අඩි පොළවේ හප්පා ..ගෝරනාඩු කරයි..
මීට පෙර අනාවරණය කර තිබුනේ පොදු අපේක්ෂකයාට සහය දීම සඳහා පොදු හවුල විසින් ඩොලර් මිලියන ගණනක් වටිනා අල්ලස් සිංගප්පූරුවේදි ප්රදානය කර තිබු බවයි. රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් සහ මන්ත්‍රීවරු මෙසේ අල්ලස් ලබාගෙන ඇති අතර ලංකා බුද්ධි අංශ මේ පිලිබඳ අනාවරණය කරගත් නිසා පොදු අපේක්ෂකයාට සහය දීමේ තීරණය ඔවුන්ට කල් දැමිමට සිදුවිය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා ඊයේ 06 ඇයගේ කොළඹ හත පිහිටි නිල නිවසට ඔවුන්ව කැදවා දැඩි ලෙස පෙරැත්ත කර සිටියේ ජනාධිපතිවරණයට පෙර පොදු අපේක්ෂකයාට සහය දක්වන ලෙසයි.
කෙසේ නමුත් එම අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් චන්ද්‍රිකාට පෙන්වා දුන්නේ මේවනවිටත් පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට තමන් සිංගප්පුරුවේදි ලබාගත් මුදල් තොරතුරු රජය සතුව පවතින නිසා මේ අවස්තාවේ පිල් මාරු වීම කිසිසේත්ම කල නොහැකි බවයි.
මෙය ඇසුනු චෞර රැජින ලෙස ප්රසිද්ධවූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කෝපයෙන් පවසා ඇත්තේ තමුසෙලාට මේ වෙලාවේ එන්න බැරිනම් අපිට පාවෙන ඡුන්ද ගන්න ක්‍රමයක් නැහැ. මහින්ද 9වෙනිදට දිනල තමුසෙලාගේ හොර වැඩ රටට හෙලි කරල රෙදි ගලවයි කියාය.
එවිට පැමිණසිටි අමාත්‍යවරයෙක් පවසා ඇත්තේ මැඩම්, මේවා දැනගත්තොත් රටේ මිනිස්සු අපේ රෙදි ගලවන්න කලින් මැඩම්ගේ රෙදි ගලවයිල යැයි පවසා ඔහු කෝපයෙන් රථයට නැගි පිටත්ව ගොස් ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment