කූඨ ලේඛණ සෑදූ එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක දින 5 ක් තුල ඇප ලබා එළියට එද්දී, කුඩු ජාවාරම්කාර දුමින්ද සිල්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත නොවද්දී,
පාලිත තෙවරප්පෙරුමට පමණක් මෙසේ පමණ ඉක්මවා දඬුවම් පමුණුවා ඇත්තේ ඔහු මීට කලකට ඉහතදී රනිල් වික්‍රමසිංහට පිහියෙන් ඇනීමට තැත් කළ නිසා බව ඉතා පැහැදිලිව පෙනී යන කරුණක් බව එකී පාක්ෂිකයන් වැඩිදුරටත් සඳහන් කරති.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මේ වන විට මාස එක හමාරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින්නේ දණ්ඩනීති සංග්‍රහය යටතේ 'සුළුතුවාල කිරීම' නම්වූ සමත මණ්ඩලයට යොමුකළ හැකි පොලීසියෙන් පවා ඇප ලබාගත හැකි වරදකට වුවත් ඔහු මාස එක හමාරකට වැඩි කාලයක් එසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවී සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට දන්වා ඇති හෙයින් බව එජාප පාක්ෂිකයන් සඳහන් කරති.
තෙවාගේ වරදට දඬුවම් ලබාදීම අනිවාර්ය වුවත් තමන්ගේ පුද්ගලික උවමනා එපාකම් අනුව එජාප නායකයන් මෙසේ ක්‍රියාකිරීම තුලින් බිම් මට්ටමේ පාක්ෂිකයන් අධෛර්ය වීම අනිවාර්ය බව ඔවුහු පෙන්වා දෙති. ඉදිරියේ එළඹෙන මහ මැතිවරණය සඳහා මෙය ඉතා නරක ආකාරයෙන් බලපෑම් විය හැකි බව එජාප පාක්ෂිකයෝ සඳහන් කර සිටිති.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment