BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, January 30, 2014

පළාත් මැතිවරණයෙන් පසු ස්වාධීන රූපවාහිනියේ සුධර්මන්ට හා හසන්තට උසස්වීම්....

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට නියෝජ්‍ය පොලිස්පති ප්‍රතාපසිංහ පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුවට කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා දැඩි ලෙස විරුද්ධ වීම හේතුවෙන් ඊට කදිම විසදුමක් ලබා දීමට ජනාධිපති වරයා තීරණය කර තිබුණි.


ඒ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විමල් රූබසිංහ මහතාට ජාතික රූපවාහිනිය ලබාදී හොර රහසේම ප්‍රතාපසිංහ මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධූරයට පත් කිරීමෙනි.

මින් දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබෙන්නෙ සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයායි.  ඩබ්.ඩී. ප්‍රතාපසිංහ මහතා වැඩ භාර ගැනීම මාධ්‍යට හොරෙන් සිදුකිරීමට සියළුම දෙනා වගබලා ගැනීමට සමත් විය.  

මේ අතර ස්වාධීන රූපවාහිනී සංස්ථාවේද වෙනසක් සිදු කිරීමට ජනාධිපති වරයා ජනමාධ්‍ය අමාත්‍යවරයා සමග සිදු කර ඇති සාකච්ඡාව අවසන් වී ඇත්තේ දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණය අවසන් වනවාත් සමගම මෙම වෙනස්කම් සිදු කිරීමේ අපේක්ෂාවෙනි. 

එනම් එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (පුවත්) ලෙස සිටින සුදර්මන් රදලියගොඩ සාමාන්‍යාධීකාරි තනතුරටද ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (පුවත්) ලෙසද පත් කිරීමටයි.

හසන්ත හෙට්ටිආරච්චි මේ වන විට කළමනාකාරධුරයක් දරන අතර ඔහුගේ දැඩි ඉල්ලීම පරිදි මෙම පත් කිරීම සිදු කෙරේ.  

මෙම පත් කිරීම් සිදු කල හොත් ස්වාධීන රූපවාහිනිය ජාතික රූපවාහිනිය මෙන් බල අරගලයකට ඇද වැටීම නොවැලැක්විය හැකි බව සේවකයින්ගේ අදහස වී තිබේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger