හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග තමන් ශ‍්‍රීලනිප ප‍්‍රතිසංස්කරණය කිරීම සදහා පත්කරන ලද කමිටුවට පත්කිරීම පිළිබදව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග කෝපයට පත්වී ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
මෙම කමිටුව ජනපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් සහ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා හිටපු අගමැතිවරුන් වන දි.මු. ජයරත්න සහ රත්නසිරි වික‍්‍රමනායක හිටපු ආණ්ඩුකාර අලෙවි මවුලානා කතානායක චමල් රාජපක්ෂ සහ හිටුප උසස් අධ්‍යාපන ඇමති විශ්වා වර්ණපාල යන අය නම් කර ඇත.
හිටපු ජනාධිපතිනිය මෙම කමිට්වට තමාද පත් කිරීම පිළිබදව කෝපයට පත්වී පවසා ඇත්තේ හිටපු ජනපති සිටින කමිටුවක කටයුතු කිරීමට තම සූදානම් නැති බවයි.
මේ අතර චන්ද්‍රිකා ඊයේ බි‍්‍රතාන්‍ය බලා පිටත්ව් ගොස් තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment