එසේම, එදා පාර්ලිමේන්තු සභා ගැබේ ඇසුණු නරි, බලු, බළල් කතා අද එළිපිටම ඡන්ද වේදිකාවට පැමිණ තිබේ. ඒ අතර මේ නායකයෝම භෞමික අඛණ්‌ඩතාව, ඒකීයභාවය, යහපාලනය, මෛත්‍රී පාලනය, සුබ අනාගතය, සාමය, සමගිය, එකමුතුකම ගැන වැදි බණ දේශනා කරති. ඒ අතරම දෙපිලට බෙදී ගුටි ඇන ගනිති. සිවුරු කරේ දමාගෙන සමස්‌ත ලෝක වාසී බෞද්ධ ජනතාවටම මෙන්ම බෞද්ධාගමටත් නිග්‍රහ කරති. සාහිත්‍යයට කලාවට, සංස්‌කෘතියට කොළපාට, නිල්පාට, රතුපාට ආදී වශයෙන් ලේබල් අලවති. මේ සියල්ලටම මුල බලය නොවේද? බල තණ්‌හාව සමාජයක් සුවපත් කරනවාට වඩා අරාජික කරන බව මේ ජනාධිපතිවරණය අපට කියයි. ජනතාව මැතිවරණයක් ඉල්ලුවේ නැත. එහෙත්, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අනපේක්‍ෂිත ජනාධිපතිවරණයක් රටට ලබාදුන්නේ තමන්ට තවත් වසර දෙකක් තනතුරේ ඉන්නට බලය තිබියදීය.
හේ කියන්නේ තමන් "ඡන්දය" කල්දැමූ නායකයකු නොව ජනතාවට නිසි කාලයේදී "මැතිවරණ" ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු බවය. සැබෑය, ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා රටට "මැතිවරණයක්" ඕනෑද එපාද කියන්නටත් මැතිවරණයක් (ජනමත විමසුමක්) තැබුවේය. මැතිවරණ කල් දැමුවේය. ජනතාවගේ ඡන්ද හිමිකම නොහොත් අයිතිය අමු අමුවේ උල්ලංඝනය කළේය. එසේ වූ පමණින් නිරන්තරයෙන් "මැතිවරණ" අවශ්‍ය යෑයි ජනතාව අපේක්‍ෂා නොකරති. දැන් මේ රටේ ජනතාවට මැතිවරණ "තිත්ත" වී තිබේ. හේතුව ඒවායේ ඇති අක්‍රමිකතාය. ප්‍රචණ්‌ඩත්වයයි. ඡේ. ආර්. ගේ මෙන්ම ප්‍රේමදාසගේ සමයේ එකම දවසක එකට තැබූ පළාත් සභා මැතිවරණය දැන් පවත්වන්නේ කෑලි කඩාය. පසුගිය අවසන් පළාත් සභා මැතිවරණය පැවැත් වූයේ කෑලි හතරකටය. දින හතරකටය. මෙම මැතිවරණ සඳහා උපරිම ප්‍රචාරක වාසිය, රාජ්‍ය බලය, රාජ්‍ය සම්පත් යෙදැවේ. එය අනිකාට කරන අසාධාරණයකි. අනිකාගේ සිත් බිඳවීමකි. අක්‍රමිකතාවකි. මැතිවරණ ප්‍රචණ්‌ඩත්වයකි. මේ සියලු මැතිවරණවලදී යොදවන ධනස්‌කන්ධය කොහේවත් සටහන් වන්නේ නැත. ජනතාවට සිදුවන තාඩන, පීඩන, පී. වී. සී. කටවුට් හා පොලිතින් සැරසිලි මගින් සිදුවන පාරිසරික ව්‍යසනය, මැරකම, චණ්‌ඩි පාට් අහිංසක මිනිසුන් තලා පෙලා දැමීම අසීමාන්තිකය. එහෙයින් "මැතිවරණය" ප්‍රජාතන්ත්‍රවාදී වුවත් "මැතිවරණ පැවැත්වීම" ජනතාවට පීඩාවක් වී අවසානය.
තවත් වසර දෙකක් බලයේ ඉන්නට ඉඩ තිබියදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මෙවර මැතිවරණය ප්‍රකාශයට පත් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සපථ කරනු සඳහාම නොව තමන්ගේ ජනප්‍රියත්වය උරගා බැලීම සඳහාය. ඉදිරි වසර හයක් හෝ අටක් සඳහා බලය ලබාගැනීම සඳහාය. ඒ නැතත් ඉදිරි වසර දෙක සඳහා මෙරට සිටි ජනප්‍රිය නායකයා වූයේද මහින්ද රාජපක්‍ෂමය. ජනතාවගේ අපේක්‍ෂාව වූයේ ඉදිරි දෙවසරේදීත් හේ මෙරටේ ජනාධිපතිවරයාව සිටිනු දැකීමය. ඇරඹූ යෝධ සංවර්ධන කාර්යයන් මේ වසර දෙකේදී හැකි පමණ සාක්‌ෂාත් කරගනු ඇතිය යන්නය.
කවුරුන් කෙසේ කීවද වසර 30 ක් තිස්‌සේ මෙරට මුල් බැසගෙන තිබූ බිහිසුණු, කුරිරු යුද්ධය නිමා කළ නායකයා ඔහුය. ඒ සඳහා ඇමැති මණ්‌ඩලය, දේශප්‍රේමී බලවේග, ආරක්‍ෂක ලේකම් ඇතුළු අනෙකුත් අමාත්‍යාංශ පරිපාලනය, ත්‍රිවිධ හමුදා නායකයන් සහ එම සාමාජිකයන්, ව්‍යාපාරික ප්‍රජාව, ආගමික නායකයන්, සාමාන්‍ය ජනතාව ඔහුට පූර්ණ සහයෝගය ලබාදුන්හ. එම විශ්වාසය උපරිමව රැකගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ. ය මෙරටින් සහමුලින්ම අතුගා දැමුවේය. එදා රටේ ජනතාව කිරිබත් කමින් ප්‍රකට කළේ රටේ ජනනායකයාගේ පටන් සෑම සියලු ජනතාව "එක්‌ව" "සමගියෙන්" කටයුතු කළහොත් ලබාගත නොහැකි ජයග්‍රහණයක් නැත යන්න පිළිබඳ සංසිද්ධියයි. ඒ සමගම ජනාධිපතිවරයාට යෝධ ප්‍රතිරූපයක් ගොඩනැගුණේය. මෙම සමගිය, එකමුතුකම, යුතුකම හා විශ්වාසයේ කළගුණ සැලකීම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට 2010 වසරේදීද ජනතාවගෙන් ඉතා ඉහළින් හිමිවිය. එය එදාද ඔහුට උරුම වූවකි. එම කාල වකවානුවේදී ඔහු පරදන්නට සමතෙක් ශ්‍රී ලංකාවේ බිහිව සිටියේ නැත. යුද්ධය මෙහෙය වූ හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෙµdන්සේකා 2010 වසරේදී මහින්ද රාජපක්‍ෂ සමග තරගයට පටලැවෙන්නට එදා ඉක්‌මන් වූවා වැඩිය. ඔහුටත් ජනප්‍රියත්වයක් තිබුණා සේම, ඔහුගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයකදීය. ඇතැම් විට මේ එම අවස්‌ථාව වන්නට ඉඩ තිබිණි. එහෙත් අද මේ බොහෝ දේ වෙනස් වී තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුනෙන් දෙකක බලයකින් වෙනස් කර තුන්වැනි වර ජනාධිපතිවරණයට තම ජනප්‍රියතාව උරගා බලන්නට තීරණය කළ මොහොතේත් විපක්‍ෂයට පැහැදිළි පොදු අපේක්‍ෂකයකු පවා නොසිටියේය.
ජනප්‍රියත්වයෙන් පහළටම ඇද වැටී සිටි ජනාධිපතිවරණ ප්‍රචාරකයෝ මහින්ද රාජපක්‍ෂගේ ප්‍රචාරක ව්‍යාපාරය අතට ගත් අතර පොදු අපේක්‍ෂකයකු ගැන ඔවුන් විපක්‍ෂය හෑල්ලුවට ලක්‌කරන අතරේ ශ්‍රී ල.නි.ප. මහ ලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා බවට පත්වීම ආණ්‌ඩුව කිසි ලෙසකින්වත් අපේක්‍ෂා කළ දෙයක් වූයේ නැත. අවසානයේදී සිදුවූයේ "මඩ දේශපාලනයක්" දක්‌වා මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනස් වීමය. රට, ජාතිය, ආගම හෑල්ලුවට ලක්‌කිරීම දක්‌වා ගැටුම් දුරදිග යැමය. නොසිතූ පරිදි පිල් දෙකකට ජනතාව බෙදීමය. ජාතිවාදය, ආගම්වාදය අවුස්‌සා ගැනීමය. ජාතියේ ගෞරවය දිනූ සංඝයා වහන්සේ භේද භින්න වීමය. කලාකරුවන් දෙකඩවීමය. මඩ දේශපාලනික ප්‍රචාර සඳහා මාධ්‍ය යොදා ගැනීම සහ ඒ සඳහා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැය කිරීමය. ළමයින් දේශපාලන ප්‍රචාරක අතකොලු බවට පත්කර ගැනීමය.
මෙම ජනාධිපතිවරණය අද රටේ සමගියට, සාමයට මහත් විපතක් සිදුකර තිබේ. ආර්ථික පරිහානියට හේතුවක් වී තිබේ. රටේ ගෞරවයට හානියක් බවට පත්ව තිබේ. භික්‍ෂූන් වහන්සේලා සිවුරු උස්‌සාගෙන ගුටි ඇන ගනිද්දී අන්‍ය ආගමිකයෝද මෙරට අභිවෘද්ධිය නොතකන - විදෙස් රාජ්‍යයන්ද සව්දිය පුරනු පෙනේ. අවසානයේ මහින්ද රාජපක්‍ෂගේ ජනප්‍රියතාව උරගාන ඡන්ද සටන වසර 30 ක් තිස්‌සේ මෙරටට, ජනතාවට මහත් බලපෑමක් එල්ල කළ බෙදුම්වාදයටත් වඩා සමාජ අර්බුදයක් නිර්මාණය කර ඇත.
එදා යුද ජයග්‍රහණයේදී එකට කිරිබත් කෑ අයම දෙපැත්තකට බෙදී අද ගුටි ඇන ගනිති. කලාකරුවන් ඊට හොඳම නිදසුනය. දේශපාලකයෝ කලාකරුවන්ට පහර දෙති. තවත් කලාකරුවෝ රජය වෙනුවෙන් පෙනී හිඳිති. ඉදින් සමාජය අරාජික වී නැතැයි කිව හැකිද?
විපක්‍ෂ දේශපාලකයන් චෝදනා නඟන දූෂණ, අක්‍රමිකතා, නොසලකා හැරියද සලකා බැලුවද සහෝදර සමාගම් ගැන කීවද පෙර කී පරිදි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට "ගේමකින්" තොරව ඉදිරි වසර දෙක රටේ පාලන බලය ගෙන යා හැකිව තිබිණි. එසේම රාජපක්‍ෂ පවුලේ ගෝඨාභය රාජපක්‍ෂ වැන්නවුන්ද මේ වන විට මෙරට පරිපාලනයට, දේශපාලනයට එක්‌වීමේ සුදුසුකම් සපුරා තිබිණි. එවන් විටෙක ජනාධිපතිවරයා වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් පටලවා ගැනීමෙන් ඔහුට තෙවැනි වර පවා බලයට පත්වීමට තිබූ නිරායාස උත්සාහය "ගේමක්" බවට පටලවා ගත් බව ජනතාවගේ විශ්වාසයයි. යම් හෙයකින් හෙතෙම ඉදිරි දෙවසර ඉවසීමෙන් බලයේ හිඳ කටයුතු කළේ නම් රටේ සංයමයකින් යුතු ජනාධිපතිවරණයකට ඉඩ පාදන්නට ඉඩ තිබිණි.
එහෙත් මේ ජනාධිපතිවරණ හදිසිය සමස්‌ත ජන සමාජය දැන් ව්‍යාකූල කර අවසානය. විපක්‍ෂයේ "දුර්වල" අපේක්‍ෂකයකු වෙනුවට ආණ්‌ඩුවේම සිටි ඇමැතිවරයකු හා පක්‍ෂ මහලේකම්වරයා සටනට පැමිණ තිබේ. ඔහුගේ තරාතිරම නොහොත් "පැටිකිරිය" ද ශ්‍රී ලංකාවේ ජන සමාජයට අමුතුවෙන් කියාදිය යුත්තක් නොවේ. ඔහුගේ "සහෝදර සමාගමේ" හාල් වෙළෙ¹ම, වැලිගොඩ දැමීම ගැන අද ජන සමාජයම දන්නා නමුත් ඒ ගැන කතා කරන්නේ ජනතාව නොව ජනාධිපතිවරයාගේ ප්‍රචාරක වැඩකටයුතු භාරව සිටින ජන - අප්‍රිය වූ ප්‍රචාරක කණ්‌ඩායමයි. එය බුද්ධිමත් ප්‍රචාරක ව්‍යාපාරයක් නොවේ. කුමන රූපවාහිනි චැනලයක් ගත්තත් අපට දැක ගන්නට ලැබෙන්නේ මුදල් මිලියන බිලියන ගණන් වැයකර තැනූ ජනතාවට අප්‍රිය වූ දැන්වීම් සමුදායකි. ඒ සහෝදර සමාගමෙන් මේ සහෝදර සමාගමටද මේ සහෝදර සමාගමෙන් ඒ සහෝදර සමාගමටද එල්ලවන අසික්‌කිත අශීලාචාර දැන්වීම් කලාවකි. තවත් සමහරෙක හිටපු මැති ඇමැතිවරුන්ට වෙස් බැන්ද ප්‍රචාරකයන්ය. ඇමරිකානුවෝද ඊට පටලවා ගෙන ඇත. තවත් එකක් දේශපාලනය ගැන මෙලෝ අවබෝධයක් නැති දැයේ දරුවන් දේශපාලන ප්‍රචාරයට යොදවා ගෙන ඇත. රටේ ගෞරවය හිමිව සිටි සමාජය යහමගට ගත යුතු කලාකරුවන්ගේ පක්‍ෂග්‍රාහී කතන්දර සහ අවලාදය. එසේම රටේ ගෞරවාදරයට පත්වූ භික්‍ෂූන්වහන්සේ අර පැත්තටද මේ පැත්තටද දේශපාලකයන්ට "කඩේ යැමකි". රටේ ගෞරවාන්විත සාමය ස්‌ථාපිත කළ යුද ජයග්‍රහණය අවතක්‌සේරුවට හෑල්ලුවට ලක්‌කළ දැන්වීම්ය. එකිනෙකාට මඩ ගසා ගන්නා ප්‍රචාරක ව්‍යාපාරයක් වෙනුවට බුද්ධිමත්ව ජනමනස අවදි කරන, ජනතාවගේ හදවතට කතා කරන රූපවාහිනි වෙළෙඳ දැන්වීමක්, පුවත්පත් දැන්වීමක් හෝ වේදිකා කථනයක් පෙනෙන්නේම, ඇසෙන්නේම නැති තරම්ය. කලින් කලට තැනින් තැනට පැන පැන යන "වාචාලයන්" මැතිවරණ ප්‍රචාරක අංශය භාර ගැනීමෙන් විශේෂයෙන්ම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ඡන්ද "ගොඩ" අඩුකරනු පෙනේ. පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේනට ද එසේමය. ඔවුන් තම නායකයන් දක්‍ෂයන් ලෙස ඔසවා තබන බුද්ධිමත් ප්‍රචාරකයන් නොව, "මඩ" දේශපාලනයට රුසියන් බව දැනටමත් තහවුරු කර ඇත. ඇතැමකුගේ රුව තියා කටහඬවත් ඇසීමට ජනතාව සතුටු නැති තරමට අප්‍රසන්න චරිත වී තිබේ. එබැවින් බුද්ධිමත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් සඳහා ප්‍රචාරකයන් තෝරා ගැනීම කෙසේ වැඩදායකදැයි අනාගත දේශපාලකයන්ට සිහිතබා ගැනීමටද මෙම ජනාධිපතිවරණය කදිම අවස්‌ථාවක් වනු නොඅනුමානය. නොහොත් ශ්‍රී ලංකාවේ වත්මන් මැතිවරණ ප්‍රචාරක කටයුතු දැන් දකුණු ඉන්දියාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල තත්ත්වයටද වඩා පහළට ඇද වැටී තිබේ. මෙවන් මැතිවරණ භීෂණ, මඩ ප්‍රචාර හා අක්‍රමිකතා, ප්‍රචාරක පුවරු අප දැක ඇත්තේ දකුණු ඉන්දියානු ජන සමාජය හෝ ඔවුන්ගේම චිත්‍රපටවල පමණෙකි. අද ඒවා එළිපිටම ශ්‍රී ලංකාවේත් සිදුවේ. එසේම, එදා පාර්ලිමේන්තු සභා ගැබේ ඇසුණු නරි, බලු, බළල් කතා අද එළිපිටම ඡන්ද වේදිකාවට පැමිණ තිබේ. ඒ අතර මේ නායකයෝම භෞමික අඛණ්‌ඩතාව, ඒකීයභාවය, යහපාලනය, මෛත්‍රී පාලනය, සුබ අනාගතය, සාමය, සමගිය, එකමුතුකම ගැන වැදි බණ දේශනා කරතිs. ඒ අතරම දෙපිලට බෙදී ගුටි ඇන ගනිති. සිවුරු කරේ දමාගෙන සමස්‌ත ලෝක වාසී බෞද්ධ ජනතාවටම මෙන්ම බෞද්ධාගමටත් නිග්‍රහ කරති. සාහිත්‍යයට කලාවට, සංස්‌කෘතියට කොළපාට, නිල්පාට, රතුපාට ආදී වශයෙන් ලේබල් අලවති. මේ සියල්ලටම මුල බලය නොවේද? බල තණ්‌හාව සමාජයක් සුවපත් කරනවාට වඩා අරාජික කරන බව මේ ජනාධිපතිවරණය අපට කියයි.
ගෙම්බන් මෙන් එහාට මෙහාට පනිමින් වැට නැති කටවල්වලින් මෙම දේශපාලකයන් කරන මඩ ගැසීම් ජන සමාජයට කෙතරම් වැදගත් වන්නේ දැයි ඔවුන් කල්පනා කරන්නේ නැත. මතු අනාගතය භාර ගැනීමට සිටින දරු පරපුර ඉදිරියේ නිර්වස්‌ත්‍ර වෙමින් මෙසේ හැසිරීම රටක දරුණු බිඳවැටීමකි, ෙ€දවාචකයකි. දරු පරපුරම විනාශ කර දැමීමකි. ජනතා වරම රැගෙන පිලෙන් පිලට පැනීම සාධාරණයක් ලෙස සලකති. රට හදන්නට වරම් ඉල්ලන ජනාධිපතිවරයාද, පොදු අපේක්‍ෂකයාද පිලෙන් පිලට පනින ඇමැතිවරු මන්ත්‍රීවරු, පළාත් සභා සහ පළාත් පාලන සභිකයන් හිටපු නොහිටපු ජනතා නියෝජිතයන්ට ඉතා ඉහළින් චරිත සහතික දීම සමාජය කඩා වැටීම කෙතරම්ද යන්න අපට පසක් කරවයි.
යුද්ධයෙන් තුවාලව සුවවූ වණය වසර පහකට පසු යළිත් පෑරී තිබේ. සමාජය දැඩිව ව්‍යාකූලව පවතී. සැබෑ ජනතා කැමැත්ත වූයේ සාමය, සමගිය, සෞභාග්‍ය පිරි, ජීවන වියදම අඩු විසංවාදී ජන සමාජයකි. එහෙත් මෙම දේශපාලකයන් ජාතිවාදය වපුරමින් සමාජය තව තවත් අරාජික කරනු දැනේ. රටේ ගැටලු විසඳීමට බුද්ධිමතුන් අවැසි මොහොතක මෝඩයන් පිණුම් ගසනු පෙනේ. මේ රටේ කේන්දරයේ හැටිදැයි අපට තාමත් නොතේරේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment