BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, December 6, 2014

රාජපක්ෂ කඩේ වහන්න ඕනෑ - අනුර දිසානායක

''දැන් රාජපක්ෂ කඩේ බඩු ගන්න එක නතර කරන්න ඕනෑ... ඒ විතරක් නෙවෙයි ඒක වහලා දාන්නත් ඕනෑ'' යැයි ඒකාධිපති පාලනය පරදවමු! ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැසෙමු! යන තේමාව යටතේ නුගේගොඩදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියේදී එහි නායක අනුර දිසානායක  ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර ....

''දැන් අපිට ඡන්දයක් ඇවිත්. කඳවුරු දෙකක් තියෙනවා. එකක් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කඳවුර. අනික මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ කඳවුර. දැන් රාජපක්ෂ ස්ටෝර්ස් එකේ පුරවලා තියෙන්නේ මොනවද? කඩේ අයිතිකාරයේ සහොදරයෝ ටික. පරණ බඩු. ගාන වැඩියි. තියෙන ටොපි ඇතුළේ වස උඩින් සීනි තවරපුවා. ඒ නිසා රාජපක්ෂ කඩේ බඩු ගන්න එක නතර කරන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි රාජපක්ෂ කඩේ වහලා දාන්නත් ඕනෑ. අනෙක් පැත්තේ මෛත්‍රී මුදලාලිගේ කඩේ. ඒ කඩේ බෝඩ් එක හොඳයි. 'විධායකය ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. 17වන ව්‍යවස්ථා සංශෝධනය නැවත ගේනවා. 18 අහෝසි කරනවා.' කඩේ බෝඩ් එක හොඳයි. මුදලාලි අලුත්. ඒත් කඩේ තියෙන බඩු ගැන අපිට ෂුවර් නැහැ. නමුත් අපි සහතික කරලා කියනවා රාජපක්ෂ කඩේ වහලා දාන්න ඕනෑ කියලා. ජනතාව තීරණය කළ යුතුයි යන්න ඕන කඩය මොකක්ද කියලා. දැන් රාජපක්ෂ ස්ටෝර්ස් එකේ වැඩකරපු අයත් එළියට ඇවිත් තියෙන්නේ. ඒ අය දැන් කියනවා එදා රාජපක්ෂ කරපු වැඩවලට අත උස්සපු එකට අද කණගාටු වෙනවා කියලා. රාජපක්ෂ කඩේ ගඳ ගහන තැනක්ලු. ජවිපෙ අපි එදා ඉදලා ඒ කතා කිව්වා. ඒ නිසා ඒක වහලා දාන්න ඕනෑ.''

Post a Comment

Copyright © 2013 best of selections news
Powered by Blogger