ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා අතර සිත් අමනාපයක් සිදුව ඇති බව වාර්තා වේ.මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිධූරයට පත් කිරීම සදහා මුල සිටිම ෆොන්සේකා කැපවීමෙන් කටයුතු කල නමුත් ඉන්පසු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති බවට පත් වීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා ඔහු සමග සිටිනවා අපට දැක ගැනීමට ලැබුණේ ඉතාමත් අල්ප ලෙසයි.
දෙමළ ජාතික සන්ධානය මුල සිටම සරත් ෆොන්සේකාට කැමැත්තක් නොදැක්වූ අතර මෛත්‍රිපාලගේ ජයට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය උපරිමයෙන් ලැබීම නිසා මෛත්‍රිපාල සිරිසේනට දෙමළ ජාතික සන්ධානය මග හැරීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර සරත් ෆොන්සේකා සදහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි විනයාගමූර්ති මුරලිදරන්ට නව රජයෙන් ඇමති ධූරයක් හෝ තනතුරක් ලබා දුන්හොත් තමා ඒ මොහොතේදීම ආණ්ඩුවෙන් ඉවත් වන බවයි.
නව රජයේ ගැටුම් හටගැනීම මේ වන විට උපරිමය දක්වා ගමන් කරන අතර අද වන විට මෛත්‍රිපාල සිරිසේන මඩේ සිටවපු ඉන්නක් මෙන් කටයුතු කරනු ලබයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment