ලොව පුරා වෙසෙන කතෝලික ජනයාගේ ප‍්‍රධානියා ලෙස සලකන අති උතුම් ප‍්‍රැන්සිස් පාප් වහන්සේගේ 77 වන උපන් දිනය අදට යෙදී තිබේ.
උන්වහන්සේ 1936 දෙසැම්බර් 17 දින ආර්ජන්ටිනාවේදී උපත ලබා ඇත.
ජෝර්ජ් මාරියෝ බර්ගෝග්ලියෝ යනු පාප්තුමාගේ ගිහි නාමයයි.
2013 මාර්තු 13 වැනි දින එතුමා පාප් පදවියට පත් වී ඇත.
උන්වහන්සේ රෝමානු කතෝලික සභාවේ 266 වැනි පාප්තුමා ලෙස සලකයි.
උපන් දිනය නිමිති කරගෙන උන්වහන්සේ විසින් අද උදෑසන ආහාරය සඳහා වතිකානුවේ ශාන්ත පීටර් චතුරශ‍්‍රය අවට වීදිවල ජීවත්වන නිවාස නොමැති පුද්ගලයන්ට ආරාධනා කර තිබුණි.
උදෑසන පූජාවෙන් පසුව එම පුද්ගලයන් සමඟ එක්ව පාප් වහන්සේද ආහාර ගෙන තිබේ.
පාප් වහන්සේ ලබන වසරේ ජනවාරි 13 දින ශී‍්‍ර ලංකාවට සැපත් වීමට නියමිතය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment