මෛත්‍රී පාලනයක් තුළ උතුරු පළාතට මුදල් බලතල ඇතුළු සියලූ බලතල ලබාදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසයි.
එමෙන්ම මෛත්‍රී පාලනය තුළදී උතුරේ අධි ආරක්ෂක කලාපවලට අයත් ඉඩම් යළි ජනතාවට පවරා දෙන බව ද නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය දැක්වීම සඳහා යාපනය ප්‍රදේශයේ පැවැති රැුලියක් අමතමින් ඇය ප්‍රකාශ කළා ය.
මෙම ජනහමුවේදී ඉංග්‍රීසි භාෂාවෙන් ජනතාව ඇමතූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන් ‘මිස්ටර් ප්රභාකරන්’ ලෙස අමතා ඇත්තේද මේ ජන හමූවේදීය.
”මා පුළුල් බලය බෙදීමකට කටයුතු කළත් එයට අවශ්‍ය දේශපාලන සහය අනෙක් පක්ෂවලින් ලැබුණේ නැහැ. එහෙත් මෛත්‍රී පාලනයක් තුළ එය ඉටුකරගැනීමට අවස්ථාව සැලසෙනු ඇති.” යැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග එහිදී සඳහන් කළා ය.
”අපගේ අනාගත ජනාධිපති මෛත්‍රී, එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහගේ ද සහය ඇතිව දෙමළ ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් වන පරිද්දෙන් ඔවුන්ගේ ගැටලූවලට විසඳුම් ලබාදීමට පුළුල් බලය බෙදීමක් කරනවා”යනුවෙන් ද ප්‍රකාශ කළ කුමාරණතුංග යුද්ධය අවධියේ ඇතිවූ සිද්ධීන්ට තම කනගාටුව හා වේදනාව ප්‍රකාශ කරන බවද අවධාරණය කර ඇත.
දෙමළ ජාතික සන්ධානය විසින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහය දැක්වීමට ගත් තීන්දුවට තමන් හිස නමා ආචාර කරන බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මෙහිදී සඳහන් කළා ය
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment