ජාතික හෙළ උරුමය - ටී.එන්.ඒ. සන්ධානය ඉඟුරු හා මඤ්ඤාෙක්කා එකතු වුණා වගෙයි - ජා.නි.පෙ. දේශපාලන සභික පියසිරි විජේනායක
එකැස් චෞර රැජිණ කල් යල් බලා ගැසූ ගැටයට අසුවුනු සේක...
“කොළඹ තානාපති කාර්යාල මගින් රජයේ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන්ට මිලියන 500 හා 300 ගණන් සුඛෝපභෝගී නිවාස දෙන බව පවසමින් ‘මෛත්‍රී පාලනයට’ උදව්කර රාජපක්ෂ පාලනය පෙරළා දමන්න බලපෑම් කරනවා. අද ඒකට දේශමාමක යැයි කියන බලවේගයන් හා විපක්ෂ බලවේගයන් උදව් කරනවා.” යැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
විජේනායක මෙසේ ද කීය.
දේශපාලන වශයෙන් රට හා මේ රජය අස්ථාවර කර අරාජික තත්ත්වයක් නිර්මාණය කර යුද ජයග්‍රහණ ආපසු හැරවීමට ඔවුන්ට වුවමනා වෙලා. ජාතික හෙළ උරුමයෙන් අප අහන්නේ යුද ජයග්‍රහණයේ ප්‍රතිඵලය වූ ඒකීය නිදහස් රට බෙදන සංකල්පයේ සිටිනා ටී.එන්.ඒ. සමග ඒකාබද්ධ වුණු විපක්ෂයට සම්බන්ධ වුණේ ඇයි කියලා. හෙළ උරුමයේ තිබූ අපේක්ෂාවන් කෝ....?
ඒකීය නිවහල් රට දෙකඩ කරන්න, උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කරන්න හීන දකින ටී.එන්.ඒ. සමග හෙළ උරුමයේ සන්ධානගතවීම හරියටම මඤ්ඤාෙක්කයි ඉඟුරුයි එකට තම්බලා කෑවා වගේ දෙයක්. ඒ දෙක තම්බපුවාම හැදෙන්නේ සයනයිඩ්. කොහෙත්ම පෑහෙන්නේ නෑ. ඒත් අද ඔවුන් විපක්ෂය සමග එක්වී මේ රට එක්සත් කරපු නායකයාට එරෙහි වෙලා.”
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment