ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ සහභාගීත්වයෙන් මඩකලපුව හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී රැස්වීමක් පවත්වා යන අතරතුර, මහින්ද රාජපක්ෂ ව හමුවීමට අපේක්ෂාවෙන් ඡන්ද අයිතිය ඉල්ලා සිටි අවතැන්වූ අසරණ සිංහල අනාථයින් පිරිසට පොලිසිය අති අමානුෂික ලෙස පහරදෙන ලදී. යුද්ධයෙන් අවතැන්වූ සිංහල අනාථයින්ට ඡන්ද අයිතිය අහිමිවී ඇති එකම මැතිවරණය මෙයයි. නමුත් සිදු වූයේ වෙනකකි. නිරායුධ අහිංසක මිනිසුන්ව නිරුවත්කර පහරදෙන්නට තරම් පාලකයා කුරිරු වී තිබුණි. ගැබිණි මවුවරුන්ට පවා පොලු පහර කෑමට සිදුවිය. 12 දෙනෙකු රෝහල්ගත කර ඇත. ඔවුන් මේ යටපත්කරන්නට
උත්සහකරන්නේ කුමක්ද? මෙසේ වියරුවැටී සිටින්නේ ඇයි? ඔබ තීරණයකරන්න....
කෙවිලියාමඩුව ගැන විශේෂ ලිපියක්...
ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ සහභාගීත්වයෙන් මඩකලපුව හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී රැස්වීමක් පවත්වා යන අතරතුර, මහින්ද රාජපක්ෂ ව හමුවීමට අපේක්ෂාවෙන් ඡන්ද අයිතිය ඉල්ලා සිටි අවතැන්වූ අසරණ සිංහල අනාථයින් පිරිසට පොලිසිය අති අමානුෂික ලෙස පහරදෙන ලදී. යුද්ධයෙන් අවතැන්වූ සිංහල අනාථයින්ට ඡන්ද අයිතිය අහිමිවී ඇති එකම මැතිවරණය මෙයයි.
මඩකලපුවේ මේ වන විට ඉතිරිව ඇති එකම සිංහල ගම්මානය සහ පන්සල ආරක්ෂා කරගෙන සිටින පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් සහ එම ප්‍රදේශයේ සිංහල ජනතාව (19) රැස්වීම අවසන් කොට එන ජනාධිපතිවරයාව හමුවී එම සිංහල ජනතාවට මෙවර මැතිවරණයේදී ඡන්ද අයිතිය ලබාදෙන ලෙසත්, අතිශය දුෂ්කර ජීවිත ගත කරන ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය අවම පහසුකම්වත් ලබාදෙන මෙන්වූ සංදේශයක් භාරදීමට සාමකාමී අයුරින් මාර්ගය අසල රැස්ව සිටියදී, එම අන්ත අසරණවූ ජනතාවට මෙම අතිඅමානුෂිය පොලිස් ප්‍රහාරය එල්ලකොට ඇත. මෙම නීච පොලිස් ප්‍රහාරය හරහා එක් පුද්ගලයෙකු නිරුවත් කොට පහර දී ඇති අතර, ගැබිණියක් ඇතුළු සිව්දෙනෙකු ප්‍රහාර හේතුවෙන් රෝහල් ගත කොට ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් පවසා සිටියේ, පොලිසිය විසින් පහර දුන් බවට අපරාධකරුවන් වන පොලිසිය විසින් භාරනොගන්නා බවත්, අපි අපේ මාතෲ භූමිය තුල අනාථයින් වී අසරණ වී ඇති තත්වයක අපේ දුක කාට කියන්නද? කුමක් කරන්නද යන්න සිතාගත නොහැකි බවයි.
මේ පිළිබඳ අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතාට මෙහි වගකීම පැවරෙන බවත්, මහා සිංහල බෞද්ධයෙකු නායකයෙකු ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂ අතිබහුරතයක්වූ මුස්ලිම් ජනතාවක් වෙසෙන මඩකලපුවේ වෙසෙන අන්ත අසරණ වූ මෙම සිංහල ජනතාව වෙනුවෙන් දැක්වූ සංවේදීත්වය තුල රාජපක්ෂ පාලනයේ ඇත්ත යථාර්තය සහ ඔවුන්ගේ පටු බලලෝභී අවස්ථාවේදී දේශපාලන අවශ්‍යතාවය කුමක්ද යන්න නිවැරදිව වටහා ගත හැකිබව පවසති.
යුද්ධය නිමවී ඇතත්, යුද අනාථයන් තවදුරටත් නැති බව අප කල්පනා කළත් එය එසේ නොවන බව පෙනෙන්ට තිබේ. යුද්ධයේදී දෙමළ, මුස්‌ලිම් මෙන්ම සිංහලයෝ ද යුද අනාථයන් බවට පත්වූහ. අම්පාරේ කෙවිලියාමඩුව ගම්මානයේ සිංහල මිනිස්‌සු අදටත් ඉන්නට - හිටින්නට තැනක් නැති යුද අනාථයෝ ය. මේ රටේ අන්තිම යුද අනාථයන් බලා ගැනීමට නම් නවනීදන් පිල්ලේ මහත්මිය යා යුත්තේ කෙවිලියාමඩුවට ය. එහෙත් එහිදී ඇයට දකින්නට ලැබෙන්නේ ඇය දැකීමට අපේක්‍ෂා කරන දෙමළ යුද අනාථයන් නොවන නිසා ඇයගේ හිත නරක් වනවා ඇත.
බෙදුම්වාදී යුද්ධය පැවති කාලයේදී කෙවිලියාමඩුව ගමට විශාල වශයෙන් තර්ජන එල්ල විය. සිංහල ගම්මානවලට පැන මන්න පිහිවලින් කොටා ජනයා සංහාරය කිරීම ඒ කාලයේදී කොටි ත්‍රස්‌තවාදීන් සතුව තිබූ ඉතා ජනප්‍රිය ක්‍රමවේදයකි. ජන සංහාරය සඳහා පතරොම් යොදා ගැනීමට වඩා මන්න පිහි යොදාගැනීම එල්. ටී. ටී. ඊ. යට ලොකු ලාභයක් විය. කොටි ත්‍රස්‌තවාදීන් විසින් කපා කොටා මරන ලද අසරණ සිංහල දරුවන්ගේත් ගැමියන්ගේත් මළ මිනී පෝලිම් ගසා තිබෙන අයුරු මේ රටේ ජනයා පින්තූරවලින් දැක ඇත. කෙවිලියාමඩුව ගමේ ජනයා තම වාසභූමිය වූ පාරම්පරික ගම්බිම් අත්හරින්නේ මෙබඳු කැති ගා දමනු ලැබීමේ තර්ජනයක් වුව විටදී ය. යුද්ධය නිම වූ විට ආපසු විත් පදිංචි වීමේ අපේක්‍ෂාව මත ඔවුහු තාවකාලිකව තම ගම් බිම් අත්හරිති. එහෙත් යුද්ධය නිම වී, ආපසු ගමට එන ගැමියන්ට තම ගේදොර සහ වගා ඉඩම් ආපසු ලැබෙන්නේ නැත. මේ ප්‍රශ්නය දැන් වසර කිහිපයක්‌ම පරණ ය. කෙවිලියාමඩුවේ පාරම්පරික ජනයා එදත් යුද අනාථයන් යá අදත් යුද අනාථයන් ය. ඉතාම නරක තත්ත්වය වන්නේ ඔවුන් අද අනාථභාවයට පත්ව සිටින්නේ තම පාරම්පරික වාස භූමියෙහි වීම ය.

තමන් උපන් බිමේ හිමිකාරිත්වය නීතිය සහ පොලිසිය එක්‌ව වළක්‌වන විට එල්. ටී. ටී. ඊ. ය තිබුණා නම් වඩා හොඳ බව කෙවිලියාමඩුව අසරණයන්ට හිතුණොත් එයට විරුද්ධව ක්‍රියා කිරීමට කාටවත් බැරිය. වඩාත් භයානක තත්ත්වය වන්නේ මේ අසරණයන් නීතයේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරවන රාජ්‍ය සේවයට සහ පොලිසියට එරෙහිව මන්න පිහි අතට ගතහොත් ය.
කෙවිලියාමඩුව ගම්මානය භාර පට්‌ටිපොල ප්‍රාදේශීය ලේකම්වරිය කියන්නේ ගම්වැසියන් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගන්නා බව ය. ගැමියන් දීර්ඝ කාලයක සිට එම ඉඩම් වගා කරන ලද්දේ නම් සහ එම ඉඩම්වලින් ජීවත් වූයේ නම් සින්නක්‌කර පැවැරුම් හෝ ඔප්පු තිරප්පු නැතත් ඒවායෙහි යළි වගා කිරීමට ඔවුන්ට අයිතියක් තිබේ. එසේ වගා කිරීමට ඉඩ දීමට ආණ්‌ඩුවට බැරි නම් ඒ මිනිසුන්ට විකල්ප ආදායම් මාර්ගයක් සලසා දිය යුතු ය. කෙවිලියාමඩුවේ පාරම්පරික ගොවීන්ට සහ එම ගොවි ඉඩම්වල අත්තමට වැඩ කරන කම්කරුවන්ට පට්‌ටිපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියන්නන් ලෙස වැඩ කළ නොහැකි ය. මේ නිසා ඔවුන්ට ඔවුන්ගේ පාරම්පරික ඉඩම් දීම හැර වෙන විසඳුමක් නැත.
Post a Comment