ටවුන්හෝල් බෝම්බ සිද්ධිය පිළිබඳව මා ඇති කරගෙන තිබෙන සැකය සත්‍යයක් නම් ජනාධිපතිනියට කිසිදු අනතුරක් නොවන රංගනයකින් ලැබෙන වාසියට වඩා වැඩි වාසියක් අනතුරක් සිදු වූ මෙම රංගනයෙන් ලැබුණේ යැයි කිව හැකිය.ඒ නිසා රංගනයට අව්‍යජ පෙනුමක් ලැබුණේය.එම බිහිසුණු සිද්ධිය, ඇය කෙරෙහි විශාල මහජන අනුකම්පාවක් ඇති කිරීමට හේතු විය.
එසේම එම සිද්ධිය විසින් ඇති කර තිබුණු උද්වේගකර වාතාවරණය , සැලසුම් කර තිබුණු ජන්ද මංකොල්ලකෑමේ වැඩපිළිවෙළ බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට කදිම වටපිටාවක් ලබා දුන්නේය.
ඇය ජනාධිපතිවරණයට මාස තුනක් තිබියදී අධිකරණය සිය ආධිපත්‍යය යටතට ගැනීම සඳහා එවකට නීතිපති ධුරයේ සිටි සමීපතම හිතවතෙකු අගවිනිසුරු ධුරයට පත් කළාය.ඇය අගවිනිසුරු ධුරයට ගෙනා සරත් නන්ද සිල්වාට එරෙහිව ඔහු එම ධුරයට පත් කරන අවස්ථාව වන විට දුෂණ චෝදනා මත ශේෂ්ඨාධිකරණය පරීක්ෂණ දෙකක් ආරම්භ කර තිබුණු අතර , ඇය ඔහු එම ධුරයට ගෙනාවේ එම පරීක්ෂණ දෙක අවසන් කරන්නට ඉඩක් නොලැබෙන අකාරයටය.එම පැමිණිලි දෙකෙන් එකක පැමිණිලිකරු වුයේ මාය.
Post a Comment