ජනාධිපතිනියගේ කොළඹ - කටුනායක අධිවේග මාර්ග ව්‍යාපෘතිය පිටුපස සිටි ප්‍රධාන පුද්ගලයා වුයේ රොනී පිරිස්ය.එම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් රට ඒ දෙපළට ගෙවා තිබෙන කප්පම ඇති විශාල බව ද කිව යුතුය.
අධිවේගී මාර්ග විෂය ගැන හොඳින් දන්නා පුද්ගලයෙකුට අනුව ධාවන පථ හතරක් සහිත අධිවේගී මාර්ග කිලෝමීටරයක් සඳහා පිළිගත් ජාත්‍යන්තර මිල ඩොලර් ලක්ෂ 20 කි. (රුපියල් කිටි 14 ක් පමණ) එහෙත් මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව ගෙවා තිබෙන මිල මාර්ග කිලෝමීටරයක් සඳහා ඩොලර් ලක්ෂ 96කි. රුපියල් කෝටි 67 ක් පමණ) ධාවන පථ හතරක් සහිත දකුණු අධිවේගී මාර්ගයේ මාර්ග කිලෝමීටරයක් සඳහා ගෙවා තිබෙන මිල ලක්ෂ 17 කි. (රුපියල් කෝටි 16 ක් පමණ.
ඊට ඉඩම් අත්පත් කර ගැනීමේ වියදම්,ව්‍යාපෘති කළමනාකරණ වියදම්, උපදේශක සේවා වියදම් හා අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ වියදම් ද ඇතුළත්ය.එහෙත් කටුනායක අධිවේගී මාර්ග මාර්ග ව්‍යාපෘතියේ දී ඒ සියලු වියදම් දැරිය යුත්තේ කොන්ත්‍රාත්කරු නොව ආණ්ඩුවයි.
Post a Comment