BREAKING NEWS

රටතොට

Friday, December 12, 2014

මඩ ගහන්නම වෙබ් අඩවි 5000ක් සති දෙකක් තුල අලූතින් ඇරලා....!!!

පසුගිය සතිදෙක තුන තුලදී ව්‍යාජ වෙබ් අඩවි සහ ෆේස් බුක් ගිණුම් පන්දහසක් පමණ අන්තර්ජාලයට එක්කර ඇතැයි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්‍ෂ මාධ්‍ය ප්‍රධානී අතුල පුෂ්පකුමාර  පවසයි.

පටු අරමුණු ඉටු කර ගැනීමේ අටියෙන් ඇතැම් කණ්ඩායම් සහ පිරිස් මෙසේ  සිදු කර තිබෙන බවද මෙම වෙබ් අඩවි බොහොමයක් ක්‍රියාත්මක වන්නේ විදේශ රටවල සිට බවද පුෂ්පකුමාර  පවසයි.
අන්තර්ජාලය වගකීමෙන් භාවිතා කිරීම පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව සදහන් කළේය.
පවතින දේශපාලන වාතාවරණයට සම්බන්ධ පදනමක් නැති ප්‍රවෘත්ති,  ව්‍යාජ තොරතුරු, පුද්ගලයන්ට සිදු කරන අපහාසාතාත්මක චෝදනා, සදාචාර විරෝධී ක්‍රියා මෙන්ම පදනම් විරහිත දේශපාලන මතවාද ආදිය මෙම ව්‍යාජ වෙබ් අඩවි හා සමාජ ජාල ගිණුම් වල පලකරන බවද හෙතෙම මෙහිදී වැඩි දුරටත් සදහන් කළේය.
වෙබ් අඩවි තහනම් කිරීම හෝ වාරණය කිරීම පවතින තත්වයන්ට පිලියමක් නොවන බවද එවැනි කිසිම තීරණයක් ගෙන නොමැති බවද    මෙහිදී සදහන් කළ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ට තොරතුරු තාක්‍ෂණ ඉජිනේරු රෝහන පල්ලියගුරු  සයිබර් අවකාශය වගකීමකින් යුතුව පරිහරනය කිරීම සැමගේ සමාජ යුතුකමක් බවද කීය.
වෙබ් අඩවි සහ සමාජ ජාල   ගිණුම් වල සදහන් පුවත් සහ ජායාරූප මගින්යම් අපහසුතාවයකට ලක් වුවහොත් ඒ පිලිදව තම සංසදයට පැමිණිලි කිරීමට හැකි බවද පල්ලියගුරු  මෙහිදී සදහන් කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ ප්‍රධානී හර්ෂ විජේවර්ධන  මෙහිදී සදහන් කළේ  සයිබර් අවකාශය යනු මහා දැනුම් සම්භාරයක් සහිත තැනක් බවත් එහි කලු සහ සුදු දෙකම තිබෙන බවත් වෙබ් අඩවිවල පළ වන පුවත් පිලිබද මුලාශ්‍ර ගැන වැඩි අවධානයකින් කටයුතු කිරීමෙන් නිවැරදි දැනුවත් වීමක් ලබා ගත හැකි වන බවත්ය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger