2012 වසරේ පැවැත් වූ ජන හා නිවාස සංගණනයට අනුව රටේ මුළු ජනගහනය මිලියන 20.4ක් බව අනාවරණය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ශී‍්‍ර ලංකාවේ මුල් ම ජන සංගණනය පවත්වා ඇත්තේ 1871 වර්ෂයේදීය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.පී. ගුණවර්ධන (12) කොළඹ දී පැවැති ජන හා නිවාස සංගණනයේ ප‍්‍රධාන තොරතුරු එළිදැක්වීමේ උළෙලට එක්වෙමින් මේ බව කියා සිටියේය.
ඒ අනුව 2012 වසරේදී ශී‍්‍ර ලංකාවේ පවත්වා ඇත්තේ මෙරට පැවැත් වූ 14 වන ජන හා නිවාස සංගණනයයි.
මෙහිදී විශේෂත්වය වූයේ මුළු දිවයිනම වසර 24කට පසු ආවරණය වන පරිදි මෙවර ජන හා නිවාස සංගණනය පැවැත්වීමට හැකිවීම බව ගුණවර්ධන කියා සිටියේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment