
දිසානායක එසේ කීවේ බළපෙරළිය හා ජනතා අභියෝග මැයෙන් (20 දා) පානදුරදී ජනතා විමුක්‌ති පෙරමුණ විසින් සංවිධානය කොට තිබූ මහජන රැලියක් අමතමිනි. මෙම රැලිය විශාල ජනතා සහභාගිත්වයෙන් පානදුර නගර සභා පිටියේදී පැවැත්විණි.
තවදුරටත් කතා කළ ජවිපෙ නායකයා මෙසේද කීය.
හිටපු ජනාධිපතිට ගෙයක් ඕන කිව්වා. ඒකත් දුන්නා. යුද්ධය නිමකරපු එකට ඇගයීමක් කළ යුතුයි. සොරකම් කරලා නම් නීතිය හමුවට ගෙන ආයුතුයි. මෛත්‍රීට දඬුවම් දෙන්න වෙලා තියෙන්නේ තමන්ගේ පක්‌ෂයේ අයටමයි.
අරලියගහ මැදුරේ බල්ලෝ 43 ක් ඉන්නවා. සෑම රටකටම ගියාම බල්ලෝ අරගෙන එනවා. ගෝඨාභය සුරතල් බල්ලෙක් ගේන්න එයාගේ ඥතියෙක් පයිලට් ලෙස යොදාගත්තා. බල්ලෝ නඩත්තු කරන්න කෝටි ගණන් වියදම් කළා. මේ රටේ පවුල් ලක්‌ෂ 15 කට ස්‌ථිර වහළක් නැහැ. මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. අධිකරණයට බලපෑම් කළා. හලාවත, වැලිවේරිය ප්‍රදේශවල ජනතාව මැරුවා.
මුහුද ගොඩකිරීමට නීතියක් නැහැ. වරාය අධිකාරියට මුහුද ගොඩ කිරීමට බලයක් නැහැ. මුහුද ගොඩකිරීමට කළුගල් කියුබ් ලක්‌ෂ 800 ක් ඕන. රටේම කළුකල් කැඩුවත් ඒකට මදි. රාජපක්‌ෂ පවුල රට චීන කොලනියක් කිරීමට පිඹුරුපත් හැදුවා.
හිටපු ජනාධිපතිවරයා හිටපු අගමැති දි. මු. ජයරත්නට බෙහෙත් ගන්නට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්‌ෂ 292 ක් ලබාදුන්නා. කෙහෙළියට බෙහෙත් ගන්න රුපියල් ලක්‌ෂ 100 ක් දුන්නා. සජින් වාස්‌ට නිවාස ගණනාවක් තියෙනවා. අම්බලන්ගොඩ පෙට්‍රල් ෂෙඩ් එකක් තියෙනවා.
අවුරුදු 67 න් 63 ක්‌ම මේ රට පාලනය කළේ වලව් පැලැන්තිය. හොරගොල්ල වලව්ව, මැදමුලන වලව්ව බෝතලේ වලව්ව, කොල්ලුපිටිය වලව්ව මේ රටේ තට්‌ටු මාරුක්‍රමයකට තමයි රට පාලනය වුණේ. කප්පම්කාරයෝ, එතනෝල් කාරයෝ, මිනීමැරුවෝ පාර්ලිමේන්තුවේ.
චන්ද්‍රිකා කියනවා වසර දෙකක් තිස්‌සේ එයා කරපු සැලසුමක ප්‍රතිඵලයක් ලෙස රජය පෙරලුවා කියලා. රාජිතත් කියනවා වෙස්‌වලාගෙන කළා කියලා. රතන හාමුදුරුවොත් කියනවා. ඔවුන් යමක් කළා තමයි. එදා විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් ගාල්ලේ සිට කොළඹට පාගමනක් ආවා. මහා කලුගලෙන් පතුරක් ගලවන්නට එදා ජවිපෙ සමත් වුණා.
රවී කරුණානායක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබලා තියෙනවා. අධිකරණයේ නඩුවක් විභාගවෙනවා. එදා ඔහු මුදල් ඇමති ලෙස අයවැය ඉදිරිපත් කරද්දී ඔහුට එරෙහිව නඩුව එදිනම අධිකරණයේ විභාග වුණා. අල විරාඡ් අධ්‍යාපන ඇමැති වුණේ කොහොමද කියලා ප්‍රශ්න තියෙනවා. මේ වෙලාවේ ඒවා ඇදල ගන්න එක හොඳ නැහැ.

සමහරු ඡන්දෙ අරගෙන අනෙක් පැත්තට පනිනවා. රාජිතලා, තිස්‌සලා පැන්නේ ඇමැතිකම් අරගෙන. ද්විත්ව පුරවැසිභාවය ඇති අයට පාර්ලිමේන්තුවේ ඉඩ නැහැ.
ජනතා විමුක්‌ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා - රජයට සිදුවුණා අපේ බලපෑම් මත සහන දෙන්න. රජයේ සේවක වැටුප රු. 10000 කරන්න කියලා කිව්වේ අපි. මහින්ද විවාහ රෙජිස්‌ටාර් ගාස්‌තුව රු. 5000 ක් කළා. මේ රජය ඒක 1000 ට අඩු කළා. අද පුද්ගලික අංයේ සේවකයෝ 600000 ක් ඉන්නවා. ඔවුන්ට රුපියල් 2500 ක් වැඩි කළ යුතුයි. ජනවාරි 8 දා අපි පළමු ඉනිම පටන් ගත්තා. දෙවන ඉනිම පාර්ලිමේන්තු මැතිවරණයයි. ඒක අපි දිනිය යුතුයි.
බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී (ජවිපෙ) නලින්ද ජයතිස්‌ස, පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජවිපෙ පානදුර සංවිධායක අජිත් සිරිසේනද මෙහිදී අදහස් දැක්‌වූහ.
Post a Comment