ඊළාම් රාජ්‍යයකට යළිත් පිටපොට ගසන ජාත්‍යන්තර කොටි...සුමන්තිරන් , මනෝ ගනේෂන් වැනි සීතල කොටින් මෛත්‍රී පසු පස්සේ ඵන්නේ ඇයි....ඵකදු සිංහලයෙකුට නැගෙනහිර ටී.ඵන්.ඵ් වේදිකාවකට ගොඩවීමට අවස්ථාවක් නොදුනද ...අපේ නිවට නියාලූ දේශපාළුවන් ඒ හොරුන් සිය වේදිකා තුළට කරපිටින් වඩම්මතී...සමස්ත ජාතියටම විළි ලජ්ජය...
ජාත්‍යන්තරය අද ඒ සඳහා සෘජුවම මැදිහත් වී තිබෙන බවත් පෙනෙන්නට ඇත. ජාත්‍යන්තරය සමග සෘජු සබඳතා පවත්වාගෙන ගිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හරහා නව අපේක්ෂකයෙක් ජනාධිපතිවරණය සඳහා යෙදවීමට ජාත්‍යන්තරය පියවරක් ගෙන තිබේ.
යුරෝපීය රටවල වෙසෙන කොටි සාමාජිකයන්, කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව අවශ්‍ය කරන්නේ කොටි සංවිධානය විනාශ කර කොටි නායකයා මරා දැමූ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ආරක්ෂක හමුදාවේ ප්‍රධානීන්ට දඬුවම් කරන්නටය.
එය සිදු කිරීමටන ම් මුලින්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජයට පත්කර විදේශීය රටවලට අවනත නායකයෙක් පත්කර ගත යුතුයි. ජාත්‍යන්තරය අද ඒ සඳහා සෘජුවම මැදිහත් වී තිබෙන බවත් පෙනෙන්නට ඇත. ජාත්‍යන්තරය සමග සෘජු සබඳතා පවත්වාගෙන ගිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හරහා නව අපේක්ෂකයෙක් ජනාධිපතිවරණය සඳහා යෙදවීමට ජාත්‍යන්තරය පියවරක් ගෙන තිබේ.
ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් සම්මත කරගත් යෝජනාවකට අනුව පිහිටුවන ලද යුද අපරාධ පිළිබඳව සොයා බලන ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර විමර්ශනයට ශ්‍රී ලංකා රජය සහාය විය යුතුයැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයියද් අල් හුසේන් යළිත් වතාවක් ඉල්ලා සිටියේය.
කොමසාරිස්රවයා මෙම ඉල්ලීම කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙත ලිපියක් එවමින්ය. එම විමර්ශන කටයුතුවල සමහර කරුණු සාකච්ඡා කිරීමටද ඔහු ආරාධනා කර තිබිණි. එමෙන්ම විමර්ශනයට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීමේ කාලය අවසන් කර ඇති බව සඳහන් කළ සෙයියද් අල් හුසේන් එසේ සාක්ෂි ලබාදීම සඳහා ආරම්භ කරන ලද ඊමේල් ලිපිනය අහෝසි කර ඇතැයිද කීවේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් පත් කරන ලද ජාත්‍යන්තර විමර්ශන කමිටුව ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා රජය එම විමර්ශන නිලධාරීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදී විමර්ශනයන්ට කිසිදු සහායක් ලබා නෙදෙන බවත් රජය ප්‍රකාශ කර තිබිණි.
වසර ගණනාවක සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ක්‍රියාකලාපයන් කෙරෙහි ආණ්ඩුව දිගින් දිගටම විරෝධය පළ කරමින් සිටියි. මේ වසරේ මාර්තු මස 28 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී සම්මත කරගන්නා ලද යෝජනාව අනුව මෙම විමර්ශන කමිටුව පත්කළේය. එහි කටයුතු කිසිවක් ශ්‍රී ලංකාව තුළදී සිදුකරන්නට නොහැකි විය.
එහෙත් මේ විමර්ශනයන් සිදු කෙරුණේ වෙනත් රටවල සිටිමින්ය. කෙසේ වෙතත් ඒ පිළිබඳව දැඩි විවේචනයක් පළ කෙරිණි. එහෙත් මෙරට සමහර දේශපාලන පක්ෂ එම විමර්ශන සඳහා සහය දිය යුතු බව ප්‍රකාශ කළේය.
දෙමළ ජාතික සන්ධානය මේ ජාත්‍යන්තර විමර්ශන කමිටුව ඉදිරියේ සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් විදේශීය රටවලට ගෙනයාමට උත්සාහ කළේය. යාපනයේ සිය කාර්යාලය හරහා එම සාක්ෂි සටහන් කර විමර්ශන කමිටුව වෙත විද්‍යුත් තැපෑල මගින් යැවීමටද කටයුතු කළේය.
එහෙත් මේ විමර්ශන තුළින් සිදුකරන්න හදන්නේ වෙනත් කිසිවක් නොව කොටි සංවිධානය විනාශ කිරීමට එරෙහිව දඬුවම් කිරීමක් පමණි. කොටි ත්‍රස්තවාදය වෙනුවෙන් රටවල් රැසක් උදව් කළේය. එදා සාම නියෝජිත ලෙස කටයුතු කළ නෝර්වේ ජාතික එරික් සෝලිහයිම් උපරිම වශයෙන් කොටින්ට උදව් කළේය.
මේ පිළිබඳව යළිත් කථිකාවක් ඇති වූයේ ඔහු හින්දුස්තාන් පුවත්පතට ලබාදෙන ලද සාකච්ඡාවකදීය. යළිත් ශ්‍රී ලංකාව ගැන කතා කිරීම නිසාය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින පාලන බලය අත්කර ගැනීමේ සටන නිසාම සාම සාකච්ඡා අසාර්ථක වූ බව ඔහු කීවේය.
මේ සාකච්ඡාවේදී ඔහු තවදුරටත් කීවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ට හා නෝර්වේ රජයට කරන චෝදනාවන්ට හේතුව ළඟදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය බවය. මැතිවරණවලදී නෝර්වේ රජයට චෝදනා එල්ල වන බවත්ය.
ශ්‍රී ලංකාවේ සිදුවන දහස් සංඛ්‍යාත ජීවිත විනාශ වළක්වා සාම වැඩපිළිවෙළ සාර්ථකව සිදුකළ බවත් ඒ සඳහා ඉන්දියාවද උදව් කළ බවත් ඔහු කීවේය. 2005 - 2006 කාලයේදී දෙපාර්ශ්වයම යළිත් යුද්ධයට අවතීර්ණ වනවිට ජාත්‍යන්තර ක්‍රියාදාමයන් සීමාවිය. සාම වැඩපිළිවෙළ අසාර්ථක වීමට හේතූන් දෙකක් තිබුණු බවද එරික් සෝල්හයිම් කියා සිටියි.
කොටි සංවිධානයේ නායකත්වය අර්බුදයට විසඳුමක් ලෙස පෙඩරල් පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම පිළි නොගන්නා තැනක සිටියේය. අනෙක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවැති තරගකාරීත්වය.
අවසන් යුද සමයේ සිදු වූ යුද අපරාධ පිළිබඳ සිදු කෙරෙන විමර්ශන තුළින් ඊට වගකිවයුත්තන්ට දඬුවම් කළ යුතු බවද සොල්හයිම් විසින් ප්‍රකාශ කර තිබේ.
කෙසේ හෝ යුරෝපීය රටවල වෙසෙන කොටි සාමාජිකයන්, කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව අවශ්‍ය කරන්නේ කොටි සංවිධානය විනාශ කර කොටි නායකයා මරා දැමූ ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ ආරක්ෂක හමුදාවේ ප්‍රධානීන්ට දඬුවම් කරන්නටය. එය සිදු කිරීමටන ම් මුලින්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජයට පත්කර විදේශීය රටවලට අවනත නායකයෙක් පත්කර ගත යුතුයි.
