මේ වන විට ලෝක දේශපාලන තත්වය අපරාධ, සමූලඝාතන සහ විනාශය සපිරි කොටස් වශයෙන් සිදුවන තෙවන ලෝක යුද්ධයකට සමාන බව ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ යුද්ධය සබුද්ධික ක‍්‍රියාවක් නොවන බවයි. එහි අරමුණ වන්නේ විනාශය ගෙනඒම පමණක් බවත් එය වර්ධනය වන්නේත් විනාශය හරහා බවත් පාප්වරයාගේ අදහසයි.
කෑදරකම, නොඉවසිල්ල සහ බලයට ඇති ආශාව යනාදිය විසින් යුද්ධය පිළිබඳ තීරණය නිතරම පාහේ ගැනීමට සලස්වන බවද ඔහු සඳහන් කර ඇත.
ෆ‍්‍රැන්සිස් පාප්තුමන් මේ බව පවසා ඇත්තේ ඉතාලියේ පිහිටා ඇති විශාලතම යුධ ස්මාරකය අසල දේව මෙහෙයකට එක්වෙමිනි.
පළමු ලෝක යුද්ධයෙන් මියගිය ඉතාලි සෙබළුන් ලක්ෂයක් පමණ උතුරු ඉතාලියේ ෆොග්ලියානෝ ඩි රෙඩිපුග්ලියා මිලිටරි සොහොන් බිමේ වළ දමා ඇතැයි සැලකේ.
මෙවැනි කඳුළු, ශෝකය පිරි බිමක සිට සෑම යුද්ධයක් විසින්ම විනාශ කළවුන් සිහිපත්කරන බව පවසා ඇති පාප්තුමන් දක්වා ඇත්තේ මේ මොහොතේදීද තවත් විශාල ප‍්‍රමාණයක් යුද්ධයට බිලිවන බවයි.
යුද්ධය යනු සොහොයුරන් අතර බැමි පවා සිඳ දමන උමතුවක් බව උත්පත්ති කථාව තුළ එන කේන් විසින් සිය සොයුරු අබෙල් මරා දැමීම සඳහන් කරමින් ඔහු පවසා තිබේ.
දේවමෙහෙය අමතමින් පාප්තුමන් වසා ඇත්තේ මනුෂ්‍යවර්ගයා වැළපිය යුතුව ඇති බවයි. ඒ සඳහා සුදුසුම කාලය මෙය බවද ඔහු පවසා ඇත.
Post a Comment