BREAKING NEWS

රටතොට

Wednesday, December 10, 2014

අපි නාටු ගිරවෙක් දීලා මාල ගිරවියක් ගෙනාවා - රනිල්


පිටරටවල්වල මීයො ගිලෙන නැව්වලින් එලියට පණිනවා..
නමුත් අපේ මීයො කරන්නෙ ගිලෙන නැව් වලට පණින එක..


අපේ නායක හාමුදුරුවනේ අපි අපේ ළඟ හිටපු නාටු ගිරවෙක් ජනාධිපතිට දීලා එතුමා ළඟ හිටපු හොඳ හැඩකාර මාල ගිරවියක් අරන් ආවා යනුවෙන් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ  පෙරේදා 09 මහනුවර මල්වතුපාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහෝපාද්‍යන් වහන්සේ හමුවේ සඳහන් කරන්නට යෙදිණ.

ඉතාම සැහැල්ලූ සිතකින් මිත‍්‍රශීලී ආකාරයට මහානායක හිමියන් හා කරුණු දක්වා ඇති විපක්ෂ නායකවරයා තවදුරටත් මෙසේද පවසා ඇත.

පිටරටවල්වල මීයො ගිලෙන නැව්වලින් එලියට පණිනවා. නමුත් අපේ මීයො කරන්නෙ ගිලෙන නැව් වලට පණින එක. දැන් ගුවන් විදුලි සංස්ථාව මෛත‍්‍රී භාවනාව නවත්වල කියල ආරංචියි.

මේ මිනිස්සුන්ට කවුද දන්නෑ මේවලට උපදෙස් දෙන්නෙ? ඔය මිනිස්සු හැම එක්කෙනෙක්ම අපි ළඟ හිටියෙ. අපි ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙන්න  ඕනි ඔය වගේ මිනිස්සු එයා ළඟට අරගෙන අපේ පක්ෂය සුද්ධකරල දුන්නට කියාය.



Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger