පුරා දින ගණනාවක් ඔබගේ පහන් සංවේගය සහ ගෙවී ගිය මතකයන් අවදි කරනුවස් අප ගෙන ආ මෙම විශේෂාංගය අදින් අවසන් වේ.මෙම විශේෂාංගයට ඔබ දැක්වූ ප්‍රියතාවය ගැන අප සතුටු වන අතර ම අප රට සහ රටේ ජනතාවගේ ආත්ම අභිමානය හෑල්ලු කර දැමු මෙම හෙර බොහෝ දෙනෙකුට දැකීම පවා අප්‍රසන්න බව අපි දනිමු.නමුදු මෙම අජුත මානවිකාව ගැන අපගේ ඉතිහාසයේ කළු අකුරින් සදා ලියවී ඇත.
ඇනීටා අත ප්‍රභාකරන් වෙත යවන ලද පණිවුඩය ගැන ප්‍රශ්න කළ විට ජනාධිපතිනියගේ මුහුණ අඳුරු විය. එය මා දැන ගත්තේ කාගෙන්දැයි ඇය ප්‍රශ්න කළාය.එය ඇන්ටම් බාලසිංහම් කී බව කියා සිටියෙමි.
ඉන්ධන හා පොහොර තහනම වහා ඉවත් කර ගන්නා බව ජනාධිපතිනිය පොරොන්දු වී ඇති බව යාපනයට දැනුම් දෙනු ලැබුවත්, ඇය එම පොරොන්දුව කඩිනමින් ඉටු කිරීමෙන් වැළකී සිටියාය.ඒ සඳහා සති ගණනක් ප්‍රමාද විය.සති ගණනක් ප්‍රමාද වී පොරොන්දුව ඉටු කරන්නට ගියත්, බොහෝ ප්‍රමාද වී එවන එම සහන බාර ගැනීම ප්‍රභාකරන් ප්‍රතික්‍ෂේප කළේය.අප්‍රේල් 18 වැනිදා සටන් විරාමය අවසන් කරන බව ආණ්ඩුවට දැනුම් දී,19දා පෙරවරුවේ ත්‍රිකුණාමලයෙ මුර යාත්‍රා දෙකකට පහර දී ඔවුහු තුන්වන ඊලාම් යුද්ධය ආරම්භ කළහ.
පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය අදින් නිමාවට පත් වේ.
Post a Comment