ජාත්‍යන්තරය අද ඒ සඳහා සෘජුවම මැදිහත් වී තිබෙන බවත් පෙනෙන්නට ඇත. ජාත්‍යන්තරය සමග සෘජු සබඳතා පවත්වාගෙන ගිය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හරහා නව අපේක්ෂකයෙක් ජනාධිපතිවරණය සඳහා යෙදවීමට ජාත්‍යන්තරය පියවරක් ගෙන තිබේ.
දෙමළ ජාතික සන්ධානය මෙවර ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කාටද යන්න මතෛක් ප්‍රකාශ කළේ නැත. එහෙත් ඔවුන් කියා සිටින්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව නිවැරදි දැක්මක් ඇති අයෙකුට තමන්ගේ සහය ලබාදෙන බවය. ගොනා හැරෙන විට ඒ පොල් පැළය කන්නට බව අපි දනිමු. දෙමළ ජාතික සන්ධානය කිසි දිනෙක රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් තරග කරන අපේක්ෂකයෙකු හැර වෙනත් කිසිවෙකුටත් සහාය දෙන්නේ නැත.
අද දෙමළ ජනතාව සන්ධානයට අවශ්‍ය කරන්නේද කෙසේ හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් ඉවත් කර ඊට තමන්ට අවනත නායකයකු පත්කර මහින්ද රාජපක්ෂ ප්රමුඛ යුද්ධයට සම්බන්ධ සියලුම රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ වරදකරුවන් කර දඬුවම් ලබාදීමටය.
එක පැත්තකින් ඒ අයට දඬුවම් කරමින් පාලනය කරන අතරතුර ශ්‍රී ලංකාව තුළ නව පාලකයින් හරහා ඊලාම් රාජ්‍යයකට අවශ්‍ය පාර කපා ගැනීමටය. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ ඒ අවශ්‍යතාවය ඉටුකිරීම සඳහා යුරෝපීය රටවල් කෝටි ගණනින් මුදල් උතුරට එවනු ඇත.
සෑම මැතිවරණයකදීම දෙමළ ජාතික සන්ධානය කටයුතු කළේ ඔවුන්ට අවශ්‍ය පරිදි නොවේය. ඔවුන් කටයුතු කළේ විදේශීය රටවල වෙසෙන කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය පරිදිය.
මෙවර ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කිරීමත් සමග ලෝක දෙමළ සංසදයේ (Global Tamil Forum) සහ බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ (British Tamil Forum) හි ප්‍රධානියකු වන සුරේෂ් සුරේන්මුන් නැමැත්තා අල් ජසීරා නමැති රූපවාහිනී චැනලයත් සමග පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරණය කෙරෙහි ඔවුන්ගේ ඉහළම අවධානය යොමුව ඇති අතර ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න මනාව පැහැදිලි කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමෙන් පසු ඔහුව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත පහසුවෙන් රැගෙන යා හැකි බව කියා සිටියේය.
යුද අපරාධ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත රැගෙන යාමට තිබෙන ඉහළම සීමාව ඔහු රාජ්‍ය නායකයෙකු ජනාධිපතිවරයෙකු ලෙස සිටීම බවත් එම තනතුරුවලින් ඉදිරිපත් කර ගන්නේ නම් පහසුවෙන් ඔහු එම අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් කළ හැකි බවත් කීවේය.
මේ තුළින් එකක් පැහැදිලිය. මේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමේ අවශ්‍යතාවය ඇත්තේ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව, දෙමළ ජාතික සන්ධානය ඇතුළු බෙදුම්වාදීන්ට පමණි. ඔවුන්ට ශ්‍රී ලංකාව දෙකඩ කර ඊලාම් රාජ්‍යයක් බිහිකර ගැනීමට ඇති එකම බාධාව ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ වන හෙයින් එම බාධකය ඉවත් කර ගැනීමට මේ ජනාධිපතිවරණය යොදා ගැනීමට පියවර ගෙන ඇත.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රටේ ජනතාවට බොහෝ දේ සිතන්නට සිදුව තිබේ. තිස් වසරක යුද්ධය අවසන් කළ නායකයා පෝරකයට යන රට බෙදුම්වාදීන්ට භාරදෙන්නේද එසේත් නැත්නම් බෙදුම්වාදීන් පරදා රට ආරක්ෂා කර ගන්නේද යන්නයි.
මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරා දෙමළ ජාතික සන්ධානය හරහා කෝටි ගණනින් මුදල් වැය කරන්නට සැලසුම් කර තිබේ. එම මුදල් හා එම සංවිධානවල සහාය මත පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට පොදු විපක්ෂය සැලසුම් කර ඇත. අද සමහර දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති සියල්ල පාවා දී පොදු විපක්ෂය හා එක්ව සිටින බව පෙනෙන්නට තිබේ.
පොදු විපක්ෂය සමග මේ වනවිට ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, වික්‍රමබාහු කරුණාරත්න, ආර්. සම්බන්ධන් ඇතුළු පිරිස් එක්ව සිටිති. එම පිරිස් සමග ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය වැනි පක්ෂවලට එක්විය හැකිද? එසේ නම් පසුගිය වසර 10 ක් පුරාවට ඒ අය කළ විවේචනයන් සත්‍යයද? යන ප්රශ්නය මතුවෙයි.
මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳවත් දෙමළජාතික සන්ධානය ගමන් කරන ආකාරය පිළිබඳවත් පසුගියදා සමස්ත ලංකා මුස්ලිම් කොංග්රස් නායකයකු වන නියෝජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ප්‍රකාශයක් කළේය.
ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බලවේග දෙමළ ජනතා සන්ධානය සමග එක්ව රහසිගත ගිවිසුම් අත්සන් කරගෙන මුස්ලිම් ජනතාව නොමග යැවීමට කටයුතු කරන බවද හෙතෙම කීවේය.
මුස්ලිම් ජනයාට විවිධ ප්‍රකාශ කරමින් ආණ්ඩු විරෝධී දේශපාලන මගකට ඇද දැමීමට මේ බලවේග කටයුතු කරන බවත් දෙමළ ජාතික සන්ධානය තමන්ගේ පුද්ගලික වාසියට කටයුතු කරමින් ඒ දෙසට මුස්ලිම් ජනතාව ඇද ගැනීමට උත්සාහ කරන බවත් කීවේය.
දෙමළ ජාතික සන්ධානය ගෙනයන මෙම වැඩපිළිවෙළ කෙරෙහි දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින හිස්බුල්ලා තම නායකයින් මුස්ලිම් දේශපාලන පක්ෂ ආරම්භ කරන අවධියේ පටන් කියා සිටියේ මේ රටේ මුස්ලිම් ජනතාව මහ ජාතියත් සමග එක්ව කටයුතු කළ යුතු බව අවධාරණය කර ඇතැයි කියාය.
කිසිදු අවස්ථාවක මුස්ලිම් ජනතාවට මහ ජාතියට එරෙහිව දේශපාලනය කරමින් අර්බුද ඇති කර නොගන්නා ලෙසද ඉල්ලා ඇති බව කියා සිටි හිස්බුල්ලා මේ රටේ මුස්ලිම් ජනතාවට සේවය කළ එකම නායකයා මහින්ද රාජපක්ෂ බව අමතක නොකළ යුතුයැයිද කීවේය.
එස්.එම්. ශ්‍රීධරන්
මෙම ලිපියේ ඇති අදහස් ලේඛකයා සතුය..
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment