BREAKING NEWS

රටතොට

Friday, October 4, 2013

දුරකථන බිල ලක්ෂ 32යි, දවසකට ඇමතුම් 571ක්

මෙරට ජංගම දුරකථන සමාගමකින් රෝමිං පහසුකම ලබාගෙන පැය 24ක් ඇතුළත ලබාගත් දුරකථන ඇමතුම් සදහා රුපියල් ලක්ෂ 32ක් පමණ වන බිල්පතක් නෙගෙවූ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම පහසුකම ලබා ගැනීමේදී අදාළ සිම්පත මිලදීගත් මුජහඞීන් මොහොමඞ් මුෂාරෆ් නැමති පුද්ගලයාට එරෙහිව ඉදිරියේදී අධිකරණය හමුවේ චෝදනා පත‍්‍රයක් ගොනු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා වංචා විමර්ශන කාර්යංශයට නියෝග කළේය.

සැකකරු විසින් මෙම සිම්පත 2013 ජනවාරි මස 03වැනිදා මහනුවර ප‍්‍රදේශයේදී මිලදීගෙන ඇති බවත්, පිටරට ඇමතුම් ලබා ගැනීම සදහා රුපියල් 10,000ක් ගෙවා සම්බන්ධතාව ලබාගෙන ඇති බවත්, පැමිණිලිකාර සමාගම පොලිසියට පවසා ඇත.

පසුව මෙම පුද්ගලයා ජනවාරි මස 25 වැනිදා අදාළ සිම්පත් බිල් පරීක්ෂා කිරීම සදහා සමාගමේ මහනුවර ශාඛාවට පැමිණ ඇති අතර, බිල පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ 32ක පමණ බිලක් ඒ සදහා එකතු වී ඇති බවට වාර්තා වී ඇත.

මේ සම්බන්ධයෙන් සැකකරුගෙන් කරුණු විමසූ විට ඔහු පවසා ඇත්තේ තම මස්සිනා ඉතාලියේ වාසය කරන බවත්,ඔහුට එම සිම්පත ලබා දුන් බවත්,ඔහු එය භාවිතා කරන්නට ඇති බවත්ය.
දුරකථන විස්තර වාර්තා අනුව පැය 24ක් තුළදී නොයෙකුත් රටවලට ලබාගත් ඇමතුම් ගණන 571ක් ලෙසට වාර්තා වෙයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger