ගරු ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවය අනුව ඔහුගේ කැමැත්ත අනුව ඔහුගේ විශ්වාසය අනුව තෝරාගත යුතුයි. ඒ ආකාරයට කරන්න කියලා මම එතුමාට උපදෙස් දුන්නා. මම දන්නවා සමහර දුර්වල, වැරදි කරපු නිලධාරීන් ඉන්නවා. හමුදාපති විතරක් නෙමෙයි එයාට එකතුවෙලා වැරදිවැඩ කරපු නිලධාරීන් ඉන්නවා කිහිප දෙනෙක් ඒගොල්ලෝ ගැනත් මගේ අදහස් ප‍්‍රකාශ කළා.

මම හිතනවා මහ මැතිවරණයක් ළග එනවා. ඊට පස්සේ තව අවුරුදු පහකින් හෝ හයකින් ජනාධිපතිවරණයකුත් එනවා. ඒ නිසා පොලිස් නිලධාරියකුට හමුදා නිලධාරියකුට ජනාධිපතිවරණයකට මහ මැතිවරණයකට සෘජුව සම්බන්ධ වෙන්න බැහැ. ඔවුන් ආණ්ඩුවේ නෙමෙයි ඔවුන් රාජ්‍යයේ. ඇත්තටම හමුදාවේ විනය කියන්නේ මොකක්ද?

විනය කියන්නේ හමුදාවක ඉන්න කෙනෙක් එයා නීති දෙකකට යටත් වෙනවා. පළමුවෙන් එයා රටේ නීතියට යටත්. ඊළගට හමුදා නීතිය කියල වෙනම පොතක් තියෙනවා. ඒ නීතියට යටත්. ඒ අනුව විනය ගරුක කෙනෙක් වෙන්නනම් අනිවාර්යයෙන්ම ඒ නීති රාමුව යටතේ ජීවත්වෙන්න  ඕන. ඊළගට ඒ රාමුව තුළ ජීවත්වෙන ගමන් හමුදාවේ තියෙන්නේ ඉහළ සිට පහළට නියෝග අනුව නියෝගමත පිහිටලා වැඩකරන ක‍්‍රමයක්. ඒ නියෝග අනුව නියෝග කඩනොකර ජීවත්වෙන්න  ඕන. ඒවා පිළිපදින්න  ඕන. ඊළගට හමුදාවේ වරින් වර නිකුත් කරන ස්ථාවර නියෝග වැනි දේවල් තියෙනවා. ස්ථාවර නියෝගවල කියල තියෙනවා හැමදේම කළ යුතු ආකාරය නොකළ යුතු ආකාරය. සටනට ගියොත් කාටද වෙඩි තියන්න පුළුවන් කාටද වෙඩි තියන්නන බැරි ඒවගේ හැමදේටම උපදෙස් තියෙනවා. ගිණුම් පවත්වාගෙන යන්නේ කොහොමද බඩු බාහිරාදිය බෙදාහරින්නේ කොහොමද ඒවා ඇනවුම් කරන්නේ ඔය වගේ හැමදේටම රෙගුලාසි තියෙනවා. මේවා ආරක්ෂා කරගෙන ජීවත්වෙන එක තමයි විනය පවත්වාගෙන යනවාා කියන්නේ.

මම ලස්සන වාක්‍යයක් ඇහුවා ජනරාල්ගෙන් දැන් ඒ තමයි වෙඩිතියන්නේ කාටද වෙඩි නොතියන්නේ කාටද වෙඩි තියන්න  ඕන කොතැනද නොතියන්න  ඕන කොතැනද? ඒක හමුදාවේ විනය සම්බන්ධයෙන් කාරණාවක්. මේ කාරණාව අහද්දී මට මතක් වුණේ ඇත්තටම යුද අපරාධයක් කියන්නේ මොකක්ද?

යුද අපරාධයක් කියන්නේ දැන් ලෝකයේ පිළිගත්ත නීති තියෙනවා. ජිනීවා සම්මුතියෙන් පිළිගත්ත නීති තියෙනවා. ඊළගට යුද්ධය කළ යුතු ආකාරය යුද්ධයේදී මානුෂීය අයිතිවාසිකම් රැුකිය යුතු ආකාරය ඒවා ගැන නීති තියෙනවා. ඒවා අනුව අපි හැමවෙලේම සතුරා සමග සටන් කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ජනතාවගේ ඔවුන්ගේ දේපලවල සාමූහික වශයෙන් රටේ ආරක්ෂාව ගැන වගකියන්න  ඕන. ඒ දේවල් කඩකළොත් එතකොට එයා ඒවා ගැන වගකියන්න  ඕන. සතුරාට සලකන ආකාරයත් ඒ නීතියේ තියෙනවා. සතුරාගේ අයිතිවාසිකම්. එයාට කළ යුත්තේ මොකක්ද? නොකළ යුත්තේ මොකක්ද? ඒවාටත් අපි ගරු කරන්න  ඕන. අත් අඩංගුවට ගත්ත කෙනෙකුට හිරිහැර කළොත් ශාරීරික පීඩාවට ලක් කළොත් ඒවාත් යුද අපරාධ ගණයට වැටෙනවා.

දැන් අපි දන්නවා එක එක මානසික මට්ටම් හැදෙනවා. අපි දන්නවා ආගමික සංස්ථාවට ගියාම ආගමික මානසිකත්වයක් තියෙනවා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්වුනාම ශිෂ්‍ය මානසිකත්වයක් තියෙනවා. දේශපාලනය කරනකොට දේශපාලන මානසිකත්වයක් එනවා. මේ වගේ සමාජ විද්‍යාත්මක වචනයක් තියෙනවා මිලිටරි මානසිකත්වය කියලා. මේ මිලිටරි මානසිකත්වයේ ඉන්න උදවියට සිවිල් පරිපාලනය කරන්න පුළුවන්ද?

දැන් අපි හමුදාව ඇතුළෙත් වැඩකරන සිවිල් කට්ටිය ඉන්නවා. දැන් අපේ හමුදාවේ සිවිල් සේවකයෝ කියල ඉන්නවා හුගක් කට්ටිය. දැන් අපේ හමුදාවේ සිවිල් සේවකයෝ කියලා ඉන්නවා හුගක් කට්ටිය. අතුගාන අය ඉන්නවා. වේටර් වැඩකරන අය, වාහන නඩත්තු කරන අය, විගණන අංශය ඉන්නවා. ඒ ගොල්ලන්ට වම දකුණ කියන්නේ නෑ. අපි ඒගොල්ලොන්ට කියන්නේ නෑ දකින දකින අයට ආචාර කරන්න කියලා. එතකොට සිවිල් පුද්ගලයින් එක්ක වැඩකරන්න පුළුවන්. අනික් එක විශ‍්‍රාම ගියොත් දැන් ගෙදර බිරිඳ ඉන්නවා. ළමයි දෙන්නා ඉන්නවා. අපි ඒගොල්ලො හදලා තියෙන්නෙත් ඔබතුමාගෙ බිරිඳයි දරුවොයි හදන විදියටනේ. දැන් ඔබතුමාගෙ දරුවයි මගේ දරුවයි එක පන්තියේ ඉන්නවා. එතකොට මේ දෙන්නගෙන් මගේ දරුවා මිලිටරි මානසිකත්වයක් තියෙන කෙනෙක් කියලා කවුරුවත් කියන්නේ නැහැනේ. ඒ වගේ සිවිල් පුද්ගලයෝ එක්ක ඉන්නකොට හමුදාවෙ දේවල් කථා කරන්නේ නෑ. හමුදාවේ අපි සමහර වෙලාවට කැමතියි හමුදා ජීවිතයෙන් ගැලවෙන්නත් එක අතකට. වෙනසකට. සිවිල් පුද්ගලයෝ අතරේ ඉන්න කැමතියි. හැබැයි හමුදාවේ ඉන්නකොට ඒකෙ සීමා තියෙනවා. අපි ආශ‍්‍රය කළ යුත්තේ කොයි වගේ අයද, කථා බහ කළ යුත්තේ කොයි වගේ දේවල්ද? නිදහසට පොඩි පොඩි සීමා තියෙනවා. නමුත් අපේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා. ඒගොල්ලන්ට අපි හමුදාවේ පාට් දාන්න යන්නේ නෑනේ. හමුදාවේ සෙබළකුට ඒකෙන් ඉවත් වුනාම සාමාන්‍ය සමාජයේ ජීවත්වෙන්න හරි රැුකියාවක් කරන්න හරි පාරිපාලන කටයුත්තක් කරන්න හරි නොහැකි වෙන්න විදියක් නැහැ.

ජනරාල් දැන් එය පහුගිය ඡුන්දෙදි විතරක් නෙමයි ඊට අවුරුදු ගණනාවකට කලින් සහ මේ මෙහොතෙත් අර පළවැනි ලෝක යුද්දෙයි දෙවැනි ලෝක යුද්දෙයි දෙකේදී පාවිච්චි කළාටත් වැඩිය මේ යුද ජයග‍්‍රහණය පාවිච්චි කළා සහ ඒ යුද ජයග‍්‍රහණයට අයිතිකාරයෝ හිටියා. ඒ අයිතිකාරයෝ අතර අවුරුදු 5 ක් විතර අපි ජනරාල් යුනිෆෝම් එකෙන් දැක්කේ නැහැ. ජනරාල්ගෙ නම තිබුණේ නැහැ. එතකොට ඇත්තටම යුද්දේ කාගෙද කියලා පේ‍්‍රක්ෂකයන්ට ප‍්‍රශ්නයක් තිබුණා. සී.ඒ. චන්ද‍්‍රපේ‍්‍රමට අනුව පොතක් ලිව්වා එයා. ඒකෙදි මේ යුද්දය ගෝඨාගේ යුද්ධය ‘ගෝඨාස් වෝර්’ එතකොට මේක ගෝඨාගේ යුද්ධයද? ෆොන්සේකාගේ යුද්ධයද? ප‍්‍රභාකරන්ගේ යුද්ධයද?

ඇත්තටම මං හිතන්නේ මේ යුද්ධය ආරම්භ කළේ නම් ප‍්‍රභාකරන් කියන ත‍්‍රස්තවාදී නායකයා තමයි. යුද්ධයේ පුරෝගාමියා එයා වුණේ. අපි යුද්ධ කළේ වුණේ එයා යුද්ධ කරන්න පටන්ගත්ත නිසා. නැත්නම් අපිට යුද්ධයක් කරන්න වෙන්නේ නෑ මේ රටේ. හැබැයි මේ යුද්ධයේදී මම දැක්කා යුද ජයග‍්‍රහණය ජයග‍්‍රහණය පමණක් නෙමෙයි අපි අතීතයේදී පරාජයන් ලබලා තියෙනවා. පරාජයන් නම් අනිවාර්යෙන්ම හමුදාවේ සාමාජිකයන් වගකීම බාරගන්න  ඕන. අතීතයේ මේ රටේ සිද්ධවෙච්චි හැටියට. අපට හැමදාම මේ රටේ ජනතාවගෙන් රජයෙන් දේශපාලන නායකත්වය ලැබුණා මේ යුද්දෙට. ඒකෙ ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. කොහෙ හරි අපි පරාජය ලැබුවානම් හමුදාවේ පසුබැසීම් නිසා අඩුපාඩු නිසා දුර්වල තැන් නිසා තමයි පරාජය ලැබුවේ. ඒක අපි පිළිගන්න  ඕන. නමුත් ජයග‍්‍රහණයේදී අනිවාර්යයෙන්ම හමුදාවක් පවතින්නේ හමුදාවේ අයට අධිෂ්ඨානයක් එන්නේ මේ ඔක්කොම ඇතිවෙන්නේ ජනතාවගෙන් ලැබෙන ප‍්‍රතිචාර. ඒගොල්ලොගෙන් ලැබිය යුතු ඒ දේ දුන්නේ නැත්නම් අපිට කවදාවත් ‍ජයග‍්‍රහණයක් ලබන්න බැහැ. එතකොට දේශපාලනඥයන්ට තියෙන්නේ සුළු වගකීමක්. නියෝග දෙන්න. යුද්දෙ කරපන් යුද්ද නවත්තපන්. ඊට අමතරව එයාලට තියෙන වගකීම තමයි මුදල් දෙන්න  ඕන හමුදාව නඩත්තු කරන්න. ඒගොල්ලෝ මුදල් නුදුන්නොත් අපට බෑනේ බැංකු කඩල යුද්ද කරන්න. ත‍්‍රස්තවාදීන් කරනවා වගේ අපට බෑ බැංකු කඩල යුද්ද කරන්න. ඉතින් ඒක මං දකින්නෑ අමාරු දෙයක් හැටියට. අපේ රටේ පහුගිය යුද්දෙ නම් හැම රාජ්‍ය නායකයම ඒක කළා. යම් යම් අවස්ථාවල යුද්දෙ නැවත්තුවා සාම ගිවිසුම්වලට ගියා. ඒක හැමවෙලේම වුණේ හමුදාව පසුබැස්ස අවස්ථාවලදී. ඒකේ වරද මං කිසිම දේශපානඥයකුට දාන්නේ නෑ මොන රජයේ මොන පක්ෂයේ වුනත්. හමුදාව පසු බැස්සා සමහර අවස්ථාවලදී පිළිගන්න බැරි තරම්. 2000 ගත්තොත් 1999 අපි මාන්කුලම අත ඇරලා කිලෝමීටර් 40 ක් පස්සට ආවා දවස් දෙකෙන්. ඊට ටික කාලෙකට ඉස්සෙල්ලා මුලතිව් අතඇරලා ගියා. මාන්කුලම අල්ලන්න පොඞ්ඩක් කලින් කිලිනොච්චිය අපි අත ඇරියා. මාන්කුලම අත ඇරලා හුස්මගන්න ඉස්සෙල්ලා ඒ හා සමානවම අලිමංකඩ අත ඇරියා. අලිමංකඩ අත ඇරියම ත‍්‍රස්තවාදීන් ආවා චාවාකච්චේරි කිට්ටුවටම. එවැනි අවස්ථාවක හමුදාවට සටන් කිරීමේ මානසිකත්වයක් තිබුණේ නෑ. හමුදාවේ දුර්වලකම් තිබුණා. එක එක මට්ටමේ නායකත්ව ප‍්‍රශ්න නායකයින්ගේ කැපවීම නැතිවීම. පසුබැසීම් ඇතිවුණ හුගක් අවස්ථාවල ඒ වගකිව යුතු නායකයින්ගේ දුර්වලකම් හින්දා තමයි ඒක වෙන්නේ. එතකොට රජයන්වලට සිද්ධවුණා සාම ගිවිසුම් අත්සන් කරන්න.

දැන් මේ පරාජයේදී අයිතිකාරයෝ ඉන්නවා. ජයග‍්‍රහණයේදී අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. ක‍්‍රිකට් කණ්ඩායම පැරදුණත් ඒකට ගොඩක් පරාජිතයෝ නම් කරන්න පුළුවන්. ජයග‍්‍රහණයේදී අයිතිකාරයෝ ගොඩක් එනවා. ඒකයි මං ඇහුවේ ප‍්‍රශ්නයක් විදියට. දැන් යුද වීරයා කවුද කිව්වාම දකුණේ යුද වීරයෝ හැදුවා. ඒක තමයි දකුණේ සමාජයේ පහුගිය කාලේ අපි දැක්කේ. ඒ යුද වීරයා කියන මානසික මට්ටමින් තමයි ඡුන්දෙකට යාම සඳහා මේ යුද්ධය විකුණන ක‍්‍රියාවලියකට ගියා. ඒකයි මං ඇහුවේ ගෝඨාස් වෝර්. එතකොට මේ යුද්ධය ගෝඨගේ යුද්ධයක්. එහෙම නැත්නම් මේ යුද්ධය මහින්දගේ. ඒකයි මං ප‍්‍රශ්නයක් ඇහුවේ එහෙනම් ප‍්‍රභාකරන්ගෙද? එතකොට මේකෙ සරත් ෆොන්සේකා නැහැනේ?

එතෙන්ට තමයි මම එන්න හැදුවේ. මම කිව්වා දේශපාලනඥයෝ යුද සැලසුම් දන්නේ නැහැ. ලේකම්ලා යුද සැලසුම් දන්නේ නෑ. එහෙම කාට හරි කියන්න බෑ ලේකම් කෙනෙක් හරි ජනාධිපති කෙනෙක් හරි කියනවනම් මම යුද්දෙට නායකත්වය දුන්නා කියල ඒක වැරදියි. දේශපාලන නායකත්වය දෙන්න පුළුවන්. අර මං කියපු ආකාරයට. නියෝගයක් දෙනවා මුදල් දෙනවා. ඊට පස්සේ යුද්ධය මෙහෙයවන්න අනිවාර්යයෙන්ම ජනරාල්වරු, හමුදාපති, බ‍්‍රිගේඩියර්වරු, කර්නල්ලා ඊට පස්සේ පල්ලෙහාට ගියාම කෝප‍්‍රල් පවා එයත් අණ දෙනවා. එයත් 10 දෙනකුට අණ දෙනවා. අන්තිමේ බැලූවම ඒ කෝප‍්‍රල්ලා 10*10 කෑලි හැදිල තමයි ලක්ෂ 2 හමුදාව හැදුණේ මම අණ දුන්න. ඒ හැම 10 කෑල්ලකටම කෝප‍්‍රල් කෙනෙක් අණ දිදී හිටියා යුද පිටියේදි. ඒ හින්දා ඒ ගෞරවය යුද්ධය සැලසුම් කිරීම යුද්දයට නියෝග කිරීම, යුද්ධය නිරීක්ෂණය කිරීම, යුද්ධයේ අමාරුතැන්වලදී අපි හිතමු කට්ටිය මිය ගියා සමහරවිට සිය ගණන් ඒ වෙනුවට තව සීයක් එවන්න  ඕන. මම සටන් කරපු හමුදාවේ 27000 ක් තුවාල ලැබුවා. ඒ 27000 වෙනුවට ඒ වෙලාවටම පැය කීපයක් ඇතුළත තව 27000 ක් යවන්න  ඕන.

ජෙනරල් මං අහන්න හැදුවේ අපිට ජීවිතයේ සතුරො මුණ ගැහෙනවා. සමහර සතුරෝ පස මිතුරෝ හොඳයි සතුරට වැඩිය. අපිට හම්බෙනවා නරකම සතුරෝ. ජනරාල්ට ජීවිතේ එහෙම සතුරන් ප‍්‍රතිපාර්ශවයන් මං දන්නවා ආනන්ද විද්‍යාලයේ පිහිනුම් තටාකයේදි හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙඩෙටින් කණ්ඩායමේ හම්බෙන්න පුළුවන්. ඔවුන් පස්සේ කාලෙක මුණ ගැහෙන්න පුළුවන්. ජනරාල්ට ජීවිතේ හමුවුණ හොඳම සතුරා කවුද? මං දැන් අවසාන වශයෙන් කේන්ද‍්‍ර කරන්න හදන්නේ ජනරාල් දේශපාලනයට එන්නෙම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක අර්බුදයක් හදාගෙන. මං කේන්ද‍්‍ර කරන්න හදන්නේ ඔබට ජීවිතේ හම්බවෙච්ච නරකම සතුරා ප‍්‍රභාකරන්ද? මහින්දද?

ඒක මෙහෙමයි. එක කාලෙකදි නරකම සතුරා ප‍්‍රභාකරන්. ඊට පස්සේ කාලකදී නරකම සතුරා මහින්ද රාජපක්ෂ. ප‍්‍රභාකරන් අපේ රට විනාශ කරන්න උත්සාහ කළා. ත‍්‍රස්තවාදියෙක්. ත‍්‍රස්තවාදී නායකයෙක්. අපට යුද හමුදාව හැටියට ඒ ත‍්‍රස්තවාදය ලෝකයේ තිබුණු භයානකම ත‍්‍රස්තවාදය. භයානකම ත‍්‍රස්තවාදි නායකයා. ඒගොල්ලෝ ඉතා කැපවීමෙන් ඒ වැඬේ කළා. පරාජය කරන්නත් අමාරුයි. සමහරු කිව්වා පරාද කරන්නම බැහැ. ප‍්‍රභාකරන් විතර දක්ෂ යුද විශේෂඥයෙක් නැහැ. එවැනි මත තිබුණා. සාකච්ඡුාවෙන් විතරයි මේක කරන්න පුළුවන්. ඉතින් එවැනි කෙනෙක් එක්ක සටන් කරනකොට හමුදාවේ මට විතරක් නෙමෙයි මං හිත්නනේ ඒ මට්ටමේ හිටපු හැමෝම ප‍්‍රභාකරන්ගේ ගෝලයොත් හිටියා ඒ මට්ටමේ ඒගොල්ලන්ටත් ඒ කැපවීම තිබුණා. ඒක හින්දා භයානක සතුරෙක්. සතුරෝ ගැන කථා කරනවනම් විශිෂ්ට සතුරෙක් එයා. ලේසියෙන් එල්ල මෙල්ල කරන්නත් බැහැ. හුගාක් කැපවීම් කරන්න සිද්ධ වුණා අපට. හුගක් අධිෂ්ඨානෙන් වැඩකරලා. දිවා ? නොකා නොබී වැඩකරලා තමයි ඒ සතුරා අභිබවන්න අපට හැකිවුණේ. දේශපාලනයට ආවා මම ඊට පස්සේ. මම දේශපාලනයට ආවෙත් ඒ දේශපාලනයෙත් හිටියා රටට හානිකර චරිතයක්. රට විනාශ කරන්න යනවා. රටේ ජනතාවගේ බලාපොරොත්තු සිතුම් පැතුම් ඔක්කොම විනාශ කරන්න යනවා කියන එක මට තේරුණා. එතැනදී මම හඳුනාගත්තා මෙතැන ඉන්නවා අර ප‍්‍රභාකරන් කළ හානියටත් වඩා වැඩි හානියක් කරන්න පුළුවන්. ප‍්‍රභාකරන් රටේ එක කොට්ඨාශයකට හානි කළේ. අනික් සතුරා දේශපාලනයේ මම දැක්ක සතුරා මුළු රටටම හානිකරයි. ලක්ෂ දෙසීයක් ජනතාවට හානි කරයි. ඒක හන්දා මම තීරණය කළා මේ සතුරා එක්ක හැප්පෙන්න  ඕන. මේ සතුරාට අභියෝග කරන්න  ඕන. මේ සතුරාගෙන් රට බේරාගන්න  ඕන. හැබැයි ප‍්‍රභාකරන් විනාශ කරන්න අපට සිද්ධ වුණා. ප‍්‍රභාකරන් ඝාතනය කරන්න අපි නියෝග දුන්නේ ත‍්‍රස්තවාදීන් විනාශ කරන්න ඝාතනය කරලා. නමුත් දේශපාලනයේ හම්බුණ සතුරා ඝාතනය කරන්න අපිට සැලසුම් කරන්න බැහැ. දේශපාලන වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ඔහු පරාජය කරලා ඔහුගෙන් රට බේරාගන්න සිද්ධ වුණා. හැබැයි එතැන මට තව ප‍්‍රශ්නයක් තිබුණා. ඒ සතුරා හැදුවේ මාව ඝාතනය කරන්න. මාව හිරේ දානවා මට හිරිහැර කරනවා. මාව එල්ලනවා කියලා කියනවා. සතුරත් එහෙමයි සතුරගේ සහෝදරයත් එහෙමයි. ඒ පවුලම සතුරෝ වගේ. ප‍්‍රභාකරන්ගේ පවුලම හිටියේ ත‍්‍රස්තවාදීන් හැටියට තමයි. මම ඉස්සෙල්ලත් කියල තියෙනවා. ප‍්‍රභාකරන් පහර දුන්නේ අපට පමණයි. හමුදා නිල ඇඳුම් ඇඳගෙන ඉන්න අයට පමණයි පහර දුන්නේ මුහුණට මුහුණලා ඒ අයගේ ත‍්‍රස්තවාදී සටන්ක‍්‍රම අනුව පිටිපස්සෙන් පහරදුන්නා.

ජනරාල් දකුණෙත් බෝම්බ පිපිරෙව්වා?

දකුණෙත් බෝම්බ පිපිරෙව්වා. ඒක එයා හිතාමතා කළා. දේශපාලන ත‍්‍රස්තවාදයක් වුණාම අනිවාර්යයෙන් දේශපාලන ඉලක්කයක් තියෙනවා. ඒ දේශපාලන ඉලක්කයට යාම සඳහා. එතැනදී එයාට පොඩි ළමයාද වැඩිහිටියාද කියල තෝරන්න බැහැ. ඒකනේ එයාට ත‍්‍රස්තවාදියා කියන්නේ. ත‍්‍රස්තවාදියාට නීති රීති බලපාන්නේ නැහැ. නමුත් දේශපාලනය කරන මිනිහට ඒක බලපානවනේ. එයා රටේ නීතියට ගරු කරන්න  ඕන. මානුෂීය අයිතිවාසිකම්වලට ගරු කරන්න  ඕන. යුද නීතියට ගරු කරන්න  ඕන. එහෙම මිනිහෙක් පවුල්වලටයි දරුවන්ටයි ඔක්කොටම පහර දෙන්න ගියාම මං දකින්නේ එයා ත‍්‍රස්තවාදියාටත් වඩා භයානක ත‍්‍රස්තවාදියෙක්. ඒ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාම දැන් කියනවා බලන්න අනේ මගෙන් පළිගන්නවා. මගේ ගෙදර සර්ච් කරනවා. මට මඩ ගහනවා. මගේ චරිත ඝාතනය කරනවා. මේ නාලිකාවෙන්ම අපට කොච්චර මඩ ගැහුවද කියලා මේ නාලිකාවේ සේවය කරන අය දන්නවා. අපේ චරිත කොච්චර ඝාතනය කළාද, අපට කථා හැදුවා පොත් ලිව්වා. ඒ පොත්වල තියෙන ඒවා අපටත් කියවන්න බැහැ. එච්චර අසභ්‍ය දේවල් දාලා. ඉතින් ඒ විදියට මම නම් ඇත්තටම සතුරෙක්ගෙන්වත් එහෙම පළිගන්නෑ. ත‍්‍රස්තවාදීන් සතුරා හැටියට එනකොට අපි ඒ ගනුදෙනුව යුද පිටියෙදි ඉවර කරගන්නවා. ඊට පස්සේ ප‍්‍රභාකරන්ගේ ළමයින්ට කුණුහරුපෙන් බනින්න හරි ප‍්‍රභාකරන්ගේ බිරිඳට අවනම්බු කරන්න හරි , ප‍්‍රභාකරන් ඉස්කෝලේ යන කාලේ කරපු දේවල් කියන්න හරි ඒ තත්ත්වයට වැටෙන්නේ නෑනේ. නමුත් ඔබතුමා දැක්කනේ පහුගිය කාලේ අපට කොහොමද අපහාස කළේ.

ජනරාල් ඔබ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්. ජයන්ත කැටගොඩ ඔබේ විශ්වාසවන්තම සගයා. විශ්වාසවන්තම සගයා නොවේ නම් ඔබ ඔබේ ආසනය ඔහුට දෙන්නේ නෑ. දැන් කුමාර් ගුණරත්නම් අද පුවත්පත් වාර්තා කරනවා හැංගිලා කියලා. දැන් ජයන්න කැටගොඩත් හැංගිලා. කුමාර්ට නම් හැංගෙන්න හේතුවක් තියෙනවා. මොකද එයාට වීසා ප‍්‍රශ්නයක් තියෙනවා. එයාව අල්ලන්න නියමිතයි. එතකොට ජයන්ත කැටගොඩත් කවුරුහරි අල්ලන්න ඉන්නවාද? කවුරු හරි හංගලාද මොකක්ද මේ?

ඒ කියනකොට මට මතක්වෙනවා කුමාර් ගුණරත්නම් ඉස්සරත් හැංගිලා හිටියේ 89. එවෙලේ මමයි ඇල්ලූවේ කන්තලේදී. අල්ලලා අපි හොඳට සලකලා මගේ ඉස්සරහාට ගෙනාවා විශ්ව විද්‍යාල ශිෂ්‍යෙයක් කියලා ඇඬුවා. අපි බොහොම කරුණාවෙන් ආරක්ෂාවෙන් සැලකුවා ඊට පස්සේ. කුමාර්ට නීතිය හමුවේ ප‍්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ කැටගොඩ මහත්මයා හැංගිලා ඉන්නේ වැඩියෙන්ම මාධ්‍යයට බයේ. පසුගිය දවස්වල මාධ්‍ය හමුවක් තියලා විශාල ආඩම්බරයෙන් පුරසාරමක් ගැහුවා මම මහින්ද රාජපක්ෂ ගාවට ගියා ජනරාල්තුමාට අහිමිවෙච්ච දේවල් අරන්දෙන්න මම සල්ලිගත්තේ නැහැ. අර ලොකු කථාවක් කිව්වා. ලොකු ප‍්‍රතිරූපයක් ගොඩනගා ගන්න උත්සාහ කළා. අද ඒක ඔප්පුවෙලා තියෙනවා ජනරල්තුමා වෙනුවෙන් ගිය මිනිහා මැතිවරණ කොමසාරිස් කියනකොට නීතිපති කියනකොට ඔය ආසනය බාර දුන්නොත් ආපහු අපි මේක ජනරාල්ට දෙනවා කියනකොට මැතිවරණ කොමසාරිස් කාර්යාලය ගෙනැල්ලත් කිව්වා. එතකොට කිව්වා කටින් කියල මදි මට ලිඛිතව  ඕන කියලා. මැතිවරණ කොමසාරිස් සාමාන්‍ය රාජකාරියෙන් පිටට ගිහිල්ලා ලිඛිතවත් දුන්නා. එයා ඉල්ලපු හින්දා. එයා එතකොට කළේ මැතිවරණ කොමසාරිස් දුන්න ලියුම පිටපත් ගහලා වටේටම බෙදුවා මැතිවරණ කොමසාරිස් නීති විරෝධී වැඩ කරනවා කියලා. ඉතින් ඒවගේ මාධ්‍යයට කිව්වනේ මේ ආසනය ජනරාල්ට යනවා නම් මං අස්වෙනවා කියලා. දැන් ඒ යුතුකම ඉෂ්ට කරන්න බැරි හින්දා ටෙලිෆොන්  ඕෆ් කරගෙන, මාධ්‍යයට බයයි. ඊට පස්සේ මැතිවරණ කොමසාරිස්ට ඇවිල්ලා ඇදගෙන යයි කියලා බය හිතෙනවද දන්නේ නැහැ මැතිවරණ කොමසාරිස් ආපහු එන්න කියයි සාකච්ඡුාවට කියලා. ඉඳල හිටලා මට පණිවිඩ එවනවා මං හම්බෙන්න  ඕන කියලා. එතකොට මම කියනවා මං හම්බෙන්න දෙයක් නැහැ එතුමා තීරණයක් අරන් තියෙනවා නම්ඩ අර කිවු පොරොන්දු ඉෂ්ට කරලා ආසනයෙන් යන්න. ඊට පස්සේ ස්තුති කරන්න මං එයාව මුණගැහෙනවා කියලා. ඒ ඇරෙන්න මට හම්බෙලා කථා කරන්න දෙයක් නෑ කියලා. මොකද මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා ඉස්සරහත් මට කොච්චර හිරිහැර කරද්දිත් මං දණ ගැහුවේ නැහැ. මට හුගක් දේවල් ඉල්ලගන්න තිබුණා එයාගෙන්. මට ඇමැතිකම් අගමැතිකම් ලේකම්කම් දෙන්නම් කිව්වා. ලේකම් කම් දෙකක් දුන්නා. දෙකම මං එපා කිව්වා. ඉතින් එහෙම එකේ ජයන්ත කැටගොඩ කියන පුද්ගලයා ඉස්සරහට ගිහින් මං දණගහන්නෑ. ඒක පක්ෂයටත් පක්ෂයේ ගෞරවයටත් හානි කරයි. පුද්ගලික කිසිම වාසියක් මං එයාගෙන් ගත්තේ නැහැ. හැබැයි අපි එයාට අවශ්‍ය හැමදේම දුන්නා. ළමයා ඉස්කෝලෙ දාගන්න එයාට පුළුවන් වුණේ මගෙ මන්ත‍්‍රී ධූරය දුන්නට පස්සේ. මන්ත‍්‍රී ධූරයේ ප‍්‍රතිලාබ ලැබුණා. කාර් පර්මිට් එක විකුණලා ලක්ෂ 200 ක් ලැබුණා. ඉතින් එහෙම එකේ එයාට යුතුකමක් තියෙනවා පොඩි කැපකිරීමක් කරන්න. අපේ පක්ෂය වෙනුවෙන් හැම කෙනාම ඉල්ලා සිටින්නේ පක්ෂයට පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපට වගකීම් පැවරිලා. දේශපාලන වේදිකාවේ අපි පොරොන්දු වුණා හුÛක් දේවල්. දැන් ජනාධිපතිතුමාට හරි ගරු අගමැතිතුමාට හරි මට වගකීමක් දෙන්න බැහැ මම පාර්ලිමේන්තුවේ නැති හින්දා. ඉතින් ජනතාවත් හුගක් ඒගැන කනස්සල්ලෙන් ඉන්නවා.

දැන් ජනරාල් මේක තියාගෙන ඉන්නේ බොහොම දිගු කාලයක් සඳහා නෙමෙයිනේ. දැන් අපේ‍්‍රල් 22 හෝ 23 පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා අගමැතිතුමාත් ප‍්‍රකාශ කරලා තියෙනවා. මේ බොහොම කෙටි කාලෙට මේකත් එක්ක සෙල්ලම් කරන්නේ ඇයි ඔබ හිතන විදියට?

එයත් එක්ක සාකච්ඡුා කළා මගේ 2010 ලේකම් හැටියට හිටපු සේනක සිල්වා මහත්තයා. එක අවස්ථාවකදී මම සේනක සිල්වා මහත්මයාට කිව්වා එයාට කියන්න කියලා  ඕන්නම් එයා එක එක ප‍්‍රශ්න දානවා මේක දුන්නොතින් මට ආර්ථික ප‍්‍රශ්න එයි, ආරක්ෂාව නැතිවෙයි කියලා. එතකොට මම එයාට කිව්වා තව මාස තුනයි තියෙන්නේ අස්වෙන්න  ඕනනම් ආරක්ෂ භටයෝ තුන්දෙනෙක් දාගන්න මම මාසෙකට ලක්ෂෙ ගාණෙ ගෙවන්නම්. ජීවත් වෙන්නත් ඞීසල් ගහගන්න එහෙම  ඕනනම් තවත් ලක්ෂයක් දෙන්නම් කියලා. එයා ඒ ආසනේ මාස දෙක හිටියා කියලා මහ ලොකු දෙයක් කරන්න බැහැ. අපේ පක්ෂයේ අය වෙනුවෙන් එයා කිසි දෙයක් කරන්නෙත් නැහැ. එයාට ඡුන්දෙ දුන්නා 20000ක්. මට තිබුණා 98,800 ක්. ඒ ජනතාව වෙනුවෙන් යමක් කරනව කියල මට පේන්නේ නැහැ. පුද්ගලික දේවල්නම් කරගන්නවා. ඒක හින්දා මම එහෙමත් කිව්වා. එහෙමත් තියෙද්දි ඔබතුමා කියනවා වගේ ඒකට ප‍්‍රධාන හේතුවක් තියෙනවා. ආණ්ඩුවෙත් ඉන්නවා කැබිනට් ඇමැතිවරු දෙන්නෙක් තුන්දෙනෙක් පමණ මම දන්නවා ඒගොල්ලෝ මෙයාට කියලා තියෙනවා කුහක දේශපාලනඥයෝ ඉන්නවා මේ රටේ අස්වෙන්න එපා කියලා. ඔයා ඉන්න කියලා එයාව නවත්වන කට්ටියක් ඉන්නවා. සේනක සිල්වා මහත්මයට තුන්පාරක් කිව්වා තුන්පාරක් කාල්ටන් නිවසට ගියා. ගිය සති අන්තයෙත් ගියා. ගිහින් ආවට පස්සේ යනකොට දෙන්දෝ නොදෙම්දෝ කියලා දෙගිඩියාවෙන් ඉන්නවා. ගිහිල්ලා ආවට පස්සේ හැමදාම දෙන්නෙම නෑ. එයා සේනක සිල්වාට කියලා තිබුණා මට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ දෙන්නම හම්බුණා. දෙන්නම කිව්වා දෙන්නම එපා කියලා. දෙන්නම කිව්වා අපි ආපහු බලයට එනවා. බලයට ආවම ඔය ෆොන්සේකට හම්බුණ ඔක්කොම අපි ආපහු නැති කරනවා. බලයට ආවම ආපහු ෆොන්සේකව හිරේ දානවා. බලයට ඇවිල්ල අපි මෛත‍්‍රිපාලයි මෛත‍්‍රිපාල වටේ ඉන්න එවුන් ටික ඔක්කොම හිරේ දානවා කියලා එයා ඇවිල්ලා කියනවා. අර වගේ පාප මිත‍්‍ර සේවනය කරල ආවට පස්සේ අපි ගැන වෛරයකින් එයා කටයුතු කරන්නේ

ඇත්තටම ජනරාල් ඔබට පුතෙක් නෑ කියලා කිව්වා. දුවල දෙන්නෙක් ඉන්නේ. ඔබට පුතෙක් හිටියනම් ඔහුට පෙන්වන්නේ ඔබ මොන වගේ මාවතක්ද මේ රටේ?

පුතෙක් හිටියත් දුවල හිටියත් මම හිතනවා මම ඒගොල්ලන්ට එක හා සමාන අවවාද අනුශාසනා තමයි දෙන්නෙත්. ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තුවෙන්නෙත් එක හා සමාන යුතුකම්. ඔබතුමා ඇහුවේ පුතෙක් ගැන අපට දෙමව්පියෝ දුන්නු අවවාද මට මතක්වෙන්නේ. ඒගොල්ලොත් අපට කොයි වේලාවෙත් බලපෑම් කළේ නෑ මේ රස්සාව කරන්න කියලා. නරක දේ කරන්න එපා කිව්වා. ඇත්ත කථා කරන්න කිව්වා. බොරු කියන්නේ නෑ අපි විහිලූවටවත්. ඒ වගේ පරිසරයක අපි හැදුණා. මම හිතනවා ඒ වගේ පෞරුෂයක් තියෙන්න  ඕන. මම පුතෙක් හිටියානම් කියනවා රටට සේවය කරන්න  ඕන කියලා. මේ රටෙන් විතරක් අපේ තියෙන ප‍්‍රශ්නයක් සේවය කිරීමේ හැකියාවක් නෑ හුÛක් අයට සමහරුන්ට උවමනාවක් නෑ. මොනවද ගන්න පුළුවන් කියලා බලනවා. එක අතකින් ආර්ථිකයෙන් පීඩාවට පත්වෙච්චි ජනතාව. ඉස්සල්ල ජීවත්වෙලා ඉන්න  ඕන මොනව කරන්නත්. රටට සේවය කරන්නත. රට ජාතිය ආගම අමතක කරන්න එපා. රටේ ජනතාවට ආදරය කරන්න. අපි පොඩි කාලේ ඉඳලා එක එක මට්ටමේ සියලූම වර්ගවල අය එක්ක ජීවත්වෙලා තියෙනවා. ඒක හන්දා එවැනි ජීවිතයක් ගත කරන්න කියලා මම අවවාද කරනවා.

ජනරාල් සාමාන්‍යයෙන් මම මේ අහන ප‍්‍රශ්නය තාත්ත කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලාගෙන මේ රටේ මාධ්‍යවේදියෙක් අහන්නැති ප‍්‍රශ්නයක්. 71 මේ රටේ දරුවන් ගොඩක් මැරුණා. 88*89 ත් මැරුණෙ මේ රටේ දරුවන්. උතුරෙත් දකුණෙත් දෙකේම මැරුණේ යුද්දෙදි මේ රටේ දරුවන්. ඔබේ යුද සතුරෙක් ඔබේ දියණියන් දෙදෙනාව අමු අමුවේ ඝාතනය කළානම් ඔහු ඔබට මොනවගේ සතුරෙක්ද?

එහෙම කළානම් රටේ නීති විරෝධි ක‍්‍රියාවක්. මනුෂ්‍ය ඝාතනයක් රටේ නීතියට අනුව ඒගොල්ලන්ට විරුද්ධව ක‍්‍රියා කරන්න පුළුවන්. නැත්නම් මට ගිහිල්ලා එකට එක කරනවා කියලා අමු අමුවේ පෙති පෙති කපන්න බැහැ. හැබැයි මට ඒක පුද්ගලිකවත් දැනෙනවා. එතකොට මම පුද්ගලිකවත් කැපකිරීමක් කරනවා මේ ගොල්ලෝ නීතිය හමුවට ගේන්න ක‍්‍රියා කරනවා.

ජනරාල් උත්තර ඇතුලේ ඊළග ප‍්‍රශ්නයට කොන මතුවෙනවා, බාල චන්ද‍්‍රන් කියලා කියන්නේ ප‍්‍රභාකරන්ගේ බාල පුතා. අවි ගත් වැඩිහිටියෙක් නෙමෙයි. දැක්කම පේනවා හුරුබුහුටි දරු පැටියෙක්. ඔබ ඒ දරුවාට වෙච්චි දේ දන්නවාද?

ප‍්‍රභාකරන්ගේ පවුලේ ප‍්‍රභාකරන්ට වෙච්චිදේ දන්නවා. අපි දැක්කා. අපි ඒක සනාථ කළා. ප‍්‍රභාකරන්ගේ වැඩිමල් දරුවා චාල්ස් ඇන්තනී. ඔහුත් ප‍්‍රභාකරන්ගේ හමුදාවේ හිටිය කර්නල් කෙනෙක්. ඔහුට වෙච්චි දේ අපි දැක්කා. අපි ඒක ප‍්‍රසිද්ධ කළා මාධ්‍යයෙන්. නමුත් ඔහුගේ බිරිඳට ඔහුගේ දියණියට ඔහුගේ කුඩා දරුවට වෙච්චි දේ අපි දන්නේ නෑ. අපට ආරංචි වුණෙත් නෑ. කිසිම සාක්කියක් ලැබුණෙත් නෑ. මට අහන්න ලැබුණ එකම දේ තමයි ඒ ප‍්‍රභාකරන්ගේ බිරිඳ දියණිය ගැනත් කේපී කියන ත‍්‍රස්තවාදියා පුවත්පත් සම්මුඛ සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කරලා තිබුණා. ප‍්‍රභාකරන්ගේ බිරිඳ සටන් පෙරමුණේ වැඩකළා. දියණියත් කාන්තා බලකායේ සටන්කාමියක්. එයත් මැරුණා කියලා තිබුණා. යුද්දෙ අවසන් වෙන්න සුමාන දෙකකට විතර කලින්. කුඩා දරුවා ගැන කියල තිබුණේ කේපී අන්කල් ඇවිල්ලා හෙලිකොප්ටරයක් අරන් ඇවිත් අරන් යයි කියලා බලන් හිටියා කියලා. ඊට පස්සේ මම දැක්කා අර පින්තූර ප‍්‍රවෘත්ති පත‍්‍රවලින් දැක්කා ඒ කුඩා දරුවා බංකරයක ඉන්නවා. සරමක් පෙරවගෙන ඒ පෙරවන් ඉන්න සරම උතුරේ දෙමළ ජනතාව පාවිච්චි කරන විදියේ සරමක්. ඒක මම නෝටිස් කළා. එතැන හිටගෙන ඉන්නවා සෙබළෙක් වගේ කෙනෙක්. පැත්තක් පේනවා. ඒ නිල ඇඳුම ලංකාවේ යුද හමුදාවේ සෙබළු අඳින නිල ඇඳුම නෙමෙයි. ඒක මම දැක්කේ ඉන්දීය යුද හමුදාවේ කැලෑ ඇඳුම වගේ. ඔය එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් ඒ ඇඳුම හොරකම් කරලා මුහුදෙන් මේ පැත්තට ගෙනැල්ලා අඳිනවා. ඉතින් එතන හිටියේ එහෙම කෙනෙක්ද කියලාත් මට සැකයක් ආවා. ඊට පස්සේ පින්තූර දැක්කා බිම වැටිලා ඉන්නවා පපුවේ හිල් තුනක් තියනවා. ඉතින් ඒකෙන් මට නිගමනයකට එන්න අමාරුයි. මෙයා බංකරයක හිටියා ඒක අපේ එකක්ද එල්ටීටීඊ බංකරයක්ද කියලා සමහර විට ඒගොල්ලන්ගෙ එකක් වෙන්න පුළුවන්. ඒගොල්ලො කෙහොමත් බංකරවල තමයි ජීවත්වුණේ. වෙඩි වැදිල වැටිලා හිටපු එකත් අල්ලගෙන වෙඩි තිබ්බද නැත්නම් සටනේ රාත‍්‍රියේ කුඩා ළමයි පවා අන්තිම කාලයේ සමහර ත‍්‍රස්තවාදීන්ගේ පොට්ටුඅම්මාන්ගේ සිරුර හම්බුනේ නෑ. නමුත් බිරිඳගේ සිරුර කරුණා ගිහින් අඳුනාගත්තේ. සයනයිඞ් කරල් තුනක් එල්ලගෙන හිටියේ. පොඩි ළමයි දෙන්නෙක් තුන්දෙනෙක්ගෙ මළ සිරුරු හම්බුණා. අන්තිමට කරුවලේ සටන වුණු දවසට පස්සේ 19 වැනිදා උදේ එකතුකරගත් මළ සිරුරු අතරේ කාන්තාවක් හිටියා ඒ ළමයි දෙන්නෙක් හිටියා කවුරු හරි අඳුනාගෙන කිව්වලූ රමන් යාල පැත්තේ ත‍්‍රස්තවාදී නායකයා. එයාලගේ පවුල තමයි මැරිල හිටියේ කියලා. එදා රාත‍්‍රියේදී එවැනි දෙයක් වීමට තිබුණා. හැබැයි ප‍්‍රභාකරන්ගේ පුතා ගැන මට වාර්තාවක් ආවේ නෑ.



   

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger