එය එක් අඳුරු යුගයක් පිලිබඳ ඇති මතක සටහනකි.ඒ යුගයේදී දකුණේ දහස් ගණන් මිනිසුන් ඝාතනයට ලක් වූහ. එය ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කරන ලදුව ආණ්ඩුව විසින් අවසන් කරන ක්‍රියාවලියක් තුළ සිදු වූ ඛේදවාචකයක් යැයි කිව යුතුය.එම ක්‍රියාවලියේදී මේ දෙපිරිස විසින් තරඟයට මෙන් මිනිසුන් ඝාතනය කළ අතර, උතුරේ 20 අවුරුද්දකට ආසන්න කාලයක් තුළ යුද්දයෙන් සිදු වූ මරණ සංබ්‍යාවට සමාන මරණ සංබ්‍යාවක් දකුණේ මේ කෙටි කාලය තුළ සිදු විය.
එම මෙහෙයුම දේශීය වශයෙන් පමණක් නොව , ජාත්‍යන්තර වශයෙන්ද ඇයට අති විශාල කීර්තියක් ලබා දීමට හේතු විය.
එහෙත් සුරිය කන්දෙන් ආරම්භ කළ ක්‍රියාවලිය තර්කානුකූල අවසානයකට ගෙන යාමට ඇය සමත් නොවූ බවද කිව යුතුය.ඇය සමුහ මිනීවළවල් ගොඩ දමන ව්‍යාපාරයකට නිර්භීතව නායකත්වය දීමට සමත් වුවත් එම පරීක්ෂණය තර්කානුකූලව අවසානයකට ගෙන යාමට උනන්දු නොවුවාය.අතුරුදහන් වුවන් පිළිබඳව සොයා බැලීමට සත්‍ය කොමිෂන් සභා ක්‍රමයට සමාන කොමිෂන් සභාවක් ඇති කළත් , එය අපක්ෂපාතීව අතුරුදහන් වුවන් පිළිබඳව කරුණු සොයා බලන කොමිෂන් සභාවක් නොවීය.එය පටු වාසි ලබා ගැනීමේ අරමුණෙන් ඉදිරියට ගෙන ගිය ව්‍යාපාරයක් විය.
මීළඟ කොටස මීළඟට....
Post a Comment