රටට සෞභාග්‍යයේ රන් දොරටුව විවෘත කර දිය හැක්‌කේ රටේ සැබෑ දේශීයත්වයෙන් ගෝලීය ආර්ථිකයට තට්‌ටු කිරීමෙනි. ඔබ ඔබේ සර්ව ජන ඡන්දය සලකුණු කිරීමේදී මේ පිළිබඳව වරක් නොව දෙවරක් නොව තෙවරක් සිතන්න.
පොදුවේ සියලු ජාතීන්ගේ පවුල් කඩාවැටෙමින් පවතින අතර තව තවත් ජනයා සංක්‍රමණිකයෝ සහ සරණාගතයෝ බවට පත්වෙමින් සිටිති. සමහර පවුල් රට තුළ නොයෙක් දිස්‌ත්‍රික්‌කවල සරණාගතයන් බවට පත්වෙද්දී තවත් කොටසක් වෙනත් රටවල සරණාගතයන් වී ඇත.
මිනිස් සංහතිය 20 වැනි සියවස පසුකර 21 වැනි සියවසට ළඟාවෙත්දී අප ජීවත් වන පුංචි රටේ අපි දේශපාලන ප්‍රචණ්‌ඩත්වයේ සහ ස්‌වයං විනාශයේ නිරන්තර තර්ජනයට ලක් වී තිබීම කනගාටුවට කරුණකි.
මව්බිමේ අනාගතය...!!!
ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප පැමිණ සිටින්නේ අප ජීවත් වන රටේ ආර්ථික, සමාජයීය, සංස්‌කෘතික හා ජාතීන් අතර සහයෝගීතාව සහ ආගමික සහජීවනයත් රටේ පාරිසරික සෞඛ්‍යත්, පිළිබඳ තීරණාත්මක අවස්‌ථාවකටයි.
මිනිස් සංහතිය 20 වැනි සියවස පසුකර 21 වැනි සියවසට ළඟාවෙත්දී අප ජීවත් වන පුංචි රටේ අපි දේශපාලන ප්‍රචණ්‌ඩත්වයේ සහ ස්‌වයං විනාශයේ නිරන්තර තර්ජනයට ලක් වී තිබීම කනගාටුවට කරුණකි.
අපේ සහෝදර ජනයා නොයෙක් වසංගත ලෙඩ රෝග හා නොයෙක් තිරසර නොවන සංවර්ධන යෝජනා ක්‍රම හේතුවෙන් දසදහස් ගණනින් අතරමං වී ඇත.
පොදුවේ සියලු ජාතීන්ගේ පවුල් කඩාවැටෙමින් පවතින අතර තව තවත් ජනයා සංක්‍රමණිකයෝ සහ සරණාගතයෝ බවට පත්වෙමින් සිටිති. සමහර පවුල් රට තුළ නොයෙක් දිස්‌ත්‍රික්‌කවල සරණාගතයන් බවට පත්වෙද්දී තවත් කොටසක් වෙනත් රටවල සරණාගතයන් වී ඇත.
තවත් කොටසක් මහා සාගරයේ අතරමං වී දින ගණනකට පසුව අත්අඩංගුවට පත්වීම සතිපතා සිදුවෙමින් පවතී.
ඒ අතර රට තුළ ජාති හා ආගම් පිළිබඳ අසංවේදී බව, තණ්‌හාව, ක්‍රෝධය හා මානුෂික සම්බන්ධතා පළුදු කරමින් ජාතීන් අතර බිය හා අනාරක්‌ෂිත බව වැඩිවෙමින් පවතී. "නීතියේ බලපෑම", "භීතියේ බලපෑමකට" පත්කර ඇත.
සෑම වසරකම වර්ෂාවෙන් අස්‌වද්දන ගොවි බිම් හෙක්‌ටයාර් ගණන් පුරන්වෙමින් පවතී. සමහර ගොවි බිම් තවත් වසර සිය ගණනකට ගොවිතැන සඳහා නුසුදුසු අයුරින් විනාශ වී ඇත. එමෙන්ම රටේ නොයෙක් ප්‍රදේශවල ජීවත් වන ගොවි ජනතාවගේ සාම්ප්‍රදායික ඉඩම්වලට එරෙහිව නානා තර්ජන එල්ල වී ඇත.
අද රටවැසියන් මුහුණදී තිබෙනුයේ ජීවත් වීමේ හැකියාව පිළිබඳ තීරණාත්මක අවධියකටය. සමහර රටවැසියන් නිරාහාරවම රාත්‍රිය පහන් කරන අතර සමහර රටවැසියන් බීමට පිරිසිදු වතුර නොමැතිකමින් තම ජීවිත ආණ්‌ඩුවේ වෙඩි උණ්‌ඩයට පූජා කරමින් සිටි.
තවත් සමහර රටවැසියන් බීමට, නෑමට ජලය සොයා සැතපුම් 3, 10 දුරක් පයින් යන අතර තවත් පිරිසක් තම කණකර උකස් තැබීමට රට පුරා බැංකු සොයා නගර පීරති.
ආර්ථික හා සමාජ අභියෝග විසින් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන ජීවිතයට හා සෞඛ්‍ය ජීවිතයට එල්ල කර ඇති තර්ජන දෙමාපියන්ට පාලනය කරගැනීමට නොහැකි තරම් දරුණු වී ඇත.
රටේ පාරිසරික සෞඛ්‍ය පිරිහීමෙන් ළමා පරපුර එසේ නැතහොත් අනාගත පරපුර මහත් වූ ව්‍යසන රාශියකට මුහුණදී ඇත්තේ ලක් ඉතිහාසයේ කිසි දිනක නොවූ අයුරිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වයස 05 සිට 18 දක්‌වා ළමුන් පිළිබඳ කළ නොයෙක් පර්යේෂණ වාර්තාවල සඳහන් වනුයේ වැඩිහිටියන්ට වඩා වයස අවුරුදු 05 ට අඩු ළමයින්ගේ සෞඛ්‍යට පාරිසරික සෞඛ්‍ය ඉතා තීව්‍රරව බලපාන බවයි.
කුඩා දරුවන් වැඩිහිටියන්ට වඩා හුස්‌ම ගන්නා බැවින් ළමයින්ගේ පෙනහළුවල තිබෙන සෛල වර්ග 40 ටම වායු දූෂණය Rජුව බලපා ඔවුන්ගේ වර්ධනය දුර්වල වන බවත් ඇදුම, හිසරදයට අමතරව නොයෙක් පපුවේ අමාරු මෙන්ම තවත් බොහෝ සෞඛ්‍ය තර්ජන නිසා ළමා පරපුර දිනෙන් දින ඉතා සංකීර්ණ මාරාන්තික රෝග ජාලයට මුහුණදී තිබෙන බව එහි සඳහන්ය.
මෙවැනි පර්යේෂණ වාර්තා සිය ගණනක් ඇත. සැබවින්ම අපේ රටේ ළමා පරපුරේද ජීවිත පිළිබඳ වූ අවධානම 100% වඩා ඉහළට ගොස් තිබෙන බව දක්‌නට ලැබීම ඉතා කනගාටු දායකය.
ඡේ. ආර්. ජයවර්ධන මැතිඳුන් June 1945 in San Francisco, United States හිදී කළ කතාවෙන් ලෝක ජාතීන් අතර දළුලමින් තිබූ අසහනය තුරන් වී සාමයේ පිනිබිඳු ලොවට පතිත විය.
ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා Abraham Lincoln: Gettysburg Address ගැටිස්‌බේග් හිදී කළ ඓතිහාසික කතාවෙන් අදත් ඒ රටවල ජාතීන්ට මහත් වාසනාවක් වී ඇත.
නමුත් අප තීරණාත්මක මොහොතේ සිහියට නඟා යුත්තේ තම ජනවහරේ කතාවලින් ජර්මානු ජනතාවට ඇඩෝලොප් හිට්‌ලර් කළ මහා විනාශයයි.
රටක නායකයකුගේ කතාවලින් රටක් යහපාලනයේ යෙදවීමටත්, රටක් ජාති හා ආගමික අන්තවාදයේ ගිල්වා විනාශ කිරීමටත් හැකි බව ඔබට පැහැදිලි වනු ඇත.
අපේ රටේ පාලකයන් ළමා පරපුර එසේ නැතහොත් අනාගත පරපුර ගැන ජනවහරින් සංවේදී කතා පැවැත්වුවත්, රටේ ළමා පරපුරට බලවත් ලෙස වින කරන ළමා මන්දපෝෂණය වසරින් ඉහළ යැම බලවත් තර්ජනයකි.
ඒ අතරම මුල් ළමා විය පිළිබඳ ජාතික සැලැස්‌මක් ක්‍රියාත්මක නොවීම, රටේ විභාග ක්‍රියාවලියේ විශ්වාසය පළුදු කිරීම, ආදී නොයෙක් උපක්‍රම මගින් නිදහස් අධ්‍යාපනය ඉතා සැලසුම් ගතව විනාශය කරා තල්ලු කිරීම ඉතා ක්‍රමවත්ව රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබීම රටේ නිදහස් අධ්‍යාපනයට මරු පහරකි.
නැපෝලියන් අධිරාජයාගේ පවා පිළිගැනීම වූයේ සියලු දේශපාලන කටයුතුවලට පෙර අධ්‍යාපනයට මුල් තැන දිය යුතු බවයි.
නමුත් අද අපේ රටේ සිදුවනුයේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමය. ඊට හොඳම උදාහරණවනුයේ පංති තහනම් වන ශිෂ්‍ය පිරිස ඉහළ යැමත් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ නොයෙක් සාමකාමී උද්ඝෝෂණයන්ය. එමෙන්ම රටේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය මුදල් ආයෝජනය නොකිරීමය.
ලොවම පිළිගත් වැදගත්ම කාරණයක් වනුයේ ඕනෑම රටක පරම සම්පත වන මිනිස් සම්පත දියුණු කිරීමය.
රටේ තරුණ පරපුර ලෝක දැනුම් ආර්ථිකයට සූදානම් කිරීමෙන් රටට සිදුවන යහපත කෙතරම්ද?
රටක තරුණ පරපුර ගෝලීයකරණයේ දැනුම් වෙළෙඳපොළ වෙත යොමු කිරීමෙන් ගමේත්, රටේත්, ආර්ථික, සමාජ යන අංශ දෙකම ඉහළ යනු ඇත. සැබැවින්ම රටක සංවර්ධනයේ අත්තිවාරම් අධ්‍යාපනය බව වත්මන් රජය අමතක කර අනාගත පරපුරට අනාගත පරපුරට යෑයි කතා පවත්වමින් අනාගත පරපුරට උරුම කරනුයේ රටේ අති විශාල ණය පොළයි
රටේ රෝහල් ජාලයට නොයෙක් නොයෙක් ප්‍රකෝටි ගණන් වටිනා දැවැන්ත ගොඩනැඟිලි ඉදිකරමින් තිබුණත් රටේ කාන්තා පරපුරට, ළමා පරපුරට, වැඩිහිටියන්ට අවශ්‍ය බෙහෙත් වර්ග මිලදී ගැනීමට සිදුව ඇත්තේ ෆාමසිවලිනි.
අද ලංකාවේ ජීවත් වන ජනගහනයෙන් 80%ක් පමණම උපයනු ලබන්නේ රටේ ආදායමින් 20% පමණි. දේශපාලනයට සම්බන්ධ 15%ක් පමණ පවුල් විසින් රටේ ආදායමින් 80%ක් පමණ උපයයි. රටේ ආදායම් බෙදී යැමේ අසමානතාව 100%ක් දක්‌වා ඉහළ ගොස් ඇති බව මින් පැහැදිලිය.
ලංකාවේ අද පවතින සියලු ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව ඉතා සුළු පිsරිසක් අතරේ රටේ ධන සම්පත් ඒකරාශී වීමය.
එම නිසා අද වන විට රටේ සර්වජන ඡන්ද බලය උක්‌ත සුළු පිරිස් විසින් මුදලට මිලදී ගෙන ඇත. සර්ව ජන ජන්ද බලය හිමි සාමාන්‍ය ජනයා දූෂිත ධනපතියන්ගේ වහලුන් බවට පත්කර ගෙන ඇත.
රටේ ජනතාව විශේෂයෙන් නාගරිකව ඉහළ යන ජනගහන වර්ධනයට සාපේක්‌ෂව සිදුවන සමාජ වෙනස්‌වීම් වලට රජයේ කිසිම අවධානයක් නොමැත.
සැබවින්ම ශීඝ්‍ර ජනගහනය හා නාගරිකකරණය නිවැරැදිව කළමනාකරණය කරගැනීම කුමන හෝ රජයක් අසමත් වුවහොත් ජනගහනය අනෙක් සියලු ආර්ථික ලාභ ගිල දමනු ඇත. මාක්‌ස් පෙන්වා දුන් පරිදි ප්‍රාග්ධන රැස් කිරීම නැමැති තරගකාරිත්වය විසින් පොළඹවනු ලබන වඩදිය රැල්ල නිරන්තරයෙන් නව සීමාවන් සොයා යයි.
කෘෂිකර්මය, දුප්පත්කම හා පරිසරය පිළිබඳ අවධානය යොමු කිරීමේදී පැහැදිලි වනුයේ වැඩි වැඩියෙන් එකම භෝගය වගා කිරීමෙන් රටේ පස හා ජලය විනාශ වී ඇති බවය.
වසර 20 ක් පමණ කාලයක සිට වර්ධනය වූ මෙකී ක්‍රියාවලිය නිසා අපේ රට පුරා වකුගඩු රෝගය පැතිරෙමින් තිබෙන අතර රට සිසාරා සියලු වැව්වල හා ජලාශවල ජලය විෂ වීමේ තර්ජනයට රට පත් වී ඇත.
රට පුරා ආර්ථික සරණාගතයන් මෙන්ම පාරිසරික සරණාගතයන්ද අති විශාල ලෙස වසරක් පාසා වැඩිවෙමින් පවතිනු දක්‌නට හැක.
දේශපාලන විද්‍යාඥ බර්ට්‍රම් ග්‍රෝස් (Bertram Myron Gross) තම මිත්‍රශීලී ඒකාධිපතිවාදය යන අදහස දෙන FRIENDLY FASCISM යන කෘතියේ විස්‌තර කරනුයේ සෘජු බලයට වඩා මනෝවිද්‍යානුකූල බලපෑම මිනිසුන් හැසිරවීමේදී බලවත් බවයි.
බලවත් ෆැසිස්‌ට්‌වාදී දේශපාලකයන්ගේ බලය රැකගැනීමේදී මෙය තදින්ම බලපාන බවත් එය ආර්ථික අසමානතාවය, නීතිය අක්‍රියවීම, ද රටේ සම්පත් සොරා කෑම, ජාතිය ලෝකයාට උකස් තියමින් ණය වීම, පරිසරය විනාශ වීම, අධ්‍යාපනය පුද්ගලිකකරණය ආදී කරුණු ක්‍රියාත්මක වුවත්, ඒවා එසේ සිදුනොවන සේ ඒත්තු ගැන්වීමට හැකි තරම් බලවත් බවය.
අපේ රටේ ද දැන් සිදුවනුයේ එයයි.
ලංකාවේ සිදුවෙමින් පවතින්නේ බර්ට්‍රම් ග්‍රොස් තම කෘතිය පුරා විස්‌තර කරන තත්ත්වයට 100% සමාන තත්ත්වයක්‌ය.
ඉංග්‍රීසි ලේඛක ඇල්ඩස් හැක්‌ස්‌ලි 1932 දී රචිත BRAVE NEW WORLD කෘතියෙන් විස්‌තර කළ නව ඒකාධිපතිත්වයට සම කළ හැකි රටක් බවට අපේ රට අද පත් වී ඇත.
හැක්‌ස්‌ලි කියන පරිදි 'එවැනි ඒකාධිපති සමාජයක් තුළ මිනිසුන් පාලනය කිරීමට බල කිරීමක් අවශ්‍ය නැත. ඔවුන් තම' වහල් බවට, ආශා කරති, යනුවෙනි.
'ගෝලීයව සිතමින් දේශීයව වැඩකරන්න' (Think Globally - Act Locally (WCED 1987) යන තේමාව යටතේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ ලෝක කොමිෂන් සභා වාර්තාව හෙවත් අපේ පොදු අනාගතය (Our
Common Future) නැමති කෘතියෙන් උත්සාහ කර ඇත්තේ මුළු පෘථිවියම එක වහලක සෙවණ යටතට පැමිණ ඇති හෙයින් සියලු ජාතීන් එකා මෙන් සංවිධානය වී තම අභියෝග ජය ගතයුතු බවයි.
ගෝලීය සන්දර්භයකින් නොසිතා අද්‍යතන සමාජ ආර්ථික, මානව ක්‌ෂේත්‍ර සංවර්ධනය සිදු කළ නොහැකිය.
නමුත් අපේ රටේ වත්මන් පරපුරේ සහ අනාගත පරපුරේ අවාසනාවට දැන් සිදු වනුයේ දිනාගත් ලෝක ආර්ථිකය අපෙන් ගිලිහී යාමය.
පැරණි ලෝක සිතියම්වල ශ්‍රී ලංකාවට හිමි වූයේ සුවිශේෂීය ස්‌ථානයකි. ක්‍රි. පූ යුගයේ ටොලමිගේ සිතියමෙහි අපේ රට විශාල දූපතක් වශයෙන් හඳුන්වා -"ටැප්රෝබෙන්" නමින් හඳුන්වා ඇත.
අරාබි සිතියම් වල "සෙරන්ඩිබ්" නමින්ද චීන සිතියම් වල -"පෙයිලොලි" නමින්ද පෙන්වා ඇත.
ශ්‍රී ලංකාව පිළිබඳ පෙර අපර දෙදිග බාහිර ලෝකයේ පැවති දැනුමේ ව්‍යාප්තිය මේවා තුළින් හෙළිදරව් වන අතර, එයින් තහවුරු වනුයේ එම සමස්‌ත භූ කලාප සමගම අපේ රට ඇතිකරගෙන තිබූ යහපත් විදේශ සබඳතාවන්ය. එකලද ශ්‍රී ලංකාව ලෝකයේ නොයෙකුත් ජාතීන් සමග සංස්‌කෘතික, ආර්ථික, වාණිජමය, මෙන්ම දේශපාලනික සබඳතා දැක්‌වූ බවට සමස්‌ත පැරණි ඉතිහාසයම සාක්‌ෂි සපයා ඇත. ඒ අනුවත් සක් සුදක්‌සේ පැහැදිලි වනුයේ විදේශ සබඳතා යනු කුමන්ත්‍රණ නොවන බවය.
රටට සෞභාග්‍යයේ රන් දොරටුව විවෘත කර දිය හැක්‌කේ රටේ සැබෑ දේශීයත්වයෙන් ගෝලීය ආර්ථිකයට තට්‌ටු කිරීමෙනි. ඔබ ඔබේ සර්ව ජන ඡන්දය සලකුණු කිරීමේදී මේ පිළිබඳව වරක් නොව දෙවරක් නොව තෙවරක් සිතන්න.
දේශප්‍රිය නානායක්‌කාර
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment