BREAKING NEWS

රටතොට

Sunday, December 14, 2014

කට වහගෙන ඉඳපල්ලා. නැත්නම් රෙදි ගැලවෙන්න දෙනවා....!!!

 අද රාජපක්ෂ පවුල් ගසට උඩින් කුරුල්ලකුටවත් පියාඹා යෑම තහනම් ය. බලයේ කේන්ද්‍රය දූෂණයේ ද කේන්ද්‍රය බවට පත්ව තිබේ.
රාජපක්ෂ ආණ්ඩුව සහ පාලනය යනු තනිකරම ජාවාරමකි. හම්බු කර ගැනීම රාජපක්ෂ පාලනයේ සෑම කටයුත්තකම මූලික අරමුණයි.


 ‘මං ගෙනාවේ ගෝඨාභය විතරයි, චමල් සහ බැසිල් ගෙනාවේ බණ්ඩාරනායකලා’යැයි ජනාධිපති රාජපක්ෂ පවුලේ පාලනය ගැන කියන්නේත් ආරක්ෂාකාරී පසු පාදයේ ක‍්‍රීඩා කරන විලාසයෙනි. එනමුත් නාමල් බේබි ගෙනාවේ කව්දැයි ඔහු කියා නැත. ශෂින්ද්‍ර රාජපක්ෂ මහ ඇමැතිකමටත් කතරගම බස්නායක නිලමේකමටත් ගෙනාවේ කව්දැයි ඔහු කියා නැත. රාජපක්ෂ මහරජාණෙනියැයි සිය දියණිය ලවා ගීයක් ගැයවූ ඒ.එස්.පී ලියනගේට තානාපතිකමක් දුන්නේ ඇයිදැයි ඔහු කියා නැත. කෝටි ගණනින් මහජන මුදල් ගිලින එයාර් ලංකා ගුවන් සේවයේ ප‍්‍රධානියා ලෙස සිය ආර්යාවගේ මළණ්ඩි පත්කළේ තමා බව ඔහු කියා නැත.



බොහෝ කලකට පෙර දකුණු පළාතේ සැරවැර මිනිසුන්ට නම ගිය ගමක නෑගමන් ගොස් සිටින අතරතුර මහා ඝෝෂාවක් ඇසුණි. බලමු බලමුයැ’යි කවුරුත් උනන්දු වූහ. අසල නිවෙස් දෙකක ආරවුලකි. වැටෙන් මෙහා කණ්ඩායමක් ද වැටෙන් එහා කණ්ඩායමක් ද වූහ. වැටෙන් එහා සිටියේ චණ්ඩි ගැන්සියයි. එය මෙහෙයවූයේ තරබාරු ස්ත‍්‍රියකි. මෙහා පැත්තේ සිටියේ පිරිමි ගැහැනු පිරිසකි. තරබාරු ස්ත‍්‍රිය මහ හඬින් හොඳවායින් කියා ගෙන යයි. ඇය කියන්නේ ම ‘තොපේ ඉලව් ඔක්කොම මං දන්නවා. කට වහගෙන ඉඳපල්ලා. නැත්නම් රෙදි ගැලවෙන්න දෙනවා.’ කියා ය. ඒ අතරවාරයේ ඇය තිත්ත කුණුහරුප ද ඇතුල් කරයි. ඇය සිය ඝෝෂාව අවසන් වූ වහාම පසුපසට හැරී කෑගහපල්ලායැ’යි විධානයක් දෙයි. එවිට කොල්ලෝ කුරුට්ටන්ගේ සිට මදාවි වයසේ සිටින රංචුවක් බෙලෙක්කවලට ගසමින් මහා ශබ්ද පූජාවක් පවත්වති. ඇඟිලිවලින් කළ යුතු දේ පෙන්වයි. ඒ අනෙක් පාර්ශ්වයේ හඬ බියගැන්වීමට සහ යටපත් කිරීමට ය. විනාඩි කිහිපයකින් පසු තරබාරු ගැහැනිය යළි සුද්ද සිංහලයෙන් දෙසන්න පටන් ගනී.
පසුව දැනගන්නට ලැබුණේ ඇය කසිප්පු ජාවාරම්කාරියක බවත් ඇගේ අතවැසි පිරිස කසිප්පු කල්දේරම් වටා කැරකෙන ආතක් පාතක් නැති රංචුවක් බව ය.
මේ අපූරු සිදුවීම යළි මැවුණේ ශ‍්‍රී ලංකාවේ පළමු පුරවැසියා වන මහින්ද රාජපක්ෂ කී, දැන් ජනවහරක් බවට පත්ව ඇති ෆයිල් කතාව නිසා ය. ඔහු අර තරබාරු ස්ත‍්‍රිය මෙන් නොව රටේ රාජ්‍ය නායකයා ය.

ඔහු කියා තිබූ කතාව දේශපාලන සමාජයට ගැළපූ විට ඇසෙන්නේ මෙසේ ය: ‘හලෝ මේ මෛත‍්‍රී, රාජිත, ගුණවර්ධන, තමුසෙලාගේ ෆයිල් මං ළඟ තියෙනවා. ඒත් මං ඒවා එළියට දාන්නේ නෑ, ඒත් දන්නවනේ මගේ හැටි.’
රාජපක්ෂගේ කතාවත් අනතුරුව ඔහුගේ ඝෝෂක හොරණෑකරුවන්ගේ කෑකොස්සන් ගැසීමත් අර තරබාරු ස්ත‍්‍රිය සහ මදාවි රංචුව අතරත් ඇති වෙනස කාලය, ස්ථානය සහ භාෂාව අතර පමණි. හරයෙන් කතා දෙකම සමානය.

ජනාධිපති රාජපක්ෂගේ එම තර්ජනයේ අර්ථය නම් තමා ඊළඟ පාර ජනාධිපති වූ විට මේ ලිපි ගොනු එළියට ගෙන රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට යන මැති ඇමැතිවරුන් හිරේ යවන බව ය. ලිපිගොනු එළියට ගෙන ඒවා අල්ලස් කොමිසමට බාර නොදෙන්නේ මන්දැයි ඇසු ප‍්‍රශ්නයට පළමු පුරවැසියාගෙන් උත්තරයක් නැත.
බොරු නඩු පටලවා සිය සේනාධිනායකයා හිරේ යවා ඔහු සතු සියලූ තනතුරු ගලවා දැමූ රාජපක්ෂට හැකියාවක් ඇතොත් වසර 40 ශ‍්‍රීලනිපයේ සිටි එහි මහ ලේකම්වරයා හිරේ යැවීම මහ කජ්ජක් නොවන බව කව්රුත් දනිති. අගවිනිසුරුවරිය බොරු චෝදනා මත පළවා හැරි රාජපක්ෂට ශ‍්‍රීලනිපය තුළ සිටින අවිශ්වාස පිරිස් එළවා දැමීම ද බලය ඇත්නම් එතරම් දෙයක් නොවේ.
ජනාධිපති රාජපක්ෂ මේ ගැහුවේ හාරත ආසියා වැනි ලොකුම තුරුම්පුවකි. ඔහු එම තුරුම්පුව ඇද පෙන්වූයේ ආණ්ඩුවෙන් එළියට ආ පිරිසට ම නොව යම්දෝ නොයම්දෝයැයි දෙගිඩියාවෙන් පසුවන ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ය.


ඒ කෙසේ වෙතත් සෙල්ලම පටන් ගත් හැටියේම වාගේ සිය ලොකුම තුරුම්පුවක් ඇදදැමීමට සිදුවීමෙන් පෙනෙන්නේ රාජපක්ෂ දැනටමත් ක‍්‍රීඩා කරන්නේ පසුපස පාදයේ බවය. හරියට මුරලි පන්දු යවන විට නුහුරු පිතිකරුවන් කර කියා ගන්නට දෙයක් නැතිව පාද පසුපසට ගෙන බේරෙන්නට හදන පරිදි ය.
පසුපස පාදයේ ක‍්‍රීඩා කිරීම ආරක්ෂන පියවරකි. ප‍්‍රහාරක විලාසිතාවක් නොවේ. රැුවටෙන්න එපා, එදා සහ අද සංසන්දනය කරලා බලන්න, යනාදි ලාමක ටිං ටිං කතා ඇසෙන්නේ ආරක්ෂක පියවරකට මාරු වී සිටින නිසා ය.


මා ගැන ලිපි ගොනුවක් තියෙනවා නම් කරුණාකර එය එළියට දාන්න යැයි ආණ්ඩුවෙන් ඉවත්ව ආ ඇමැති නවින් දිසානායක කළ අභියෝගය කට නිසා නැහෙන කෙහෙළිය රඹුක්වැල්ලවත් බාරගත්තේ නැත. ඊටත් වඩා භයානක කතාවක් නවින් දිසානායක කීවේ ය. එනම් තමාට ආණ්ඩුවේම ඉන්නැයි කියා රුපියල් ලක්ෂ දහසක අල්ලසක් දෙන්නට මහා ව්‍යාපාරිකයන් ඉදිරිපත් වූ බවයි. ඔහු මේ මහා ජාවාරම්කාරයන් කව්රුන්දැයි නම් නොකළ නමුත් එම ව්‍යාපාරිකයන් කව්දැයි අනුමාන කිරීම අමාරු නැත. මේ වනාහි රාජපක්ෂ ආණ්ඩුවෙන් ඇදහිය නොහැකි තරම් ධනස්කන්ධයක් ගරාගත් කැසිනෝ සහ ඉදිකිරීම් ජාවාරම්කරුවෝය.

රුපියල් මිලියන දෙකකින් ගොඩනැගිය හැකි මහා මාර්ග කිලෝමීටරයකට මිලියන 16ක් වැය කරන්නේ ඇයිදැයි ද ඔහු අසා තිබුණි. ඊට ද කට නිසා නහින කෙහෙළිය ඇමැති පිළිතුරක් දුන්නේ නැත.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එතනෝල් සහ කුඩුකාරයන්ට යටවී ඇතැයි ඇමැති ජනක තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ කී කතාව ගැන අසන විට ඇමැති නිමල් සිරිපාල කියන්නේ ඒ ගැන ජනක ඇමැතිතුමාගෙන්ම අසාගන්න කියා ය. ඔක්කොම දැන් ක‍්‍රීඩා කරන්නේ පසු පාදයේ ය.


‘මං ගෙනාවේ ගෝඨාභය විතරයි, චමල් සහ බැසිල් ගෙනාවේ බණ්ඩාරනායකලා’යැයි ජනාධිපති රාජපක්ෂ පවුලේ පාලනය ගැන කියන්නේත් ආරක්ෂාකාරී පසු පාදයේ ක‍්‍රීඩා කරන විලාසයෙනි. එනමුත් නාමල් බේබි ගෙනාවේ කව්දැයි ඔහු කියා නැත. ශෂින්ද්‍ර රාජපක්ෂ මහ ඇමැතිකමටත් කතරගම බස්නායක නිලමේකමටත් ගෙනාවේ කව්දැයි ඔහු කියා නැත. රාජපක්ෂ මහරජාණෙනියැයි සිය දියණිය ලවා ගීයක් ගැයවූ ඒ.එස්.පී ලියනගේට තානාපතිකමක් දුන්නේ ඇයිදැයි ඔහු කියා නැත. කෝටි ගණනින් මහජන මුදල් ගිලින එයාර් ලංකා ගුවන් සේවයේ ප‍්‍රධානියා ලෙස සිය ආර්යාවගේ මළණ්ඩි පත්කළේ තමා බව ඔහු කියා නැත.

අද රාජපක්ෂ පවුල් ගසට උඩින් කුරුල්ලකුටවත් පියාඹා යෑම තහනම් ය. බලයේ කේන්ද්‍රය දූෂණයේ ද කේන්ද්‍රය බවට පත්ව තිබේ.

රාජපක්ෂ ආණ්ඩුව සහ පාලනය යනු තනිකරම ජාවාරමකි. හම්බු කර ගැනීම රාජපක්ෂ පාලනයේ සෑම කටයුත්තකම මූලික අරමුණයි. ෆයිල් කතාව විසින් සංකේතවත් කරන්නේ මෙකී ජාවාරම්කාර සංස්කෘතියේ දුර්ගන්ධය යි. රාජපක්ෂ පාලනය සිය අනුගාමිකයනට හොරාකෑමට ඉඩ හරී. එහෙත් ඒ හොරාකෑමේ සවිස්තරාත්මක ලිපි ගොනුවක් සිය සේප්පුවේ ඉබි යතුරු ලා සුරකියි. මේ වනාහි දාමරික මාෆියා ලොක්කකුගේ වර්යාව මිස ප‍්‍රතන්ත‍්‍රවාදී නායකයකුගේ චර්යාව නොවේ.
අර කසිප්පු ජාවාරම්කාර තරබාරු ස්ත‍්‍රිය යළි සිය මනෝකායෙන් හෝ පැමිණ සිය සුද්ද සිංහල දේශනය යළි ආරම්භ කළහොත් මෙසේ කියන්නට ඉඩ තිබේ. ‘බැල්ලිගෙ පුතෝ, තොගේ ෆයිල් එක මං ගාව තියෙනවා. ඒක එළියට දාන්න ඉස්සෙල්ලා යටත් වෙයල්ලා, කොල්ලනේ බල්ලනේ පටන් ගනියව් ජන්ද ඝෝෂාව.’
හුහ් හු හූහූහූ …………
සුනන්ද  දේශප්‍රිය

ඔහුගේ මතවාද සහ හැසිරීම් හා අප කිසිම විටෙක ඵකඟ  නොවූවත්  ඉහත  ඔහුගේ අදහස් ප්‍රකාශණය අප තෝරා  පළ කරනුයේ  ඵහි ඇති  කාළීන  වටිනාකම  අප දුටු නිසාවෙනි....  රාවය  ට  අපගේ  ස්තූතිය  මේ සමග...

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger