ITN සුපිරි හපනා තරඟාවලියේ අර්ධ අවසාන වටය පැවැත්වුණු අතර ළමුන් 40 දෙදෙනෙකු අතරින් 8 දෙනෙකු ඊයේ තරඟයට ඉදිරිපත්වුණා
එහිදී එක තරඟකාරියකගෙන් ඇසූ සරල ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර ලෙස රූපවාහිනී නාලිකාව විසින් තෝරාගන තිබුනේද වැරදි පිළිතුරකි.
ගිනි නිවීම සඳහා යොදාගනා වායුව වන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව බව කුඩා දරුවෙකු පවා දන්නා කරුණකි. නමුත් ස්වාධීන රූපවාහිනිය විසින් නිවැරදි පිළිතුර ලෙස තෝරා තිබුනේ කාබන් මොනොක්සයිඩ් වායුවයි.
කාබන් මොනොක්සයිඩ් යනු මාරාන්තික වායුවකි. එබැවින් ගිනි නිවීම සඳහා කාබන් මොනොක්සයිඩ් වායුව භාවිතා නොකරයි.
ගිනි නිවීම සඳහා කාබන් ඩයොක්සයිඩ් යොදාගැනීම පිළිබඳ වැඩි විස්තර මෙතනින් හා මෙතනින්.
වැරදි පිළිතුර තේරූ වීඩියෝව පහතින්.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment